(බිඟුන් මේනක ගමගේ)
පාකිස්තානු ජාත්‍යන්තර ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් කල් බදු ක්‍රමය යටතේ කුලියට ගනු ලැබූ ඒ 330 ගුවන් යානාව නැවත මෙරටට බාර දී ඇත.
වෙට් ලීස් කල්බදු ක්‍රමය යටතේ සිදු වූ මෙම ගුවන් යානා සැපයුමේදී දූෂණයක් සිදුව ඇති බවටත් ඊට අදාළ පරීක්ෂණ රාජ්‍ය මට්ටමින් සිදුවන බවටත් මේ වනවිට පාකිස්තානු මාධ්‍ය වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් “ලංකාදීප” කළ විමසීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය සම්බන්ධීකරන නිලධාරී දීපාල් පෙරේරා මහතා පැවැසුවේ මාස හයක ගිවිසුම් කාලය අවසන් වීම නිසා ඒ 330 ගුවන් යානාව නැවත සිය සමාගමට බාර දුන් බව සත්‍ය නමුත් පාකිස්තානු මාධ්‍ය වාර්තා කරන සෙසු කරුණු ප්‍රතික්ෂේප කරන බවයි.
වෙළෙඳපොල මිල ගණන් මත සිදු වූ ගිවිසුම් අස්සන් කිරීමේදී කිසිදු දූෂණයක් සිදුව නැති බව පාකිස්තානු ජාත්‍යන්තර ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක ඩැනියෙල් ගිලානි මහතා එරට මාධ්‍යට පවසා ඇත.
මේ අතර පසුගිය වසරේ අගෝස්තුවේ සිට එළැඹුණු මාස හයක ගිවිසුම් කාලයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 19 කට අධික මුදලක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කුලී ගාස්තු හැටියට ගෙවීමට පාකිස්තානු ජාත්‍යන්තර ගුවන් සමාගම කටයුතු කර ඇති බව පැවැසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"කෑමෙන් හොද කෑම?විකුණගෙන කෑම "
මට නම් හරිම සතුටුයි ලංකාව ගැනයි ලංකාවෙ පත්තරවල වැඩ කරන මිනිස්සු ගැනයි......
දැන් ගුවන් යානය කුලියට අරන් තියෙන්නෙ පාකිස්තානයෙන් ද? අනේ අපොයි.
ලංකාව දැන් පකිස්ථානයෙන් ගුවන්යානා ගන්නවද?
නිලංග සිංහලෙන් ලියල තියන එකවත් කියවලා තේරුම් ගන්න බැරිද?
ශ්‍රී ලන්කන් ආයතනය වැටී ඇති තත්වයෙන්ගොඩ ඒමට මෙැනි සුළු ආදායම් වුනත් වටිනවා. මෙම වර්ගයේ ගුවන් යානා ආර්ථික පලදායී නොවන බව ඇතැමුන් පවසනවා
ව්‍යාපාරික කටයුත්තකට පකිස්තානය හවුල් නම් අකටයුත්තක් සිදු නොවුනායැයි හිතන්න තියෙන ඉඩකඩ හරි අඩුයි.
මොන දේ වුනත් අත යට ගේමක්.
නිලංග ගැන කණගාටුයි.