(කාංචන කුමාර ආරියදාස )
කණ්ඩලම වැව් බැම්ම ආසන්නයේ පිහිටි මින්නේරි දේවාලයේ පිං කැටය කඩාගෙන මුදල් රැගෙන යමින් සිටි පුද්ගලයකු දඹුල්ල කණ්ඩලම මාර්ගයේ දී රිය අනතුරකට ලක්ව රෝහල් ගත කරනු ලැබ ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
දඹුල්ල කණ්ඩලම ප්‍රධාන මාර්ගයේ මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් අනතුරකට ලක්ව ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කළ බවත් දඹුල්ල පොලීසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂාකර බැලීමේදී ත්‍රිරෝද රථයෙන් ඉවතට විසිවී ගිය කාසි සහ නෝට්ටු තොගයක් සමග මල්ලක් හමුවී ඇති බවත් පොලිසිය පවසයි.
මෝටර් රථයේ රියදුරු සඳහන් කර ඇත්තේ ත්‍රී රෝද රථය ඉතා වේගයෙන් ඉදිරියට පැමිණ එක්වරම මාර්ගයෙන් ඉවතට පැන තම මෝටර් රථයේ වැදුණු බවත් අනතුරත් සමග එහි රියැදුරු හා පොහොර බෑගයක සල්ලි මල්ලක් විසිවී වැටෙනු දුටු බවත්ය.
තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු මුලින්ම කියා ඇත්තේ තමන් ගෙදර තිබූ කැටයක් කඩාගෙන යන අතරතුර දී මෙම අනතුර සිදුවූ බවයි. පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එසැණින් නිවසට ගොස් ඒ පිළිබඳව සොයා බැලීමේදී එය සාවද්‍ය තොරතුරක් බව අනාවරණය වි ඇති අතර නැවතත් තුවාලකරුගෙන් ප්‍රශ්න කිරීමේදී කියා ඇත්තේ සිය පියා ගලේවෙල ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන අයෙකු බවත් එම දේවාලයේ මුදල් තමන්ට ලබාදුන් බවත්ය. කෙසේ නමුත් පසුව පොලිසිය කළ විශේෂ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ කණ්ඩලම වැව් බැම්මේ පිහිටි දේවාලයේ පිං කැටය කඩාගෙන මෙම පුද්ගලයා රැගෙන විත් ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන බොරුද ඊට වඩා ගහපු බැඳුම්කර හොරු, හිටපු හොරු රැල ඔය යසට ඉන්නේ?
මහ බැංකුව බිඳපු හොරු කණ්ඩායමටත් මීට වඩා වැඩිදෙයක් වෙනවා නම්... මහජන මුදල් හොරකම පිං කැට බිඳිනවාටත් වඩා පලදෙන පාප කර්මයක් නෙවෙයිද?
දැන් අපේ රටේ සම (හරක්) මිනිස්සු ඔය දේවාලෙට එන්න පටන් ගනියි අනුහස් තියෙනවා කියල
දෙයියෝ සාක්කි තමයි.
මේ හොරකම ඉතාම අල්ප සුලු දෙයක්... හොරකම මොහුට පල දුන්නා නම්, කෝටි ගණන් හොරකම් කරන, දුප්පත් ජනතාවගේ බදු මුදල් ගසා කනවා නම් දෙවියන් ආරක්ෂා කරන්නේ මන්ද?
දිට්ටධම්ම වේදනීය කර්මය පඩිසන් දෙන්නෙත් පොඩි මිනිහටමනේ අම්මපා. කෝටි ප්‍රකෝටි ගණන් මහජන දේපල කොල්ලකන අයට කිසිම හෙනයක් නෑ. මට පේන්නේ දෙවියොත් අල්ලසට යට වෙලා වගේ.
දැන් මේ අය වැඩි දෙනෙක් කතා කරන්නෙ මහා පරිමාන හොරුන්ට දඬුව්ම් නෑ කියලනෙ. ඒ උනාට ඒ අය මානසිකව කොයිතරම් විඳවනවාද කිය එක ඒ අයයි ඒ අය ළඟම ඉන්න අයයි විතරයි දන්නෙ. මානසිකව විඳින දුක ශාරීරිකව විඳිනවාට වඩා දරුණුයි. ඒ වගේම සමාජයේ නින්දාව?