මේ දිනවල ශ්‍රී ලංකාවේ පවතින නියඟය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට ආධාර පිණිස පාකිස්තානයෙන් ආධාර රැගත් විශේෂ ගුවන් යානයක් අද (8) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟාවිය.
පාකිස්තාන ගුවන් හමුදාවට අයත් එම යානයෙන් සුදු සහල් කිලෝ 25,000 ක් එවා ඇති බවත් ඉදිරියේදී තවත් යානයක් පැමිණීමට නියමිත බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. එම මධ්‍යස්ථානයේ නියෝජිත පිරිසක් ආධාර බාරගැනීමට ගුවන්තොටුපළට පැමිණ සිටියහ.
ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාල් කිලෝ 25000 ක් ගෙන්න විශේෂ ගුවන් යානයක් හාල් කිලෝ එකක් කීයක් වේද? (බ)
අරුණ, යුද්ධ කාලේ ලංකාවේද හිටියේ? නැත්නම් තවම ඉස්කෝලේ යනවාද? අපේ රට යුද්ධයෙන් අමාරුවේ ඉන්දැද්දී අපට ආයුධ වලින් උදව් කරපු ප්‍රධාන රට තමයි ඔය පාකිස්තානය. (නි)
මිතුරු තොමෝ දුක සැප යන දෙකේම එකට සිටී. යුද්ධයේදිත් අපට පිහිටවුණා. නියඟයේදීත් අපට පිහිට වෙනවා (නි)
නිමල් රාජපක්ෂ, අපි අවසාන යුද්ධයේදි ආධාර ගත්තේ පාකිස්තානයෙන්. හුඟක් රටවල් ඇමෙරිකාව ඉන්දියාව අහක බලගනිද්දී අපට උදව් කළ රට. ඒ කාලේ අපේ සිංහල මහා ප්‍රෞඪ හා අභිමානයක් ඇති ජාතියක් කිය කියා හිටියා නම් පාකිස්තානයෙන් ආධාර ගන්නේ නැතුව, අද ප්රභාකරන් කොළඹ රජකරනවා. (නි)
නුවන්, අතේ දුරින් තියාගන්න ඕනෑ රටවල් තමයි ඇමරිකාව වගේ රටවල්. මේ ගොල්ලෝ තමයි අපට උදව් කළේ හැම අවස්ථාවකදීම. යුද්ධ කාලේදී ආයුධ දුන්නා. ලෝක කුසලනේ අපිව කොන්කරපු අවස්ථාවේ අපේ රටට ඇවිල්ලා සෙල්ලම් කළා. මානව හිමිකම් ඡන්දෙදි අපට පක්ෂව ඡන්දෙ දුන්නා. දැන් නියඟයේදී අපට උදව් කරනවා (නි)
සමහරු අහනවා රෙදි ඇඳගෙනද මේවා ගන්නේ කියලා. ඔව් මේගොල්ලන්ගෙන් ගත්තට කමක් නැහැ. අපි රෙදි ඇඳගෙන තමයි අවසාන යුද්ධ කාලේදී ආයුධ ගත්තේ. (නි)
නාලක, මෙයාලා තමයි යුද්ධ කාලවලදී ඉන්දියාව සහ කොටි ගැන අපට හුඟක් ඔත්තු දුන්නේ පහුගිය කාලවල. එහෙම නැතුව අපට වින කරන අපිව බෙදන්න උත්සාහ කරන රටවල් නොවෙයි (නි)
අපේ මිනිස්සු තරම් හරිම කුහක ජාතියක් තවත් නැහැ. ඒ මිනිස්සු යුද්ධයේදි අවශ්‍යම මොහොතේ අාධාරකරනකොට හොඳයි. දැන් නිය ආධාර නරකයි. අනේ මෙහෙමත් මිනිස්සු (නි)
මිනිසුනේ, තිරිසනුන් වෙන්න එපා. බැරිවෙලාවේ එ් මිනිස්සු පිහිටට අාවම එ්කටත් ගරහනවා. අනික් රටවලිනුත් නුඹලා වගේ හිතුවොත් ලංකාවෙත් කාටවත් රටතට යන්න වෙන්නෙ නැහැ. මොකද මෙහෙ අයත් ලෝකේ තියන වැඩ ඔක්කොම කරනවා. ලංකාදීපෙන්ම කොච්චර දේවල් වාර්ථා කරනවද. පාකිස්තානය හැමදාම බැරි වෙලාවට ළඟින් හිටපු රටක්. (නි)
ඔය ටිකත් අැමතිලගේ ගෙවල් දොරවල් වල හංගාගත්තම හරි. විලිලැජ්ජාවක් නැති අයනේ (නි)
සමින්ද සහෝදරයා ,යුද්දය නියගය කියන්නේ දෙකක් බව මතක තියාගන්න ,නියගයට අපට පිළියම් ඕනෑතරම් තියනවා ,නමුත් එය ක්‍රියාත්මක නොකිරීම කණගාටු (බ)
කොහොමත් ලාංකිකයන්ට අතීතය මතක තියෙන්නේ ඉතා කෙටි කාලයයි (නි)
