ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය විනාශ කිරීමේ සහ දෙකඩ කරන්නේ වෙන කෙනෙක් නොව පක්ෂයේම හිටපු නායිකාව වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බව කනගාටුවෙන් වුවත් කියන්න වෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (15) නාරාහේන්පිට අභයාරාමයේදී පැවසීය.
ඇය පක්ෂය විනාශ කිරීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පෙළඹී සිටින බවත් ඇයව නිරුවතින් පාරේ ඇවිද්දවිය යුතුයි කියූ අයත් එක්ක වුවද එකට එකතුවී පක්ෂය දෙකඩ කිරීමට පවා ඇය සූදානම් බවත් මන්ත්‍රීවරයා කීවේය.
වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල යන පිරිසද එම සාකච්ඡාවට එක්ව සිටියහ.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂේ කඩාගෙන ගිහින් වෙනම පක්ෂයකින් ඡන්දෙ ඉල්ලපු එක්කෙනා පස්සේ ඒ පක්ෂෙන් ඡන්දෙ ඉල්ලපු කෙනාට කියනවා එයා පක්ෂේ දෙකඩ කරනවා කියල...මොනතරම් විහිලුවක්ද? (ස)
කොට පුද්ගලයෝ අමාරු කාරයෝ කියන්නේ ඇත්තක්ද ? (ස)
දැන් ඕවා අහලා අහලාම ඇතිවෙලා (නි)
ප්‍රියනාත් මහත්තයට වැරදිලා (නි)
මාධ්‍ය සාකඡචා ඉවරයක් නැ. (ර)
අනෝමා, ඔය පිවිතුරුට කුස්සියේ වැඩ නෙමෙයි හරියන්නේ. අර මඩ වලේ කට්ටියගේ වැඩ කරලා මෙයාට හොඳ පළපුරුද්දකුත් තියනවා. (නි)
තව ලැජ්ජා නැතුව ඡන්දෙත් ඉල්ලන්නයි එන්නේ. ආපුදෙන්කෝ, ඉලපත තමයි අතට ගන්නේ... (නි)
පන්සලටත් අබ සරණයි එහෙනම්. කෝ මේ වීර සිංහල බෞද්ධයෝ ? (ස)
පක්ෂයේ ඉතිහාසේ දන්නා මිනිස්සු දන්නවා දුවලා පුතාලා කොහොමද පක්ෂේ කෑලි වලට කැඩුවේ කියලා.2005දී එක ඡන්දෙකින් තිබුණ පාර්ලිමේන්තු බලය , නිදහස් පක්ෂයට කවදාවත් නොතිබුන තැනකට ගෙනාවේ මහින්ද කියලා ගමේ නිදහස් පාක්ෂිකයෝ දන්නවා. මේ රජය පෙරළන්න කුමන්ත්‍රණය කළේ රටේ ජනතාවට ඇති ආදරයට නෙමෙයි.කට්ටියට තේරෙයි මේ මහා ඡන්දෙන් පස්සේ (නි)
ඩලසුත් ඉද හිට ඇත්ත කියනවා එහෙනං! (ම)
පක්ෂයේ එළුවොයි බැටලුවොයි වෙන්කරලා තමයි ඡන්දෙට යන්න ඕනා, නැතිනම් හිතුවක්කාර එළුවෝ හින්දා පක්ෂය ඡන්දෙදි පරාද වෙන්න බොහෝ ඉඩතියෙනවා. (ම)
නියම කතාව. ජයවේවා! (නි)
මහින්ද මහතාගේ සාටකයේ එල්ලිලා පසුගිය මාස 6 ගොඩයන්න බැරිවුණ පිවිතුරු යහපාල උන්නාන්සේ දැන් මන්ත්‍රීතුමෙකුගේ රැවුලේ එල්ලිලා හරි ගොඩයන්න හදනවා. (නි)
ඒ කතාව සම්පුර්ණ ඇත්ත තමයි. (බ)
දේශපාලනෙන් සමුගන්නවය කියල ගිහින් විලි ලජ්ජා නැතුව ආපහු ආපු මේ "කොලස් ඩටා" කියන දේවල් කවුද අහන්නේ ? (ම)
