කතරගම කිරි වෙහෙරට පූජා කැරුණු නෙළුම් මල්වලින් තම ජීවිතය ගැට ගසා ගන්නා පවුලක් කතරගම සිටී.
කතරගම ගෝතමී ගම පදිංචි ආර් ලෙච්චමී නැමැති තිදරු මව, දරුවන්ද තම මවද පෝෂණය කරනුයේ කිරිවෙහෙරට සැදැහැවතුන් විසින් පූජා කරනු ලබන නෙළුම් මල්වල රේණු එකතු කර වේලා බෙහෙත් කඩවලට විකිණීමෙනි.
අවුරුදු පහක පමණ කාලයක සිට මෙම ජීවිකාව කරගෙන යන බවත් නෙළ්ම් රේගු කිලෝවක් රුපියල් දෙසීය බැගින් සිංහල බෙහෙත් කඩවලට විකුණා ගත හැකි බවත් ඇය කියන්නීය.
දිනපතා උදෑසන හත පමණ වන විට කිරිවෙහෙරට පැමිණ සවස 3 දක්වා ඉවත ලන නෙළුම් මල්වල රේණු එකතු කිරීමට ඇයට දරු දෙදෙනාද සහාය වෙති.
‘අපි උදේම පන්සල ළඟට එනවා. චෛත්‍ය පුටුලසට පරවෙන මල් ඔක්කොම ගෙනත් දානවා. ඒ මල්වලින් තමයි අපි පවුලම ජීවත් වෙනේනේ. ළමයි ටික ඉස්කෝලේ යවන්නෙත් මේ ආදායමෙන්. ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටරෙන් ඇවිත් විසිකරපු මල් පටෝගෙන යනවා. ඊට කලින් අපි රේණු ටික එකතු කර ගන්න ඕනෑ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකිවයුත්තනි , මේ පවුලට පිහිට වෙන්න. (නි)
කෝ අර සුබ අනාගතේ (නදී)
මීටත් වඩා අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු කොච්චර ඉන්නවද? ලංකාවෙ කොච්චර සංවර්ධන වැඩ කරත් ජනතාවගෙ ආදායම් මාර්ග දියුනු වෙලා නැහැ. සංවර්ධනය කියන්නෙ මේක නෙවෙයි කියල ආන්ඩුව දැන්වත් තෙරුම් ගන්ඩ ඕනි.(නදී)
දැන් ඉතින් මේ අය එලවලා දාලා වෙන ලොක්කෙන්ගෙ කවුරු හරි දායිද දන්නෙ නැහැ ඔතෙන්ට... (නි)
මහජන මුදල් ගසාකන ඇතැමුන්ට වඩා මේ මව කෙතරම් ශ්‍රේෂ්ටද? (නි)
අද මිනිස්සු කරන්නේ ලේසියට හිගාකන එක. නමුත් මේ අම්මා රටටම ආදර්ශයක්. මොවුන්ට අනුකම්පා නොකර අත්වැලක් සැපයීම තමයි හොද. ඒකට අපි වැඩපිළිවෙලක් හදමු. (නි)
ඇගේ ගෙදරට විදුලිය තියනවානම් 12 වේනිදායින් පස්සේ බිල ගෙවන්ට තවත් රේනු කිලෝ 5 අවශයයි ආඩම්බර තාත්තාට මහත් අභිමානයක්.(නදී)
කාටත් කරදරයක් නැති " සුවද හමන මල් " (නදී)
චානක, ඔහොම කියලා වැඩක් නැහැ. ඒක ඔයාට ප්‍රකෝටියක් වුණාට ඒ අම්මට හරිම අඩු ගානක්. පුළුවන් නම් කඩයක් දාගන්න උදව් කරන්න. නිකන් පලක් නැති කතා කියන්නේ නැතුව (නි)
හනීෆාගේ කතාවනම් හරියටම හරි. (නදී)
මුදු අත් වලට සවි බල දිරි ලැබේවා! මව් සෙනෙහසට සහසක් මල් පිපේවා!!! (නි)