මේ මොන ලජ්ජා නැති වැඩක්ද ? අපිට සහල් හිඟ වෙළෙන්දෝ සහල් හංගපු නිසා . (අ)
පාකිස්තානයෙනුත් හිගාකන්ඩ ලංකාවට වෙලා. ලංකාවේ ගස්ටික කපල දැන් නියග ඇතිකරගෙන. ඔය සිංහල ජාතිය ගැන කෑගහන පොරවල් ෆේස් බුන් එකේ පාර්ට් දාන්නේ නැතිව ගහකොළ හිටුවොත් හොදයි දැන්ම ඉඳල. (අ)
එයාල ගත්ත ප්ලේන් වල සල්ලි තාම දීල නැහැ. නියන් ආධාර අනේ මන්ද....(අ)
බලන්න නියන් ආධාර අස්සේ කුඩු කන්ටේනර් එහෙමත් එවනවා ඇති නොමිලේ.අතේ දුරින් තියා ගන්න ඕන රටවල් මේවා! (අ)
ශෆික්, අතීතය මතක තියෙන්නේ ටික කාලයක් කියලා කිව්වේ ලාංකිකයන්ට වැඩිය සිංහලයන්ටයි. මොකද ප්රභාකරන් පවා කිව්වනේ සිංහලයන්ට හැමදේම මතක තියෙන්නේ සති දෙකයි කියලා (නි)
දැන් වහිනවා නේද ? නියගය ඉවරයි කියල කිව්ව . මේ මොන අාධාරද ? (අ)
ෂා නියමයිනේ මේ හාල් නැති කාලේ (නි)
රෙදි ඇඳගෙනද ගියේ? සිංහල ජාතිය කියන්නේ මහා ප්‍රෞඪ හා අභිමානයක් ඇති ජාතියක්. මොවුන් අපේ ගොවිතැන නැත්තටම නැතිකර බහුජාතික සමාගම් කියන විදියට නටන නිසා මේ තත්වය අපට ඇතිවුණා. පාලකයන්ගේ අදුරදර්ශී පාලනයේ ප්‍රතිඵල (නි)
ඉන්දියාව වගේද පාකිස්තානය? පාකිස්තානය කොච්චර උදව් කරනවද ලංකාවට. ලැජ්ජා වෙන්න එපා. ගන්න ගන්න. (නි)
ආධාර ගත් බව හොඳට මතකේ තියෙනවා. නමුත් ආධාරගත් පමණින් ටොකු කන්න ඕනෑ නැහැ නේද. අනික මේක නියං කාලයක් නොවෙයි. ලෝකයේ ඕනෑතරම් හාල් තියෙනවා. වගාබිම් ඕනෑතරම් තියෙනවා (නි)
අපේ රටට වාසියි වගේ (නි)
මේ අවංකවම ආධාර දීමේ අදහසක්ද? (නි)
නිකන්නේ දෙන්නේ. හොඳට බලලා ගන්න. වරදක් නැහැ (නි)
මොන දේ කිවුවත් පාකිස්ථානය අපේ නියම මිතුරෙක් (නි)
කට්ටියට කුඩු ගේන එක විතරයි මතක් වෙන්නේ පාකිස්තානය කිව්වම. යුද්ධ කාලේදී කොටින්ට ගහන්න මිසයිල, රොකට් විදින ඇතුළු තව ආයුධ ගණනාවක් සැපයුවා. ඒ විතරක්ද අති දක්ෂ ගුවන් නියමුවන් ආවා යුධ යානාවන් හසුරුවන්න. (නි)
පාකිස්තානයට හදිසියේ අපි ගැන මෙතරම් ලොකු කරුණාවක් පහළවුණේ මොකද කියලා හොයලා බැලුවොත් හොඳයි. (නි)
වහින කාලෙටනේ නියං ආධාර ඇවිල්ලා තියෙන්නේ (නි)
මම නම් කියන්නේ හදිසියකදී සපයාගත නොහැකි යුධ උපකරණ වැනි දේවල් මිලදී ගන්න රහස් ඔත්තු සේවය වැනිදේට උපකාර ගත්තට කමක් නැහැ. නමුත් අසල්වැසියාට තම මිත්‍රයන්ට වුණත් සෑම දෙයකටම අතපාන එක මම නම් අනුමත නොකරමි. කරුණාකර ඉදිරියේදී වී අලෙවි මණ්ඩලයෙන් මිලදී ගන්න සහල් සතොස වැනි ආයතන හරහා පමණක් වෙළඳ පොළට නිකුත් කරන්න. එතකොට වෙළෙන්ඳන්ට හංගන්න බැහැ (නි)
නියඟයක් නැති නිසා මේ අාධාර වලට වෙන්නේ මොනවද කියා දැන් බලමු. (නි)
මෙයාල ආවේ, චීනය හම්බන්තොට කරන්නේ මොනවද, ඉන්දියාව උතුරේ කරන්නේ මොනවද බලන්න කියලයි මම නම් හිතන්නේ. ඔත්තු බලන්න හොඳම විදිය ආධාර අරන් යන එකයි. (නි)
නාලක, ඔයගොල්ලෝ වගේ අය තමයි බොන වතුර කෝප්පෙත් කිඹුල්ලු දකින්නේ (නි)
නිකන් හම්බවුණ අස්සයගේ දත් ගණින්න එපා! ලංකාවේ ඉන්නේ ඔලුව ඉදිමුනු මිනිස්සු. කන්න සල්ලි නැති වුණත් ලොකු කතා අඩුවක් නැහැ (නි)