කෝ මෙතන ඉන්න ඕනෑ කෙනෙක් නැහැනේ? (නි)
සමස්ත ලංකා විකටයින්ගේ සංගමයට ඩලස් අලහප්පෙරුමද එක්වෙයි. (ම)
මේ ඔය අබය රමයද ඔයාලගේ මැතවරණ කාර්යාලය මහත්තයෝ එතකොට පන්සලේ දායකයනට මොකද වෙන්නේ? (ම)
මහින්ද පෙන්ෂන් යන්න කියන අයට චන්ද්‍රිකා ඊට කලින් පෙන්ෂන් යන්න ඕන බව පේන්න ඕන. දැන් 70ත් පනිනවා මේ මාසෙදි (ම)
අපේ චන්ද්‍රිකා මැතිණියට ජයවේවා! (නි)
ඔයාල දේශපාලන සරණාගතයෝ ...ඔයගොල්ලට අබ සරණයි (ම)
වාසු ,දිනේෂ්, ගම්මන්පිල යන අයගේ පක්ෂ තුන අනුන්ට කඩේ නොයා පක්ෂය ශක්තිමත් කරගත්තා නම් හොඳයි නේද? අඩුම වශයෙන් දිනේෂ් යටතේ එක සන්ධානගතවීමක්වත් කරගත්තොත් හොඳයි නේද? (නි)
මේ කාටවත් ස්වාධීනව ගොඩඒමක් නැහැ. ලාහට ගෙම්බන් එකතු කරන්න වගේ කවුරුහරි එකතු කරගෙන මහින්ද මහතාගේ නම කියා කියා එල්ලෙන්න වැල් සොයනවා. (නි)
අපි එදත් රැවටුන අදත් රැවටෙනවා හෙටත් රැවටෙනවා. (අ)
තමන් මොන වැරැද්ද කළත් ඒවා කවදාහරි හිත යට පැසවනවා. (නි)
මෙතන ඉන්නේ මහා ලොකුවට සමාජවාදී දර්ශනය කර පින්නාගෙන හිටපු ඇත්තන්. හැබැයි ඔක්කොගෙම ළමයින් ඉගෙනගන්නේ නැතහොත් ඉගෙනගත්තේ ඇමෙරිකාවේ. (නි)
අදහස් දාන මිතුරනේ, මෙයයි නියම තත්වය රටේ. (නි)
මේගොල්ලන් තමන්ගේ ආසනය රැක ගන්නවත් මොනවද කරන්නේ කියල උඩ ඉන්න දෙවියෝ තමයි දන්නේ. කටවල් විතරයි. වැඩ නැහැ. සමාජවාදය රෙද්ද පල්ලෙන් බේරෙනවා. මහින්ද ගේ නම කිව්වේ නැතිනම් මේගොල්ලන්ට මාධ්‍ය හමුවක වෙන කතා කරන්න දෙයක් නැහැ. ඒ මනුස්සයාගේ බෙල්ලේ එල්ලිලා තමයි මේ ඊළඟ පාර ගොඩ යන්න හදන්නේ. මෙහෙමත් දේශපාලකයෝ. (නදී)
ඒකට හේතුවක් තිබෙනවා. මොකද සමහරු හැඳුනුම්පතින් ශ්‍රීලනිප වුණාට හදවතින් එජාප නිසා. (නි)
චන්ද්‍රිකා නිසා නෙවෙයි ඔය එහෙන් මෙහෙන් බෙල්ල දාල ආපු මොල්ලියේ මොලය පිහිටපු සමාජවාදී ඔටුවෝ රිංගලා තමයි කුඩාරම කඩන් වැටුනේ ගිය ජනවාරි 8 වෙනිදා. (නදී)
පක්ෂය දෙකඩ කරන්නේ මහින්දව ඔඩොක්කුවේ තියාගෙන විකට කතාකියන පිවිතුරු යහපාලලා වගේ අයයි. (නි)
තවත් පිරිසකගේ අඳෝනාවක් (නි)
ශිලනිපය ගැන කතා කරන්නේ පිට පක්ෂ වල අයනේ .මේ අය අනිවාර්යෙන්ම පරාද වෙනවා (බ)
මහින්ද භාරදුන්න අමාත්‍යංශයේ වැඩ ටිකවත් හරියට කළාද? (නි)
නිරුවත් කතා කියලා කාන්තාවකට අපහාස කරන්න අදාළ පුද්ගලයාට උසිගැන්වීම ලැබුනේ කොහෙන්ද කියලා අපි දන්නවා. ඒ විතරක් නෙමෙයි. එකතරා හැමෝම දන්නා කට හොඳ නැති නවක නිළියක් තරුණ දේශපාලකයෙකුගේ හයිය ඔලුවට අරගෙන ප්‍රසිද්ධ වේදිකාවේ චන්ද්‍රිකා මැතිණියට අපහාස කළා. අදටත් චන්ද්‍රිකා ඒ කාන්තාවට ඕනෑතරම් කට හොල්ලන්න දීලා ඒ නිළියගේ පවුල් පසුබිම ගැන අනුකම්පා කරන පාටයි. (නි)
