ශ්‍රීලනිප නායකත්වයට මෛත්‍රිපාල ජනපති පත්වුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ ද එකඟත්වය අනුව යැයි ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (5) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘ඒ නායකයා පිළිගන්න බැරි බව කවුරුහරි කියනවානම් ඒ අයට විරුද්ධව විනය පියවරක් ගන්න පුළුවන්. පක්ෂයක විනයක් තියෙන්න ඕන. පක්ෂයට ගරු කරන අය පක්ෂ මූලස්ථානය ළඟ හූ කියන්නේ නෑ. සිරිකොතට හූ තියපු ගල් ගහපු අය අදත් දඬුවම් විඳිනවා. ශ්‍රීලනිප පාක්ෂිකයෝ මේ පක්ෂ මූලස්ථානය ඉදිරිපිට හැසිරීම හෙළා දකිනවා‘ යැයි ද ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ විනයක්, ප්‍රතිපත්තියක් නැතිම තැන තමයි පාර්ලිමේන්තුව (නි)
මේ අය දැන් දඟලන හැටි දැක්කහම හිනාත් යනවා. මෙයාලා නටන්නේ කකුළුවා වතුර නටනතුරු නටන අවසාන නැටිල්ලයි (නි)
පක්ෂෙන් අයින්වෙලා විරුද්ධව ඡන්දෙ ඉල්ලපු අයද පක්ෂයක විනය හදන්න එන්නේ? පක්ෂය සම්පූර්ණයෙන් විනාශ වෙනවට වඩා භාගයක් හරි බේරෙන එක හොඳයි (නි)
දැන්වත් වැඩ පටන්ගන්න (නි)
ඒ හූ කිවුවේ ඇයි කියලා අපි නම් දන්නවා (නි)
ඉතින් එයාලගේ උසස් විනයේ හැටි නේද පහුගිය අවුරුදු ගණනාව තුළම අපිට පෙන්නුවේ. මෙතුමාත් ඒ පැත්තේ නේද හිටියේ ඒ දවස් වල? ඒ කාලේ නොපෙනුන විනය අද කොහොමද පෙනෙන්නේ? අපි මැරිලා ඉපදිලා නැහැ ඇමතිතුමනි (නි)
එතකොට රට හොරා කාපු, තමන්ගේ වාසියට රට හොරා කන්න දීපු, අල්ලස් දීලා ඡන්දෙ දිනපු අය ළඟද විනය තියෙන්නේ? (නි)
අනිවාර්යයෙන්ම පක්ෂයට විනයක් තිබිය යුතුයි. පක්ෂයෙන් පිටව ගොස් ,පක්ෂයට සහ පක්ෂ නායකයට විරුද්ධව මැතිවරණයකට ගොස් ජයග්‍රහණය කර ඉන්පසු නායකයා පලවා හැර ,බලෙන් නායකත්වය ගත් හොරුන් පලවා හැර පක්ෂය පිරිසිදු කල යුතුයි. බණ්ඩාරනායක මහතා මහතා හෝ මැතිනිය සිටිය නම්මෙහෙම වෙයිද? (අ)
තිලිණගේ කතාව අගය කරමි.අනිත් ප්‍රශ්නය නම් විනය රකින්න හරි පක්ෂයක් තියනවද කියන එකයි. (අ)
විනයක් ඇති එකෙක් කවදාවත් පක්ෂය පවාදී ඇමති කම් කොරන්නේ නම් නැහැ (අ)
තිලින, සුපිරි කතාව! (අ)
තිලින කතාවට මසුරන් වගේ හරියටම හරි ..විනයක් නැති පක්ෂයකට විනය ගැන කතා කරන්න කිසිම අයිතියක් නැහැ (අ)
පක්ෂයේ විනයක් තිබෙන බව පවසන්නේ ඔබතුමානේ, පක්ෂයේ ඉන්න අයම විනයක් නැති වැඩ කරද්දී පක්ෂයේ විනයක් තියෙන්නේ කොහොමද කියලා කියන්නකෝ මහත්තයෝ. අනික මහින්ද රාජපක්ෂගෙන් නොවෙයි කාගේ අනුමැතියෙන් ආවත් පක්ෂය විනාශ වෙන තැනට වැඩ කරනවානම් හු කියලා මදි පක්ෂයෙන් නෙරපලා දාන්නත් ඕනේ.(අ)
පක්ෂයට විතරක් නොවෙයි පාක්ෂිකයින්ටත් විනයක් තියෙන්න ඕනෑ. එ්ක තිබුනානම් ඔය පාද යාත්තරා යන්න වෙන්නේ නැහැනේ ඇමති තුමෝ . වෙනම පක්ෂයකින් ඡන්දෙට ඇවිත් ජනාධිපති වුනාම එයාට පක්ෂයේ නායකත්වය දුන්නේ හොඳ විනයක් තිබුන නිසාත් පක්ෂය දෙකඩ වෙනවාට අකමැති නිසාත් තමයි මැතිවරණය වෙලාවේ මොන කතා කිවුවත්. මතක නැද්ද ඒ වෙලාවේ කවුද සටන මෙහෙයවෙවුවේ කියල. එතුමා නොහිටින්න ඔය හුඟ දෙනෙකුට මන්ත්ත්‍රී කමත් අද නැහැ. මොනවා වුනත් එකතු උනොත් ගොඩ නැත්නම් මොනවා වෙයිද කියල කවුරුත් හිතුවොත් හොඳයි. (අ)
