(අංජුල මහික වීරරත්න)

නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරය වෙත ගල් අඟුරු ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2026/2027 කාලසීමාව සඳහා නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මෙට්‍රික්ටොන් මිලියන 2.28 (±10%) ප්‍රසම්පාදනය කිරීම පිණිස 2026-03-30 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එසේම, සැපයුමට බාධාවක් වීමේ අවදානම වළක්වා ගනිමින් රට තුළ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කළ හැකි වන පරිදි ගල්අඟුරු සැපයීමේ වාරයක් සඳහා ගල්අඟුරු සැපයුම්කරුවන් දෙදෙනෙකු තෝරා ගැනීම පිණිස ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින් එකඟතාව ලබා දී ඇත. ඒ අනුව, ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ලංසු 09ක් ලැබී තිබේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව එකී ප්‍රසම්පාදනය පහත සඳහන් පරිදි ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

*Aditya Birla Global Trading (Singapore) Pte. Ltd.
70% 
මෙට්‍රික්ටොන් මිලියන 1.596 (±10%)

*Mohit Minerals Limited (India)
30% 
මෙට්‍රික්ටොන් මිලියන 0.684 (±10%)