කොහොමහරි අන්තිමේදී චන්ද්‍රිකා මැතිණිය තමයි අන්තිමේදී වීරයා (නි)
බළල්ලු ලවා කොස් ඇට බාවන්නේ කවුද කියලා පසුව දැනගන්න ඇති. (නි)
යහපාල , ඔහේට නම් ලැජ්ජාවක් නැති මිනිහෙක්. ඕවට තමා කියන්නේ හොරු සමග හෙළුවෙන් කියලා. (නි)
අපිට න්ම පෙනෙන විදියට ශ්‍රීලනිපය රැකගන්න හදන්නෙ පිට ඉන්න දිනේෂ්, වාසු, ගම්මන්පිල වගේ කට්ටිය. මෙයාලට තියෙන කැක්කුම මොකක්ද කියලා තේරෙනවා නේද ?? (නි)
මෙයාලා ඇත්ත බොරුව කරන්නේ මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලා හිතලා. අර මහින්ද මහත්තයට නිදහසේ පිනක් දහමක් කරගෙන ඉන්න දීලා මේ අය ඒ මනුස්සයාට ඉන්න දෙනවා නම් ඉවරනේ. අවුරුදු 2 කට කලින් මැතිවරණයට ඒ මනුස්සයා උසිගන්නලා ගෙදර යවලා දැන් සමහරු ඔහුට මුවාවෙලා ආයෙත් පාර්ලිමේන්තු යන්නයි හදන්නේ (නි)
මේ මාධ්‍ය සාකච්චාවට යහපාල මහත්තයාත් ගිහිල්ලා වාඩි වුනානම් හොඳයි. දේශපාලන අතරමන් වුවන්ගේ සංගමයේ මාසික මාධ්‍ය හමුව නේ (නදී)
කොහොමත් දේශපාලනයට උදව් කරගන්න කියලා කට හොඳ නැති පිරිමි ටිකක් සහ විලිසන්ගයක් නැති නිලි බවලතුන් කිට්ටු කර ගැනීම මොන දේශපාලකයාටත් අවාසියක් . (නදී)
මෙතන ඡන්දයෙන් පත්වුණ අය කීදෙනක් ඉන්නවද? (නි)
බල තණ්හාව සහ ධන තණ්හාව නිසා විනාශය සිදු වූ බව දැන්වත් පිළිගන්න. ඔය නුසුදුස්සන් එළවලා දැම්මොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක ප්‍රතිපත්ති වලින් ගොඩගත හැකියි. මෛත්‍රී පාලනය ගොඩනඟමු, ජය නියතයි. (නි)
මධ්‍යස්තව බලන කෙනෙකුට නම් පෙනෙන්නේ ඔය කියන චෝදනාව අදාළ කරන්න පුළුවන් ඔතන රැස් වෙලා ඉන්න ඔක්කොටම කියලයි. ඒ බව මෙතන පලකරලා තියෙන කඩේ නොයන නිර්පාක්ෂික බොහෝ අදහස් වලිනුත් ගම්‍ය වෙනවා. (නදී)
නිදහස් පක්ෂය දෙකට කැඩුනාට මොකද රට දෙකඩ නොවී. මෙහෙම ගියොත් එක්සත් ශ්‍රී ලංකාව කොටස් කිහිපයකට බෙදෙයි ළඟදීම. (නි)
එතකොට හිටපු නායකයා කටයුතු කරන්නේ පක්ෂය එකතු කරන්නද? අනේ යන්න මහත්වරුනේ යන්න. එදා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අත ඉස්සුවේ ජනතාව ගැන හිතලද? රටේ බුද්ධිමත් ඡන්දදායකයින්ට පින්සිද්ධ වෙන්න යන්තම් ඒ ඒකාධිපති වියරුව පරාජය කළා. මේ ගොල්ලෝ හිතන තරම් මේ රටේ ජනතාව මෝඩ නැහැ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඇතුළු එතුමාට සහයෝගය ලබාදී අපේ රට බේරාගත් දේශපාලකයින්ට ජයවේවා!!! (නි)
