පකිිස්ථාන යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රහීල් ෂරීෆ් මහතා ඇතුළු දුත පිරිසක් සිව් දින නිල සංචාරයක් සදහා අද සවස විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.
දිවයිනට පැමිණි දුත පිරිස අතර ජෙනරාල් රහීල් ෂරීෆ්ගේ බිරිද බිගුම් ෆාරිහා රහීල් මහත්මිය, මේජර් ජෙනරාල් අසාර් අබ්බාස්, , කර්නල් මොහොමඩ් කුසීම් සහ කපිතන් උමේර් සජාඩ් සමන් යන නිලධාරීහු වෙති.
කටුනායත ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නයනා ද සිල්වා මහත්මිය විසින් දිවයිනට පැමිණි පකිස්ථානු යුද හමුදා ප්‍රධානී ජෙනරාල් රහීල් ෂරීෆ් සහ බිගුම් ෆාරිහා රහීල් මහත්මියව ඉතා උණුසුම් අයුරින් පිළිගත්හ.
ජෙනරාල් රහීල් ෂරීප් මෙහි රැදී සිටින කාලය අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුලු මෙරට මැති ඇමතිවරුන් සහ ආරක්ෂක ප්‍රධානීන්ද හමුවීමට නියමිතය.
එමෙන්ම ජෙනරාල් රහීල් ෂරීෆ්ට හෙට (6) සෙනසුරාදා උදෑසන යුද හමුදා මූලස්ථානයේ දී ආචාර සම්මාන මුරයක් ද පිරිනැමීමට නියමිත අතර, යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් බිගුම් ෆාරිහා රහීල් මහත්මිය පිළි ගැනීමේ උත්සවයක් ද සංවිධානය කර ඇත.
තවද, පකිස්ථාන යුද හමුදා ප්‍රධානියා මෙම සංචාරය අතරතුර දියතලාව යුද හමුදා විද්යා පීඨයේ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීමට නියමිත අතර, මහනුවර දළදා මාළිගාව නරුඹීමට ද නියමිතය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පකිස්තානය අපේ රටට බොහොම වැදගත් රටක්. රාජතාන්ත්‍රික වශයෙන් අපේ හැම කටයුත්තකටම සහයෝගය දුන්නේ දෙන්න ඉන්නේ මේ වගේ රටවල් තමයි. (ර)
සමන්, එහෙමද? මට මතක් වෙනවා කලකට ඉහිත මුෂාරෆ් ලංකාවට ඇවිල්ල ආපහු යන්න ගිහින් වෙච්ච සංහිදිය. මිනිහා අන්තිමට රටේ බලය අල්ල ගත්තා නොව. (නදී)
මුළු හදින්ම අප සමඟ සිටින අපිට වටින රටක් (නි)
ඔහු ඉතාම ජනප්‍රිය කෙනෙක් සාමාන්‍ය පකිස්තානුවන් අතර. අද උදේ සිටම අප සමාගමේ සේවය කරන පකිස්තානුවන් මට කිවුවා ඔහු ප්‍රවේශමෙන් නැවත සිය රට එවන ලෙසට (නි)