ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නායකත්වයට සුබ පතන බවත්, කිසිම හේතුවක් නිසා පක්ෂයත්, පක්ෂ සාමාජිකයනුත් හැර නොයන බවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ශ්‍රීලනිපයේ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාට ලිපියකින් දන්වා ඇත.
කලින් යොදා ගත් අවලංගු කළ නොහැකි කටයුතු කිහිපයක් නිසා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමට සහභාගී වීමට නොහැකි බව දන්වමින් එම ලිපිය එවා තිබිණි.
ඇතුළතින් සහ පිටතින් එල්ල වන නින්දා අපහාස පරිභව සේම කොන් කිරීම් ද ඉවසා දරා ගැනීමේ හැකියාව තමාට ඇතැයි ද හිටපු ජනපතිගේ ලිපියේ සඳහන්ය.
‘ඉදිරියේ දී ද නැවත අප ජය ගත යුතුය. එය පක්ෂ වෙනුවෙන් මෙන්ම රට වෙනුවෙන් ද ඉටු කළ යුතුය. ඒ සඳහා මගෙන් ඉටුවිය යුතු යුතුකම් පිළිබඳව තවමත් මා කැපවන බවත් වැඩිදුරටත් සඳහන් කරමි.‘ යැයි ද රාජපක්ෂ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහතා දේශපාලනයෙන් සමුනොගතයුතුයි. (ර)
එදා අනගාරික ධර්මපාල තුමා පැවසූ වදන් අදටත් හොදින් ගැලපෙනේ අපි අත් විදින නිසාය. (ර)
ශිරෝමි හරි (බ)
මහින්ද කරපු හොරකම් ටික මදිද ? එතුමා යුද්දේ දින්නා තමයි එ්ත් තව අවුරුදු 200 විතර සැපට ඉන්න අපේ සල්ලියි හොරකම් කළා. අනික රට වෙනුවෙන් මැරුණ කොල්ලන්ගේ පවුල් වලට මොනවද කෙරුවේ ? (බ)
මිස්ටර් ප්‍රභාකරන් ඉන්නකොට අද ඔය මහින්දට බනින අය කොහේද දන්නෙ නැහැ හිටියේ? (නි)
හිටපු ජනාධිපති මහින්දව අායෙත් මේ රටේ මිනිස්සුන්ට ඕන වෙනවා. නැවත වාරයක් රටේ නායකත්වයට එන්නට වරම් ලැබේවා. (බ)
අවුරුදු 10 කට පෙර සිටි මහින්ද රාජපක්ෂම සිටියානම් , ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කරනේ නෑ , එහෙත් ඔහු වෙනස් වුන නිසා , ජනතාව ප්‍රතික්ෂේප කළා (බ)
බලයේ හිටපු මහින්දට වඩා පැරදුන මහින්දට ඔවුන් බය නිසා .ඒ එදාටත් වඩා අද ජනතාව ඔහු වටා සිටින නිසා (බ)
ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ,අපි සැමදා ඔබතුමා සමගයි (බ)
මහින්ද මහත්තයා ඉස්සර හොදට වැඩ කළා. යුද්ධය ඉවර කරන්නත් නායකත්වය දුන්නා.. ඒත් පසු කාලීනව එතුමාගේ ක්‍රියාකලාපය සුබවාදී වුනේ නෑ. බලයෙන් එතුමාගේ ඇස් අන්ද වුනා. තමා කවුද, මොකද කරන්නේ මොකටද ආවේ එතුමට අමතක උනා. වටේ හිටිය පාප මිතුරන් ආරක්ෂා කළා. ඉතින් දැන් සියල්ල විඳ දරාගන්න. තමා කරන හොඳ නොහොඳ තමා පසු පසින් එනවා.. (බ)
ජයවර්ධනලා, රෝශේන්ලා හරියට අන්ධයෝ වගෙයි (බ)
අප්පච්චි මැරුණු මළකුණ 18 දින එම මරණයට වැඩියෙන්ම වගකිවයුතු (පවුලේ නෑදෑයන්ද ඇතුළුව) හතරදෙනකුගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩදී පැවැත්වේ. ඔවුන්ට විරෝධය පෑම සඳහා එදින නුගේගොඩට පැමිණෙන්න (බ)