බද්‍රානි කොහෙන්ද පාත් වුනේ..ඔය කියන මහ තැනත් එදා ඔය කියන එකට අත ඉස්සුවනේ..අනෙක යහපාලානේ කට්ටියට නාග විහාරේ කරන දේශපාලනේ හොදයි..අභයාරාමය නරකයි..මොකද ඒ දෙකේ නිකාය දෙකක්ද තියෙන්නේ..(බ)
රුවන්, ඔබ හරි. ඕක පන්සලක්ද? දේශපාලන කාර්යාලක්ද? (නි)
මහින්ද පන්සල් යයි. ඔහු පන්සල් එන විට එහි රැස්වන ජනතාව බුදු මැදුරු, බෝ රුක් අසල සිට විසිල් ගසති. ජය ඝෝෂා කරති. ජනතාව හඬවයි.මේ අතර, ඔහුගේ පහනින් එළිය බලන්නට පොරකන ඔහුගේ ගෝලබාලයෝ ඔහු ඉදිරියට දමාගෙන දේශපාලන ගමනකට පිඹුරුපත් සකසති. ඉදිරි ඡන්දයකදී මහින්ද අගමැති කර ජනවාරි 8දාට පෙර පැවති දූෂිත ක‍්‍රමය ස්ථාපිත කර ගන්නට ඔවුහු උත්සාහ කරති.මේ මහින්ද කලබලය නිසා ජනවාරි 8දා නිර්මාණය කරන ලද වෙනස දැන් දැඩි අභියෝගයකට ලක් වී තිබේ. ප්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමටත්, යහපාලනය හා නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමටත් ආණ්ඩුව පසුගිය මාස කීපය තුළ සැළකිය යුතු වැඩකොටසක් කළ බව අප පිළිගත යුතුය (නි)
සරසි ඔයා ඔයා ඔය කියන අනුකම්පාවෙ රඟ පෞද්ගලිකවම දැන ගන්න ඕනේ නම් "රූකාන්ත , චන්ද්‍රලේකා යුවල හරි අනෝජා වීරසිංහ " මැතිනිය හම්බුනොත් කියලා දෙයි. තමුන්ලා මැරිලා ඉපදුනාට හැමෝම එහෙම නැහැ. මෙතන මේ චන්ද්‍රිකාට පක්ෂව අදහස් දාන්නේ යු.එන්.පී කට්ටිය වෙන්නම ඕනේ. පුලුවන්නම් චන්ද්‍රිකා මැතිනියගේ ගමට ගිහිල්ලා මේ අපේ අම්මා තාත්තා හදපු පක්ෂය ඡන්දය දෙන්න කියලා ඉල්ලලා බලන්නකෝ. (නදී)
තවමත් මේ බල්ටි ගහපු කට්ටිය ඉස්සරහින් තියාගෙනනේ පක්ෂය ගැන කතා කරන්නේ. (නි)
මේ වගේ කට්ටිය හින්දාම තමයි මහින්ද පැරදුනේ. දැන් ගෙදර ඉන්න ටිකත් පුළුවන් නම් නැති කරන්න. (නි)
ඔබතුමාලා එකතුවෙලා මේ කරන්නේ ජාතික තටයුත්තක්. ඒ ගැන ඔබලාට සුබ පතනවා. ඔබලාගේ ගමන සාර්ථක වීම නිසැකයි. ඔහොම යං. (නදී)
බද්‍රානි, කොහෙන්ද පාත්වුණේ? ඔය කියන සමහරුත් එදා ඔය කියන එකට අත ඉස්සුවනේ.. (නි)
මෙතන වැඩි හරියක් ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් නෙමෙයිනේ. එතකොට ඒ අයට මොකක්ද තියෙන රුදාව? (නදී)
මහජන එක්සත් පෙරමුණට නායකයෙක් නැත්ද? ඡන්දය ගැන කතා කළයුත්තේ ඡන්දයෙන් පත්විය හැකි අයයි (නි)
සම්පුර්ණ ඇත්ත කතාවක්. තරහ, ක්‍රෝධය මේවා මහජනතාව වන අපිට පේනවා. (නි)
සිරි මහත්තයෝ,කෝට්ටේ නාග විහාරය පන්සලක් නම් අභයාරාමයත් පන්සලක්.නාග විහාරය දේශපාලන කාර්යාලයක් නම් අභයරාමයත් එහෙම එකක්... (නි)