බොහොම කණගාටුයි. ඒත් සතුටුයි. ජය වේවා.....! (නි)
හේමන්ත කොහොමද එහෙම කියන්නේ.. කතරගම ගොඩක් දෙවිවරු ඉන්නවානේ..!(නු)
ආදර්ශමත් මවක්. මේ දරුවන්ගේ අනාගතය ගැන බයවෙන්න දෙයක් නැහැ. ඇය ඔවුන්ට හොඳට උගන්වාවි. අපේ අම්මලා ඉස්සර කලා වගේ. ජයවේවා!!! (නි)
අනුරාද කිවුවා වගේ , ලංකාදීප පමනයි අපිට විශ්වාස. හැකිනම් අරමුදලක් පිහිටවන්න. ආධාර කරන පුද්ගලයා කැමති කෙනාට අනුව ආධාර කරාවි. ලංකාදීප පාඨකයන්ගේ ඇරයුමක් නිසා මා හිතනවා මේ ගැන අපේ කතෘ මණ්ඩලය තීරණයක් ගනීවි කියලා. දිරිය මාතාවට හා දරු තිදෙනාට සියලු දෙවි රැකවරනයි. (නි)
කවුරුහරි මෙයාලට උදවු කරනවා නම් ඒක තමයි මනුස්සකම (නි)
කිරිවෙහෙරේට මල් පූජා කරන එකට වැඩිය හොඳ වැඩක්නේ මේ අසරණයන්ට කන්න මොනවා හරි දෙන එක. සිංහලයනි, දැන්වත් මේ අන්ධ විශ්වාස අත්හැරලා බුදුහාමුදුරුවෝ කිවුවා වගේ අනුන්ගේ දුකට පිහිට වෙන්න, මේ මල් වලින් බුදුහාමුදුරුවන්ට වැඩක් නැහැ. (නි)
අහිංසක රස්සාවක්. (ස)
කෝටි ගණන් මහජන සල්ලි සූරාකන පව්කාරයිනේ, ඇස් ඇරලා බලන්න නුඹලාට වඩා මොවුන් කොතරම් වටිනේද? (ස)
මෙය දරුවන්ගේ සහයත් මවට තියෙනවා.ඉතාමත් ලස්සන වගේම සංවේදී දසුනක්. මෙය සඳහා පුළුවන් විදිහට සහයෝගයක් දෙන්න අපි හැමෝම උත්සහ කරමු. එක සැමටත් සම එකටත් කියන සංකල්පය ශ්‍රී ලංකාවට ඉතාමත් උචිත වෙයි කියා හිතනවා.(නදී)
අනිත් අය ලැජ්ජ වෙන්න ඕන මේ අසරණ මිනිස්සු දිහා බලල.. ! (ස)
දැන් ප්‍රාදේශිය සභාවෙන් මෙයාලගෙනුත් බද්දක් අය කරාවිද ? (ස)
හෙට උදේ වෙද්දී කතරගම ඉන්න නගරන්කාරයෝ ටික මල්ගොඩ බදු ගනීද දන්නෙ නැහැ. (නි)
පරපුටුවන්ට වඩා මෙවගේ අය උතුම්! (ස)
අයියෝ දැන් ඉතින් ඒ රස්සාවත් ඉවර තමා පව් අහිංසක පවුල .(නදී)
මේ වැඩේ කඩාකප්පල් නොකර පුලුවන් නම් නෙලුම් මල් රේණු වලට හොඳ මිලක් අරගෙන දෙන්න බලන්න. (නි)
එකතු වෙන්න උදව් කරන්න. (ස)
බලන්න හසන්ත මහත්තයෝ එකෙත් හැටි...(ස)
ලොකු ලොක්කෝ සාද දාන්නේ මේ වගේ අහිංසක මිනිස්සුන්ගෙ ඊරි මාන්ශෙ උරා බීලා (නි)
ජීවන්තගේ කතාවත් හරි. වෙන්නේ ඔහොමම වැඩනේ, හෙට දවසේ කන හැටි මේ අයට හීනයක්ම ම තමයි. (ස)
දිරිය පවුලක්. මගේ ප්‍රනාමය. මේ වගේ අයට උදව් කළ හැක්කේ කෙසේද? (ස)