මේ රටේ පිරිස තම තේරුම්ගෙන නැහැ පැවති රජය රටට කර තිබෙන විනාශය. (නි)
රටේ වාසනාවට,අනාගත දරු පරම්පරාවේ වාසනාවට ඒකාධිපතියෙක් අවම ජිවිත හානියකින් ගෙදර යවන්න පුළුවන් වුනේ.තවත් අවරුදු 6 කට දුන්නනම් අනිවාර්යෙන්ම අපිටත් හිග කන්නයි සිද්ද වෙන්නේ.දැනටමත් රටේ 80% කට කන්න අදින්න නැතිව දරුවන් සමග ජිවිත නැති කර ගන්නයි සිද වෙලා තියෙන්නේ. (ස)
සුමේධ.සුනාමියෙන් අන්ත අසරණ මිනිසුන්ට කන්න අදින්න කියල ලෝකයෙන් දුන්නු සහනාදාර වලින් කොටි 8.6 ක් ගස කෑවේ ඒකද?එහෙව් හදවතක් තිබෙන කෙනෙකුට රටක් බාර දුන්නම කොහොමට තියේවිද?අද අපිට සහ අපේ දරුවන්ට අත් විදින්න සිද්ද වෙලා තිබෙන්නේ ඒ ඉරණම තමයි. (ස)
අපි සැමදා ඔබ සමඟයි (නි)
රටක මුදලේ වටිනාකම තීරණය කරන්නේ මහා භාණ්ඩාගාරයේ තිබෙන රත්තරන් සංචිතයේ වටිනාකම අනුවයි. ඒවා නැතිනාස්ති කළවිට රටේ මුදලේ වටිනාකමට වෙන්නේ මොකක්ද? (නි)
ශ්‍රීලනිපයේ තනතුරුලෝභීන් හා දූෂිතයින් එක් වී මහින්ද විනාශ කළා. මතක තබාගන්න. මහින්ද හා ගොඨාභය සහෝදර සුසංයෝගය නොවන්නට අපි තවමත් එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ සිරකරුවෝ. (නි)
මහින්ද මහතාණෙනි, අපිට කිසිදා ඔබ රටට කළ සේවය අමතක නොවේ. කොතරම් අවලාද කළත් ඔබට තිබෙන ගෞරවය කිසිලෙසකින්වත් අඩුවක් නොවෙනු ඇත. (නි)
තව එන්න බලාපොරොත්තුවෙන් වගෙයි ඉන්නේ (නි)
අපිත් මෙහෙ සිට එතුමා ගැන ගොඩක් දුක් වෙනවා. අපටත් ලංකාවට යන්න එන්න බයක් සැකක් නැති රටක් බිහිකරපු එකම නායකයා තමයි ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ වගේම අපි කවමදාවකවත් අපේ ත්‍රිවිද හමුදාවටත් ඒකට එක හිතින් අත හිතදුන් සියලුම හමුදාපතිවරුන්ට සදා පින්දෙමි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි .ඔබත් සමග අපිත් සිටිමි. ඔබේ නම ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවා. (ර)
ඔබතුමා රටට ඕනෑවෙන යුගය වැඩි ඇතක නොවේ. ඔබතුමාගේ ප්‍රතිරූපය විනාශ කළ අය සිටියේ ඔබතුමා අසළමය. අපි මේවා දෙස කණගාටුවෙන් බලාසිටියා මිස අපිට මේ ගැන කතා කිරීමටවත් අවස්ථාවක් නොලැබුන බව කියන්න ඕනෑ. (නි)
එදා වපුරපු දේවල් වල අස්වැන්න තමයි ලැබෙමින් පවතින්නේ.ඒකට කාටවත් දොස්කියලා වැඩක් නැහැ. (නි)
මහින්ද තනිවම යුද්ධ කලා කියනවා නෙවෙයි. ඒත් ඔහු යුද්ධය ජයග්‍රහණය සඳහා මෙහෙයවූවා. ඒ නිසයි කොටි ඩයස්පෝරාව මහින්දට මේ හැටි වෛර කරන්නේ. ඔවුන් යුද අධිකරණයට ගෙන යාමට උත්සහ කරන්නේ ඔවුන්ගේ පරාජයට මුල්වූ කෙනයි. (නදී)
මහින්ද මැතිතුමාට අතහිත දුන් අය අත්හැර කටයුතු කිරීමේ විපාකය අද ඔබ අත්විඳින්නේ.ආදර්ශයට ගන්න අළුත් ජනාධිපතිතුමාව. එතුමා බලයෙන් මත්වුණාද? මේකත් මතක තියාගන්න. නායකයෝ ජීවත්වෙන්නේ ජනතාවගේ හිත් වල. නැතුව තාප්ප වල, ඉතිහාස පොත්වල නොවේ. (නි)