බද්‍රානි, අනේ යන්න බද්‍රානි යන්න..ගිහින් කුස්සියේ වැඩක් බලාගන්න.ඔයයි මායි දන්නා දේශපාලනය..! (නි)
පිවිතුරු යහපාල උන්නාන්සේ හිතන්නේ මේක එයාගේ පාඨක තීරය කියලා. (නි)
පිවිතුරු යහපාල මහත්තයෝ, ඵලක් නැති දේවල් කර කර ඉන්න මට වෙලාවක් නැහැ. (නි)
ඔයාටයි මටයි මොන කතාද යහපාල? (නි)
පිවිතුරුත් ගිහින් ලොන්ඩරියේ වැඩක් බලාගත්තා නම් මොකද? (නි)
මෙතන බවලතුන්ට කුස්සියට යන්න කියන්නේ සමහර ලොක්කන්ගේ ආර්යාවන් ජිවිතේට කුස්සියක් දැකලා නැතුව ඇති. (නි)
ජේ ආර් ගේ උදාහරණය වැඩියෙන්ම අදාල වෙන්නේ මහින්දට බව මුට අමතකවෙලා (ම)
මඩ ප්‍රචාර නම් ඉතින් එමටයි (නි)
කුස්සියේ වැඩක් බලාගන්න යවන්න ඕනෑ කට්ටිය තමයි කාන්තා සංවිධාන හදාගෙන දැන් වගඋත්තර බඳින්න වෙහෙසෙන්නේ. (නි)
මෙතන කාන්තාවක් වචනයක් ලිව්වොත් යහපාලට කුස්සිය මතක් වෙනවා. කැමති ඇති කුස්සියේම ඉන්න තරමට. (නි)
අපේ රටට හෙන ගැහිලා තියෙන්නේ දේශපාලකයින්ට පන්දම් අල්ලන මේ වගේ අය නිසයි (බ)
නිරුවතින් පාරේ ඇවිද්දවිය යුතුයි කියූ අයත් එක්ක වුවද එකට එකතුවී ජනවාරි 8 වෙනකම් හිටිය අයම නේද මෙහෙම කියන්නෙ? සමිත හා තුෂාරගෙ අදහසට එකග වෙන්ඩ පුලුවන්....(බ)
බද්‍රානි නෙවෙයි ඔන්න ඔය යහපාලට මල් මල් ඒප්‍රන් එක අන්දලා එවන්න කුස්සියට. අපි බලා ගන්නම් ඉතිරි ටික. (බ)
ශ්රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්න කාටවත් බැහැ . පක්ෂය දාල කවුරු ගියත් නිදහස් පාක්ෂිකයෝ පක්ෂය දාල යන්නේ නැහැ. (ම)
ඇත්ත කතාව, මහින්ද නැත්තම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නෑ (බ)
මගේ දෙමව්පියෝ හොඳ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්. මෙතන අදහස් දල තියෙන අය වගේ වෙනත් පක්ෂයක් හිතේ තියාගෙන ශ්‍රී ලංකා එක ගැන කතා කරන අය වගේ නෙමෙයි.පක්ෂය පවා දීල අපහු බලෙන් පක්ෂේ සභාපති ගත්තට මිනිස්සුන්ගේ හදවත් ගන්න බැහැ.(ම)
කට්ටියගේ මුහුණු දිහා බැලුවම කියන්න පුළුවන් එල්ලෙන්න වැලේ වැල් නැතුව ඉන්නවා කියල. ඒ වගේම මේ පිවිතුරු පාල කියන හාදයත් එල්ලෙන්න මුකුත් නැතිව අද බද්‍රනිගේ චිත්තේ එල්ලිලානේ. (බ)
කට්ටියගෙන් පෙනෙන්නේ මහින්ද මහත්තයට තියෙන බය.මහින්ද මහත්තය පැරදුනාම සියල්ල හරි අප්පච්චිව වල දැම්ම කියල හිතපු නොට්ටිගේ පුත්තුත් පුළුවන් තරම් මඩ ගහල මිනිස්සුන්ට එපාම කරවල අප්පච්චිට පාන්ෂකුලේ දෙන්න බලාගෙන හිටපු යු අන් පි එන් ජි ඕ නඩේත් දැන් රෑට නිදා ගන්නේ නැතිලු අප්පච්චිව හීනෙන් පේන හින්ද.පව් කියල හිතෙනවා කට්ටිය ගැන..හිතේ අමාරුවට තීරු පිරෙව්වට දැන් වැඩක් නැහැ..අප්පච්චි එනවා..ලග ලගම එනවා..ඒක වලක්වන්න සක්කරයටවත් දැන් බැහැ..(බ)
