සනත් ජයසූරියගේ නායකත්වයෙන් යුත් ලෝක ක‍්‍රිකට් පිල සහ ෂොයිබ් මලික්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තානු කි‍්‍රකට් තරු පිල අතර කරච්චිහිදී පැවැති තරග දෙකකින් සමන්විත ප‍්‍රදර්ශන විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගයෙන් ද පාකිස්තානු කි‍්‍රකට් තරු පිල කඩුලූ 6 ක පහසු ජයක් ලැබූහ. පාකිස්තානු පිල තරග දෙකම ජය ලැබීය. මෙහිදී ලෝක පිලේ නායක මෙන්ම හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය ලකුණු නොලබා දැවී ගිය අතර ජයසූරිය යැවූ  ඕවර 4 ට ලකුණු 24 ක් රැස්කිරීමට පාකිස්තානු පිතිකරුවෝ සමත් වූහ. ලෝක ක‍්‍රිකට් පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 142 (ඇන්ද්‍රි සෙයිමෝර් 25, ඇඩම් සැන්ෆෝඞ් 14, නන්ටි හාවඞ් නොදැවී 42, ටබීෂ් ඛාන් 19/2, ෆරාන් අහ්මඞ් 20/3) පාකිස්තානු ක‍්‍රිකට් තරු පිල  ඕවර 16.4 කදී කඩුලූ 4 ට 145 (ඉම්රාන් නසීර් 53, ශෂායිබ් හසන් 39, අසාද් ශාෆික් නොදැවී 23, ස්ටීවන් ටේලර් 22/3)