කවුරු කෙසේ කිවුවත් මහින්ද මැතිතුමාගේ නම ලක් ඉතිහාසයේ ලියැවීම කිසිවෙකුට නතර කළනොහැකියි.අද වීරයින් සේ කටමැත දොඩවන්නත් සහ ඔවුන්ගේ බස් අසා චිත්ත ප්‍රීතියට පත්වන්නවුනුත් යුධ බියෙන් වෙලුන රටක ජීවත්වූයේ මළ මිනිසුන් ලෙස නොවේද? (නි)
දහම් හැම වෙලාවේම ද්වේශ සහගතව තමා බලන්නේ. සිරිපාල , අනුෂා , ජයවර්දන වගේ හිතන්න පුරුදු වෙන්න. මහින්ද මහත්තය තනියම යුද්දේ කළා කියල තමා ඕයා කියන්නේ. අපි බබාලා නේ. අපි දන්නේ නෑ යුද්දේ කලේ කොහොමද, කවුද යුද්දේ කලේ කියලා. සරත් ෆොන්සේකා 98% වැරදි කියල කියමුකෝ. එයාට සලකපු විදිය හරිද. ඒක හරි නම් මේකත් හරි. (නදී)
රට අගතියට ඇද දැමු කිසිවකුත් එපා (දිල්)
රටේ ජනාධිපති විදියට ඉඳලා නැවත අගමැතිකමට තරඟකර, ලෝකයේ කවදාවත් බිඳිය නොහැකි වාර්තාවක් තැබීමට හැකියි අවශ්‍ය නම් (නි)
කල දේට ඇතුළතින් සහ පිටතින් එල්ල වන නින්දා අපහාස පරිභව සේම කොන් කිරීම් ද ඉවසා දරා නොගෙන වෙන මොනවා කරන්නද . බලය ඇති දා මෙසේ සිතුවානම් තෙවන වරත් ජනධිප්ති නේද . ඔහොම යමු. තව හොද හොද නින්දා අපහාස පරිභව එයි කළ දේ හරියටම එළිවෙනකොට. එදාට ....... බලමු (අ)
එතුමා පක්ෂය හැර නොගියාට , පක්ෂය එතුමාව හැර ගිය බව පැහැදිලියි. (අ)
කවුරු මොනවා කියුවත් ජනතව සදා ආදරය කරන ජන හද ජයගත් නායකයා ඔබයි! අපේ උත්තමාචාරය! (අ)
කවුරු මොනවා කීවත් කොන්ද පන තිබුණු නායකයා අපි සද ඔබ සමගයි (අ0
තවම බලයට කෑදර බව මහජනයා දන්නවා (නදී)
අර්ජුන ඔබ හරි (නදී)
ඔබ ශ්‍රිලංකාවේ සිටින ශ්‍රේෂ්ට නායකයෙක් . ඔබට නින්දා, අපහාස කරන්නේ සැබෑ ශ්‍රී ලාංකිකයන් නොවේ. හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි, අපි ඔබගේ මෙහෙවර අගය කරන්නෙමු. (නදී)
කොන්දක් සහ අවංක ඕනෑ කමක් තිබුණු එකෙක් හිටියේ නැහැ කොටි විනාස කර ජනතාවට බය නැතිව ජීවත් වෙන්න ඉඩ සලසල දෙන්න. දැන් නම් ඔක්කොම වීරයෝ වෙලා බයිලා කියනවා. කර ගත්ත මෝඩකම් දැනටම ඔප්පු වෙමින් තියෙන්නේ.
ඔබලා වාද බේද දුරලා එක් වීම අනිවාර්යි. නැත්නම් තව කාලයක් විපක්ෂයේ ඉන්න තමා වෙන්නේ.(නදී)
නිලන් ඔබ හරි (නදී)
බල තණ්හාවෙන් ඈත් වෙලා දැන්වත් නිදහසේ ඉන්න මහත්තයෝ. (නදී)
මේ රටේ පිරිස තම තේරුම් අරන් නැහැ මහින්ද යනු රට බෙර ගත්ත නායකයා කියනදේ (අ)
30 ස් වසරක යුද්ධය ඉවර කරපු මේ නායකයට ලෝකයේ හොදම ජනාධිපතිතුමා විදියට විශ්‍රාම යන්න තිබුනා. බුදුන් වහන්සේත් දේශනා කලේ තන්හාව විනාශයට මුලයි කියලා. බලයට ඇති අසීමිත අසංවර ආශාව නිසා අකාලයේ මෙතුමා විනාශ උනා. බලය තිබුන කාලේ ඒ බලය සාදාරන විදියට පාවිච්චි කලා නම් අද මෙතුමාට මෙහෙම පරිභව කරන්නැහැ කවුරුවත්. දැන්වත් තමන්ගේ ගෞරවය රැකගෙන විශ්‍රාම යන එක තමයි හොදම වැඩේ. (නදී)
