
(රෝෂන් තුෂාර)
අභියාචනාධීකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් ලබන බදාදා (12) සිදු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය පැවසීය.
අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වා ඇති ජනාධිපතිවරයා ලබන බදාදා පස්වරු 1.00 ට එම සාකච්ඡාව ලබා දී ඇති බවද පැවසීය.
යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මීට මාස තුනකට පෙර ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් සාකච්ඡාවක් ඉල්ලා සිටි අතර මැයි 25 දින ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරය පැහැදිලි කරමින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සංශෝධනය නිසා විනිසුරු සන්ක්යාව කියකින් වැඩි වෙනවද? කෝ විද්‍යාත්මක කරුණු? එම සන්ක්යාව ඉතා අඩු ගණනක් විය හැකියි.
ගිහින් ලොක්කගෙන් හොඳට අහගෙන එයි.
සාකච්ඡා කරන්න දෙයක් නැහැ නේද? මේ අයගේ ස්ථාවරය 20,000 ක් විතර නීතිඥ ප්රජාවකින් 1000/2000 ක් යොදාගෙන සම්මත කරගෙන ඉවරයිනේ. සාකච්ඡා කරන්න තියෙනවනම් තියෙන්නේ ඒ අයගේ ස්ථාවරය වෙනස්කරගත්ත කියල ජනාධිපතිට දැනුම් දෙන එක විතරයි.
මෙය කලයුතු දෙයක් , වැඩි ජනතාවක් මෙයට කැමතියි, කරුනාකර විනිසුරු වරුන්ගේ සේවා කාලය දික්කරන්න
නිමල්කා , විනිසුරුවරුන්ගෙ සේවා කාලය හැම රටකම අපෙු රටට වඩා වැඩියි, සේ වා කාලය වැඩිකරල තියෙන්නෙ , ඔවුන්ගෙ පලපුරුද්ද සමග තීරන ගැනීමෙ හැකියාව වරධනය වෙනව. අද ඇමරිකාවෙ විනිසුරු වරයකුට විශ්‍රාම යන වයසක් නැ. රජයේ මෙම තීරනය අගය කලයුතුයි