කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත් අඩංගුවට ගෙන මීගමුව රෝහලට ඇතුලත් කළ පකිස්ථාන ජාතිකකයා හෙරොයින් කරල් 34 ක් ගිල දමා මෙරටට පැමිණ ඇති බව ගුවන් තොටුපල පොලිස් මත් ද්‍රව්‍ය ඒකකය කියයි.
එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 60 ක් බව ගණන් බලා ඇත.
පසුගිය 27 වෙනිදා රාත්‍රියේ ශ්‍රී ලංකන් ගුවන්සේයට අයත් යු.එල් 184 දරණ ගුවන් යානයෙන් මොහු පකිස්ථානයේ කරච්චි නුවර සිට මෙරටට පැමිණ තිබිණි.
ඔහුගේ හැසිරීම අනුව ගුවන් තොටුපල පොලිස් මත් ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් සැකපිට අත් අඩංගුවට ගෙක එක්ස් කිරණ පරික්ෂාවක් කිරීමේදී ඔහුගේ උදරයේ කිසියම් කිසියම් දෙයක් ඇති බව අනාවරණය කරගෙන ඇත.
පසුව ඔහු මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මෙම හෙරොයින් කරල් ඉවතට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරල් ටික ඉවත් කරලා දිය කර ඔහුටම බොන්න දුන්නනම් හරි. (බ)
මේ මිනිසුන් සල්ලි වෙනුවෙන් ඕනෑම දෙයක් කරන හැටි? (නි)
අපේ ඉස්ලාම් ආගමේ කියා ඇති පරිදි මේවා ලොකු වැරදි,දෙවියන්ට විරුද්ධ දේවල් , එ් නිසා මොවුන්ට ඉහලම දඬුවම ලබා දිය යුතුයි. (ම)
ගිනි අවි සියයකට වැඩිය කුඩු ග්‍රෑම් දහයක් අනතුරු දායකයි. (බ)