ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාවේ සිව්වැනි දිනය නිමාකරමින් අද (31) නිට්ටඹුවේ සිට පැමිණි පෙළපාළිකරුවෝ රාත්‍රී 9 පමණ වන විට කිරිබත්ගොඩ නගරයට ළඟා වූහ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද කොළඹ නුවර පාරේ ට්‍රැක්මෝ හංදියෙන් පාගමනට එකතු වූ අතර කිරිබත්ගොඩ දක්වා පිරිස සමග පැමිණියේය.
සඳුදා (1) පාද යාත්‍රාවේ අවසන් දිනය වන අතර කිරිබත්ගොඩ නගරයෙන් පෙරවරු 9ට ආරම්භ කිරීමට නියමිත අතර එය කොළඹට ළඟාවීමෙන් පසු හයිඩ් පිටියේ රැලියක් පැවැත්වීමටද යයි.
ඡායාරූප - කෞශල්‍ය සමින්ද



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පා ගමනට පස්සේ බලන්න කඩවත නගරයට වෙලා තියෙන දේ. හැමතැනම හිස් බෝතල්, ෂොපින් බෑග්, කොමඩු ලෙලි. මේවා අස්කරන්නේ කවුද? එ්ත් දාපු කොඩි ටික විතරක් ගළවගෙන ගිහින්. කාටද මේවා කියන්නේ? (නි)
මේ පාගමනකින් මොකක්ද වෙන්නේ කියලා කාටවත් හරියට පැහැදිලි නැහැ. පාගමන් යන්න තව කාලය තිබෙනවා. කලබල වුණා වැඩියි වගේ. (නි)
රාත්‍රී ගමන් බලාගෙනයි, පරෙස්සමින්! (නි)
මගේ උත්තමචාරය ඔබ සැමට .(රේ)
ඔබ සැමට මගේ උත්තමාචාරය.(හේ)
ඔන්න බලන්න දැන් මේ යාත්‍රාව ගිහින් රැස්වීම තිබ්බ ගමන් මේ ආණ්ඩුව කඩා වැටෙනවා. ඊටපස්සේ ඡායා කැබිනට් එක දිවුරුම් දෙනවා. එ්කේ තනිකරම මහත්වරු දේශප්‍රේමියෝ ඉන්නේ. රට එතකොට සුඛිත මුදිත වෙනවා. හිනා යන්නේ නැද්ද කියන්නකෝ (නි)
පාද යාත්‍රා යන්නේ ආණ්ඩු වට්ටන්නම නෙමෙයි. තමන්ට තියෙන ජන බලය පෙන්වන්න. (නි)
පීරිස් මහත්තයෝ, නඩු වලින් බේරිලා හිරේ නොයා ඉන්නේ කොහොමද? (නි)