විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පලලෙකැලේ ක‍්‍රීඩාංගණයේ අද (25) රාත‍්‍රි පැවැති පළමු වටයේ අවසන් තරගයේදී පාකිස්තානය කඩුලූ 8 කින් බංග්ලාදේශය පරාජය කරමින් ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලබාගත්තේය.
‘සුපිරි අට’ වටයේදී ශ‍්‍රී ලංකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය පළමු කාණ්ඩයේ ද, ඕස්ටේ‍්‍රලියාව, දකුණු අප‍්‍රිකාව, ඉන්දියාව සහ පාකිස්තානය දෙවැනි කාණ්ඩයේ ද, තරග කරයි.
මෙහිදී පාකිස්තානය ලකුණු 140 කට අඩුවෙන් දැවී ගියේ නම් ශුද්ධ ලකුණු වේගය අනුව තරගාවලියෙන් ඉවතට විසිවන අතර බංග්ලාදේශය ‘සුපිරි අට’ වටයට පැමිණෙයි.
බංග්ලාදේශය ඕවර 20 කදී කඩුලූ 6 ට 175 (තමීම් ඉක්බාල් 24, ශකීබ් අල් හසන් 84, මුෂ්ෆිකුර් රහිම් 25, යසීර් අර්ෆට් 25/3)
පාකිස්තානය ඕවර 18.4 කදී කඩුලූ 2 ට 178 (මොහොමඞ් හෆීෂ් 45, ඉම්රාන් නසීර් 72, නසීර් ජම්ෂීඞ් නොදැවී 29, කම්රාන් අක්මාල් නොදැවී 22, අබුල් හසන් 33/2)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවෙනි වටයෙදි ඉන්දියාව හා පාකිස්තානය ගෙදර යවන්න උත්සාහා ගන්න...අපේ උපරිම සහයෝගය දෙනවා. (ස)
ලංකාවට ජයවේවා
මෙදා සැරේ කප් එක අපි උස්සමු (ස)
ඉන්දියාවේ මේ පාර මාර කෑමක් කනවා ඕස්ට්‍රේලියා වලින්..(ස)