මුලින්ම කළයුත්තෙ පක්ෂය කඩාගෙන, පක්ෂය යූඑන්පියට පාවාදුන් ලොකුමහතාට විනය පරීක්ෂනයක් කිරීමයි. ඔයාල දැන් නින්දෙන් නැගිටලා දොඩවනවා වගෙයි. ඔව් ඉතින් දැන්ම හම්බුකරගත්තොත් පමනයි. (අ)
උඩ බලාගෙන කෙළ ගහන්න එපා. මේකේ අදහස් ටික දකිනවා නම් කොච්චර හොඳද? (නි)
ඔය මහත්තුරු විනය රැකි හැටි ලංකාවම දන්නවා. හරිම කතාව තමයි තිලින කියලා තියෙන්නේ. (නි)
ඔබලාට විනයක් තිබුණි නම් තමගේගේම පක්ෂයට විරුද්ධව මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සමඟ විරුද්ධ පක්ෂයේ වාඩිවෙන්න පුලුවන්ද? ඒ දේ විනය කඩකිරීමක් නොවෙයිද? ඒවා ඔබලාට අමතකයි. දැන් විනය ගැන කතාකරන උදවියයි මුලින්ම විනය කඩකළේ. (නි)
විනය නැත්තෙ පාර්ලිමේන්තුවෙනේ. දැන් එතන කුණුහරුපත් කියනවනේ (නි)
පක්ෂයේ විනය නැතිවුණේ ගිය ජනාධිපතිවරණය පටන්ගත් කාලයේමයි. එතැන් සිට අද වෙනකම් පක්ෂයට යන එන මං නැතිවෙලා තියෙන්නේ. (නි)
මෙතුමාට දොස් නඟන්න එපා. (නි)
අද වුනත් ශ්‍රී.ල.නි.ප. යට දිනන්න පුළුවන්. නමුත් මහින්ද වටේ ඉන්න හොරු නැතුව සහ ඡන්ද පදනමක් නැතුව මහින්ද වටේ යමින් ඉන්න අය නැතුව. (නි)
විනය ක්‍රියාමාර්ග ගතයුත්තේ ඡන්දයක් දිනාගන්න බැරි අයට ඇමතිකම් දුන් අයටයි. අලි නැට්ටේ එල්ලිලා ඉන්න අයටයි ජනතාව හූ කිවුවේ. පාක්ෂිකයා පාවාදීමේ වරදට දඬුවම සොබාදහම සතුයි (නි)
එසේම පක්ෂ නායකයන්ට හොඳ කොන්දක්ද තිබිය යුතුයි. (නි)
විනයක් තිබුනා නම් මුලින්ම සියල්ලම ගෙන්නලා කැමැත්ත ගන්න තිබුනා ආණ්ඩුවට බෙදෙන්න හොඳද කියො අහන්න. (නි)
ජනහිත, පාද යාත්‍රා ගැන කතාකරන අයට පාරේ අනුන්ගේ වාහන වල හෝන් ගහපුවා, කුස්සිවල වළං පිඟන් සද්ද කරන්න කියපුවා මතක නැද්ද? (නි)
එහෙම විනයක් තියෙනවා නම් ගොඩක් දෙනෙක් අද ඉන්න ඕනෑ ගෙදර නේද? (නි)
දැන් සමහරු පත්තර කියවන්නේ නැතුවා වගෙයි (නි)
විනයක් තිබ්බනම් කොහොමද මහත්තයෝ පාක්ෂිකයා ප්‍රතික්ෂේප කරපු උදවිය ඇමැතිකම් කරන්නේ..(ම)
තිලින .ඔබේ කතවා රටක් වටිනවා.මෙයාල පැරදිලා හොර පාරේ ඇවිත් දැන් බයිලා කියනවා. (බ)
ඔය පක්ෂ දෙකේම උන්ට කොහොමත් විනයක් නෑ. ඔය දෙකේම එවුන් තමයි මේ රටටම විනේ වෙලා තියෙන්නේ (බ)
මොකට කියනවද මෙයාලගේ විනය ගැන? පුදුම ආදරයක්නේ රටට තියෙන්නේ (නි)
කෝ ඉතින් විනය පරීක්ෂණය? දැනටම පරක්කු වැඩි. (බ)
තිලිණ හරි.. හැම එකටම විනය ඉස්සරහට දමනවා..වුනේ මොනවද කියල කව්රුත් බලන්නේ නැ. පක්ෂෙට මෙහෙම වුනේ කවද්ද ඉදලද කියල බැලුව නම් නරකද මහත්වරුනි..ඒ අයට විනය ක්‍රියාත්මක කරලා පසුව මේ ගැන බලන්න..හැමෝම නිකම් සුදනෝ වෙන්න හදන්නේ නැතුව..(බ)
නරකද මේ පිටුවේම තියෙන මත විමසුම දිහා ටිකක් බැලුව නම්..එතකොට තේරෙයි කාගේද විනය බලන්න ඕනේ කියල.. (බ)
මේවා ඔක්කොම තමන්ගේ වාසියට මිසක් රටට ආදරේටද. (නි)
මේ ඇමතිකම් දුන්නේ පක්ෂ නායකයාගේ නිර්දේශය පිට නොවේද එතකොට? (නි)
අනෙක් අයගේ විනය හොයන්න කලින් තමන් පිළිබඳ සැළකිළිමත්වීම කාට කාටත් වටී (නි)
විනයක් තිබුණ නිසාද නිදහස් පක්ෂය යූඑන්පීය එක්ක එකතුවෙලා ඡන්දෙට අාවේ? අපිට පක්ෂ වැඩක් නැහැ. මහින්ද කොතනද අපි එතන... (නි)