ගංගාරාමයේ පිංපෙට්ටියෙන් රුපියල් 790ක් හා ඩොලරයක් සොරසම් කළැයි කියන සරත් ෆනෑන්ඩු නම් පුද්ගලයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ලබන හය වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහු පිංපෙට්ටිය කඩද්දී අල්ලා ගත් බව පොලීසිය අධිකරණයට දැන්වීය.
සැකකරු වරද පිළිගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන් හිරේ දාන්න ඕනෑ (නි)
රුපියල් 790 ගත්තු අහිංසකයා හිරේ දානවා. මිලියන ගණන් වංචා කරපු අය රජවෙනවා. මිනීමරුවෝ නිදැල්ලේ සැප විදිනවා. ඇමති පුත්තු නිකන්ම ඕනෑ වැරැද්දකින් නිදහස් වෙනවා. නියමයි නේද? (නි)
ගාමිණීගේ නමට මොහොමඩ් කෑල්ලකුත් තියෙනවද? (නි)
මේක මොකක්ද? ලංකාවේ වෙන දේවල් හැටියට ..(නදී)
ඕකත් මහා ලොකු දෙයක්ද ? පසු ගිය දිනවල සාදුලා පිරිසක් අර මුස්ලිම් කඩයකට ගල් ගැහුවේ? (නි)
සුද්දන්ට, හාමුදුරු වරු දොස් කීවට , ඒ අයත් ඩොලර් දාල නේද ?(නදී)
ආසියාවේ ආශ්චර්යය! ජය වේවා! (නි)
ලයිට් බිල ගෙවන්නද දන්නේ නැහැ නේද ? (නි)
සල්ලි නැත්නම් ඇත්ත කියලා පොඩි හාමුදුරුවන්ගෙනස් ඉල්ලුවා නම් උදව්වක් කරන බව 100% ක් ම විශ්වාසයි. (නි)
ඇත්ත වැඩේ වැරදියිනේ (දී)
අනුමානයක් නැතිව කියන්න පුළුවන්! ගාමිණි සිංහල නමින් පෙනී සිටින වෙන කෙනෙක්. (නි)
පින් පෙට්ටි පිටින් අරන් යන අයට මොකක්ද දෙන දඩුවම ? (නි)
අනන්න අහන්න වටිනා නිතිය ලෝකෙටම ආදර්ශවත්,හැබැයි පොඩි මිනිහට විතරයි,ලොකු ලොකු කඹ හොරු ඔක්කොම එළියේ,ගාමිණී කියල මේකේ කමෙන්ට්ස් දාන කෙනා හරි ෂොක්,හැමදාම කට හරි සිනි කිරනවා කඩේ යනවා හොදයි දකින්නේ (අ)
ගාමිණී ඔයා මුස්ලිම් කෙෙනක්ද කියන්නකෝ. (ස)
වැට් බදු කෝටී 357 , දැයට කිරුල ලක්ෂ 390, වී අලෙවි මණ්ඩලය 2012 මිලියන 9000, කොළඹ හොර ඔප්පු සාදා ඉඩම් විකිණීම කෝටි 100 .... සියල්ල නිදහස්. රු 790 හොරකම් කළාට රිමාන්ඩ්. ආශ්චර්යය තමයි. (නි)
මිලියන ගණන ගත්තු අයට "බේල්". රුපියල් 790ට "බේල්". මොකක්ද මේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
මීට ඉහළින් ඇති ප්‍රවෘත්තියේ,ලක්ෂ 390 වංචාවකට කෙනෙක් රහස් පොලිසියට ගෙන ගිහින් කියලා තියෙන්නේ. මේකේ තියෙන්නේ රුපියල් 790නේ. ඒ කියන්නේ ලක්ෂ 390 වැඩිය මේක ලොකු හොරකමක් වගේද?අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අලි අල්ලන්න බය නිසා පොලිසිය කූඹි අල්ලනවාවද්ද? (නි)