ඕව ගිහිල්ල කියන්න ඕගොල්ලන්ගේ ලොක්කන්ට සහ කම්මැලි ඇමති මණ්ඩලේට. අපි දෙමල,මුස්ලිම් අය ඕවට කටදාන්න ගිහින් නැත්නම් අදහස් ලියන්න ගිහින්, ඊළගට මෙතන අන්තවාදය සහ ජාතිවාදය මතුවුණා කියයි. එනිසා අපි අපේ පාඩුවේ ඉන්නවා. (නි)
මුදු අත් වලට සවි බල දිරි ලැබේවා! මව් සෙනෙහසට සහසක් මල් පිපේවා!!! (නි)
දැන් කට්ටිය කියන්නෙ මේක කරන්න එපා කියලද? නැත්තන් මේ අය මේ රස්සාවෙන් ගලවා ගමු කියලද? එතකොට කවුද බෙහෙත් කඩවලට නෙළුම් රේණු ගෙනත් දෙන්නේ? මේ ප්‍රවෘතිය දාපු කෙනාද?(ස)
අහිංසක කතාවක්, එකතු වෙන්න උදව් කරන්න (ස)
ම්ම්ම්ම් ජීවන්ත ඇත්තටම බද්දත්...(ස)
අදම කවුරුහරි මේක කරන්න පටන් ගනීවී. අනේ අහිංසක පවුලට බඩේ පහර තමා.(ස)
කතරගම දෙයියන්ටත් පෙනේනේ නැතුව ඇති අපේ රටේ ආස්චර්ය.(නදී)
අද දුප්පතාට පිහිටට ඉන්නේ ස්වභාව ධර්මය විතරයි (නි)
සැගවුණු ආදායම් මාර්ගයක්. කැළණි විහාරයේ මොනතරම් නෙලුම් මල් තොගයක් වීසි කරනවද දිනකට? කැළණියේ චන්ඩි මේ ආදායම් මාර්ගය නොදන්නවා ඇති. (නි)
සමහර අය දාලා තියෙන අදහස් මල් වගේම ලස්සනයි. (නි)
ජීවන්තගේ කතාව වැරදියි. කුලී වැඩකාරයගේ පුතත්, හැමදාමත් කුලී වැඩකාරයෙක් විදිහට ඉන්න ඕනෑද? මේ මිනිස්සුන්ටත් හොද රැකියාවක් කරන්න අයිතියක් තියෙනවා (නි)
දෙවියන් විස්වාස නොකරන මම ඔබ සියලුදෙනාට තෙරුවන් සරණයි.(නදී)
වැරදි වැඩ නොකර ගෞරවාන්විතව ජීවිකාව ගෙනයන පවුලක්. (ස)
බලන්න චින්තනය කොයිතරම් ලස්සනද කියලා? (නි)
බුදුසරණයි (අ)
ඔබ සබැ දියණියක් සබැ මවක්.. (ස)
මේවා කියවල හදවතින් අපි වේදනා වින්දට පුටු රත් කරන අයට දුක වේදනාව පෙනෙන්නේ නැහැ . ලංකාදීපය පිටරටවල ඉන්න හැම කෙනෙක්ම බලන නිසා මුදලින් උදව් කරන්න ඕන අයට ඒවා කරන්න පහසු කමක් සලසනවානම් ලොකු දෙයක් . රිසානාගේ ,අචලගේ වගේ සිදුවීම් වලදී මිනිසුන්ගේ හිත කම්පා වෙනකොට ආදාර කරන්න හිතෙනවා. ඩිනර්, ඩොලර්, යූරෝ, පොඩි මුදලකින් ගොඩ දෙයක් කරන්න පුළුවන් .(නදී)
මේ අයට මේ වගේ පත්තරෙන් ප්‍රසිද්දියක් නොදී ඒ වැඩේ කර ගෙන යන්න ඉඩ දුන්න නම් හොඳයි කියලයි මම නම් කියන්නේ. දැන් මේ වැඩේ තවත් අය. කරන්න ගනීවි. සමහර විට මේ අහිංසකයන්ට ගහලා එළවලා මේ තැන අල්ල ගන්නත් ඉඩ තියනවා මේ ධර්ම ද්වීපයේ.(ස)
