(ටී.කේ.ජී.කපිල)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 02 වන නැගී එන ජාතීන්ගේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති තරගාවලියේ දී , එහි ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

අන්තර් ජාතික ක්‍රිකට් සභාව ( I.C.C.) විසින් සංවිධානය කළ මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් නුවර ලෝකයේ රටවල් 10 ක සහභාගීත්වයෙන්  පසුගිය 12 දින සිට  25 දින දක්වා පවත්විණි.

එහිදී විෂ්මි ගුණරත්න මෙම තරගාවලිය තුළ ලකුණු 324 රැස් කර ගැනීමට සමත් වී තිබූ අතර ඇය තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූ අතර සත්‍යා සන්දීපනී කඩුලු 17 ක් ලබා ගනිමින් හොදම පන්දු යවන්නිය වූවාය .