පාකිස්තානයේ හිටපු ජනාධිපති හා විශ්‍රාමික ජනරාල් පර්වේස් මුෂාරෆ්ගේ ගොවිපොළ පිහිටි නිවස උප සිරි ගෙදරක් බව ප්‍රකාශයට පත් කළ පාකිස්ථාන අධිකරණය ඔහු දෙදිනක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස නියෝග කළේය.
දෙදින ඇතුළතදී ත්‍රස්ත විරෝධී චෝදනා විභාග කරන අධිකරණය හමුවේ නියෝග කළේය.
ස්ලාමාබාද් මහාධිකරණයෙන් ඔහුගේ ඇප අවලංගු කිරීමත් සමග ඔහු සිය ගොවිපළ වෙත පැන ගියේය.
පාකිස්ථාන මහාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මුෂාරෆ් අත්අඩංගුවට ගෙන නීති ප්‍රකාරව ක්‍රියා කළ යුතු යැයි කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් අපරාදේ කියන්න බැහැ.පාකිස්තාන් ජනාධිපතිතුමා අපේ මැති ඇමතිවරුන්ගෙන් කොපිකරලා අපේ සූට් එකමයි ඇදගෙන ඉන්නේ! (නි)
පුළුවන් කාලේ කෙරුවත් නරකම වැඩ යාලූ... රජකම් කලත් කළකම් පල දෙනවාලූ.... (නි)
අර මුස්ලිම් විරෝදී පෙළ පාලි ගැන අය අපි උතුම් කියන අය මේවා නැවත නැවත කියවන්න.(නදී)
අපේ වන්දි බට්ටයන්ගේ හිතට මොකද්දෝ වෙනවද මේවා කියවද්දී.(නදී)
කිරිබත් කාපු අයට මේ ප්‍රවුර්තිය දියකරලා පොවන්න.(නදී)
අපේ අයනම් "රෝහල්" ගතවෙනවා. ආණ්ඩුවෙන් ( මහජනයා ) බිල ගෙවනවා. (නදී)
මෙතන වෙලා තියෙන්නේත් අපේ රටේ වගේම දෙයක් තමයි. තේරෙන්නේ නැද්ද? (නි)
එහෙ නීතිය සැමට එකලෙස. අපේ නීතිය තරාතිරම නොබලා. (නදී)
ඒකට අපේ රටේ නීතිය! (නි)
අපේ කළා නම් ඉතින් ඔක්කොටම ස්ථාන මාරු... (නි)
පකිස්ථානයේ පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදය නැතුව ඇති. ලෝකේ කොහෙවත් නැහැනේ. නමුත් අධිකරණය කොයි තරම් ස්වාධීනද? මීට කලින් එහෙ බලයේ ඉන්න අගමැතිට පවා දඬුවම් දුන්නා. අපිට පුලුවන්ද බලයේ නැති ලොක්කෙක්වත් උසාවියට ගෙන්නන්න? අපිත් ලොක්කෝ උසාවියට ඇදගෙන එනවා. හැබැයි ඉහලම ලොක්කෙකුට පලිගන්න ඕනෑ වුණහම. (නි)
නීතිය අකුරට වෙනවා නම් මොහු සිටිය යුත්තේ පොදු සිරගෙදරක. තමන්ගේ ගොවිපොළ කියන්නේ සිරගෙයක් නොවේ. මොහුට බේරිලා පැනලා යන්න හොදම පහසුකම් තියෙන්නේ මෙතන. මේකේ අදහස් දක්වන සමහරු දේශපාලන අදහස් වලින් තමන්ගේ ඔලු මොට්ට කරගෙන ඉන්නේ. ඉදිරියට රටට හොද කලක් යයි. (නි)
අපේ රටේ නීතියක් කියලා එකක් තියෙනවද? මම නම් දන්නා විදිහට අපේ රටේ නීති තියෙනවා පොඩි මිනිස්සුන්ට. (නි)
රජකම් කළත් කරපු වැරදි වලට කවදා හරි ගෙවන්න වෙනවා. එදා තිබුණු බලය නිසා වැරදි කරලා බේරිලා ඉන්න පුළුවන් වුණත් හැමදාම එහෙම ඉන්න බැහැ කියන ලෝක ධර්මේ මේක තමා. අපි කාටත් මේවා නියම පාඩම්. (නි)
දෑන් හුඟක් හිටපු ජනපතිවරු ජනපතිවරියො ඒ කාලෙ පඩි හරියට නොලැබුන හින්දා ගොවිපලවල් දාගෙන ඇති. (නි)
අපි එයාව උස්සලා මෙහෙ තියාගමු. හොඳ මිනිහෙක් (නි)
මම නම් ඊට තරයේම විරුද්ධයි (නි)