සහතික ඇත්ත (ම)
පක්ෂය නෙවේ රටත් කන්න ලෑස්ති වෙලා ඉන්නේ මගේ අලුත් ටීම් එකකට. රට ඉවරයි (බ)
අපේ පක්ෂයේ බොහෝ දුරට අගමැති අපේක්ෂක වීමට නියමිත සිරිපාල මහත්තයත් සමග අපි සියලු දෙනා අත්වැල් බැඳ ගත යුතුයි. අපි බෙදුනත් එ්කේ වාසිය එජාපයටයි. සියලු බලවේගත් ,නිදහස් පාක්ෂිකයනුත් සිරිපාල මහතාත් සමග සිටියොත් නිදහස් පක්ෂයේ ජය ඒකාන්තයි. (ස)
අර කියන ගොන් කතා අහල මෙතන එකෙක් හොඳටම චුන් වෙලා. (බ)
කතාව ඇත්ත (බ)
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට කුඩු කාරයෝ මැරයෝ හොරු පත් කෙරුවේ කවුද ? (ස)
අනෝමාට පවුල් අවුලක්ද මේ පිට පිරිමි කුස්සියට දා ගන්න හදන්නේ..(බ)
යහපාල ගොයියෝ ඔබේ අප්පච්චි කළ දේවල් වලට රටේ ජනතාව නම් එතුමාට පාන්ශුකුලේ දීලත් ඉවරයි. පහුගිය කාලේ අප්පච්චි කල දේවල් වල හැටියට මිනිස්සුන්ට මතක් වෙද්දීත් බය හිතෙන එක සාධාරණයි. ඕනෑම නම් ඉතින්, දවල්ට අභයාරාමේ ඉතුරු වෙන දන් ටිකක් වළඳලා, රෑට බණ මඩුවේ අප්පච්චිවත් තුරුල් කරගෙන නිදා ගන්න. (බ)
මොකද මඩේ එරිල ඉන්න මේ කට්ටිය කෑ ගහන්නේ බේරගන්න කියලද? කට්ටිය ඔය මඩේම ඉන්න ඔබලාට සුදුසුම තැන ඔතන තමයි.(බ)
ඔන්න බොලේ කැරකෙනවලු පක්ෂ කඩන චන්ද්‍රිකාව. (ස)
පින්තූර ටික දකිද්දී ඒත් මම හිතුවේ වෙන විදියකට (නි)
දැන් එතකොට එයාද හැමදේටම මුල? (නි)
ප්‍රියනාත් මහත්තයට වැරදිලා..බෙදුම් වාදීන්ට ආගම් වාදීන්ට අනෙක විධි කප්පන් දෙන්න පොරොන්දු වෙලා අන්තර්ජාලය පුර සංවිධානාත්මකව මඩ වපුරලා තරුණ කොල්ලෝ කෙල්ලෝ රවට්ටලා යන්තම් වැඩිපුර චන්ද ලක්ෂ හතරක් ගැට ගහ ගත්ත පලියට කොහොමද මහත්තයෝ තනි පිරිසිදු ලක්ෂ 58ක් මිනිස්සුන්ගේ විශේෂයෙන් සිංහල බහුතරයේ කැමැත්ත ලැබූ එතුමාට පාන්සුකුලේ දුන්න කියන්නේ..පහුගිය කාලේ මතක් වෙනකොට බය හිතෙනවා තමයි.. ඒ මරබිය මිනිස්සුන්ගෙන් නැතිකලේනම් එතුමා.ඔබ තුමාගේ ඔය යහපාලනය නෙමෙයි..අනෙක දිලිප් මහත්තයෝ..මෙතන කොහෙද මධ්‍යස්ත අදහස්.යහපාලනයට පක්ෂ සහ විපක්ෂ මත මිසක්.මේ තීරුවේ ශ්‍රී ලංකා එක ගැන කිඹුල් කදුළු හෙලන ඔක්කොම පට්ට යු එන් පි කාරයෝ..අපි නොදන්නා යහපාලනේ දේශපාලනය. (ස)
ඔය කවුරු මොනවා කිවුවත් මහින්ද මහතා වටා ඇති ජන බලවේගය නැතිකරන්න බැහැ (නි)
අගේ වෛරය තමා හැම දේටම මුල. (ස)
යහපාලනය නෙමේ පච පාලනය. (ස)
චන්ද්‍රිකා මැඩම් කරපු දෙයක් නැහැ (නදී)