29 පාරක් පැරදුන රනිල් මහත්තයට බල තණ්හාවෙන් ඈත් වෙලා දැන්වත් නිදහසේ ඉන්න බැරිද ? (නදී)
මහින්දට තාමත් ගුණ කියන්නේ පිටරට ඉන්න අය. ලංකාවේ ඉන්න අය හැටි දන්නවනේ (නදී)
පක්ෂයේ මිනිස්සු ගැන කලකිරීමක් ඇතිවෙන්නේ.පක්ෂයේ ඉන්න සමහරු බයයි එතුමා එනවට.එයාලගේ තැන නැති වෙයි කියල.ඔය කෑගහන හැමෝටම වඩා රටේ බහුතයක් එතුමාට ආදරෙයි.(දිල්)
එදත් ,අදත් ,හෙටත් අපේ විරයd ජනපති මහින්ද රාජපක්ෂ ම පමණි (ස)
කවුරු මොනවා කරත්, කිව්වත් ඔබයි අපේ ජාතියේ වීරයා. අවුරුදු 30ක ශාපයෙන් ගලවාගත් අපි ඔබට සදා ණය ගැතියි. රටේ ඉන්න ඕන කොන්ද පණ ඇති නායකයෙක්. (ස)
ඔබ තුමා නැති වුණොත් පක්ෂය ගැන ස්තාවරත්වයක් තියන්න බෑ.අපි බලමු මොකද්ද වෙන්නේ කියලා (දිල්)
අද අපේ ගොඩක් අයට අමතක වෙලා මේ රට නිදහස් කරගත්ත නායකයා මහින්ද රාජපක්ෂ කියලා. හැමෝම කතා කරන්නේ යහ පාලනය ගැන (දිල්)
බලයට ආදරේ නැති එක්කෙනෙක් කියන්න දන්නවනම් කවුරු හරි .(දිල්)
ලංකාවේ අවසාන රජතුමා ලෙස ඔබගේ නම පවතීවි (නදී)
ඔබේ නම ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවේවි. ඒ නිසා ඉවසන්න.(දිල්)
ජනතාව ඉන්නේ මහින්දත් එක්කයි (දිල්)
තව ඉල්ලුවත් ඔචිචර තමයි (ස)
විජය රජ්ජුරුවන්ගේ සිට පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි වගේ ජාතීනට මුසු වූ අපේ ජාතියට කොන්ද පණ තියනවා කියලා වසර 10ක් ලෝකයට පෙන්නපු ඔබට චිරන්ජයතු !!!!!!!! (ස)
රට නිදහස් කරගත් වීරයා ඔබයි (නි)
එතුමා පාක්ෂිකයන්ට කළදේ වලින් බොහොම ටිකයි තවම වින්ඳේ (නි)
අනේ! දැන්වත් පොඩ්ඩක් නිවීසැනසිල්ලේ ඉන්නකෝ! (නි)
මංගල ඔබ හරි. බල තණ්හාවෙන් කළ දේවල් නිසයි අද පක්ෂයේ රැස්වීමට හෝ ඒමට බැරි. ජනතාව එයා සමග කීවාට එයා හිටියේ නාමල් උඩට ගන්නේ කොහොමද කියලා හිත හිත. මේක නොතේරන කොටසක් තාමත් මෙයාව අදහනවා. රට යුධයෙන් දිනුවේ සාමුහික ප්‍රයත්නයක් නිසයි. එ්කට තමයි එයාට දෙවැනි වරටත් බලය දුන්නේ 2016 තෙක්. එයාම ඉල්ලගන කාල දැන් පාරට බහින්න බෑ. යථාර්තය තේරුම් ගත් අය 62 ලක්ෂයක් හිටියනේ (නදී)
ඔය මනුස්සය ඔය ටික චන්ද්‍රිකාටත් කළා. මඩ ගැහුවා කොන් කලා. දැන් කිඹුල් කදුළු පෙරනවා.(නදී)
ජනතාව එ්ක තමයි අනික් පැත්තට ඡන්දෙ දුන්නේ. පරාද කරලා ගෙදර යැව්වේ (නදී)
නැත කිසි දිනෙක ගියේ අප නම් ඔබ අතැර ගියේ. පොදු ජන ගඟක් ගලනව විසි හතර පැයේ. ඔබමය තවම ජන පති දුන් අපගෙ ලයේ හෙට දින ඔබයි අග මැතිඳුන් ජයෙන් ජයේ (නදී)
අප නායකයාට අපහාස කිරීම තමුන්ගේ පියාට අපහාස කිරීමකට සමාන ලෙසයි අපි නම් දකින්නේ.එතුමාට ස්තුතිවෙන්න සාමකාමී රටක් දැන් අපිට තිබෙනවා. (නි)