උත්සහවන්තකම අගයකළ යුතුයි, රැකියා නොමැතිව නීතිවිරෝදී වැඩ කරන අයට, මෙවැනිමවූ නොයෙකුත් රැකියා මේ රටේ තිබෙනවා, මේවට ලැජ්ජා විය යුතු නැහැ. ආඩම්බර වියයුතුයි. තමන්ගේම යටතේ තමන් වැඩකරන එක ගැන, සුබපතනවා මොවුන්ට,,,,,(ස)
බුදුන් නිසානේ මෙහෙමවත් රැකවරණයක්. ඉතාමත් අහිංසක රස්සාවක්. (ස)
කෝ ජනසවියද අර සවියද කියල තියෙන්නේ කොහෙද දන්නේ නැ (ස)
හෙට අනිද්ද වෙනකොට මේ මිනිස්සුන්ට ප්‍රාදේශීය සභාවෙන් බද්දක් දායිද දන්නෙ නැහැ (නි)
ඔබ ඉතා දහිරියවන්ත කාන්තාවක් ඔබට ජය.(නදී)
උදේට කතරගම වැදලා, පහුවෙනිදා රෑට, රාත්‍රී සමාජශාලා වලයි, සාද වලයි සැප අරගෙන, ඊටත් පස්සේ දවසේ, තමන්ගේ අමාත්‍යන්ශේ හෝ ආයතන වල පුටුවට බර වෙලා රටේ ප්‍රශ්න විසදන්න ඉන්න කට්ටියට, බලල - හදවතින් හඩන්න වටිනා ලිපියක්..!! (ස)
මේ වගේ ප්‍රවෘත්ති නම් පපුව පිච්චෙන ප්‍රවෘත්ති. ඔය කතරගමට ටිකක් එහා නේද අවුරුද්දට ලොකු උත්සවයක් එහෙමත් තිබුණේ? (නි)
අහිංසක මව්තුමිය ඔබට නිරෝගි සුවය සහ ශක්තිය ලැබේවා ! (ස)
කෝ අපේ නිලධාරීන්? කෝ දුප්පත්කම නැති කරන්න ආපු ව්‍යාපෘති? ඊළගට මෙයාලව එලවලා බද්දක් ගහලා කාටහරි මේක බදු දෙයිද දන්නෙ නැහැ. අනේ මාධ්‍යයෙන් මම ඉල්ලන්නේ, මේ වගේ ඒවා අනාවරණය කරන්න එපා. (නි)
දිවිනැගුමේ නිලදාරීනි හැකි ඉක්මනින් මේ අයට උදුව් කරන්න. (ස)
බලදරයනි, මේ පොඩි ළමයි ටික ඉස්කෝලේ යනවද කියන හොයල බලන්න.(නදී)
මල් වලට යන වියදම දුන්නොත් මල් කැකුළු වලට පුංචි බඩ පිරී අහිංසක සිනහ රැෙඳේවි. පින් ලැබේ ඔයාල හැමෝටම හිතන්න දානය උතුම් බව. (ස)
හිස තෙල් ගාගන්න කතරගම ගිය අයට ඕක ආරංචි උනේ නැද්ද.?(නදී)
රුපියල් 200.00ක් ලැබෙන නිසා පෝලිමේ සෙනග ඉදීවි මල් එකතුකරන්න. හිගන්නාගේ පාත්තරේට හෙනහුරා ලගාවෙයිද දන්නෙ නැහැ (නි)
කාරුණික ලංකාදීපය වෙතටයි. මා පෙරකළ ඉල්ලීම පරිදි අරමුදලක් පිහිටුවා ගතහොත් මෙවැනි අයට පිහිටවිය හැකියි නේද? (නි)
සොරකම් නොකර, කාටවත් කරදරයක් නොවී මෙහෙම ජීවත් වෙන්න ලැබීමත් වාසනාවක් (නි)
ඔය මල් 3ක වට්ටියක් රුපියල් 30ක්, 50 ක් විතර වෙනවා. ඔච්චර කාලයක් ඉදලත් මල් වෙළදාම කරන්න අදහසක් පහල වුණේ නැත්තේ ඇයි? (නි)
මගේ අම්මේ, වැදගත් කියන සමහර පුද්ගලයන් අධර්මයෙන් හම්බ කරන කෝටි ගණන් මුදල් වලට වඩා මගේ අම්මා දුක් මහන්සියෙන් උපයා ගන්න මේ මුදල් ප්‍රකෝටි ගණනක් වටිනවා. මගේ අම්මට තුනුරුවන් පිහිටයි. (නි)