ප්‍රවිණ කලාකරු නිහාල් ප්‍රනාන්දු මහතා මේ වන විට දැඩි රෝගි තත්ත්වයකින් පෙළෙන බැවින් ඒ මහතා සුවපත් කරගැනිමට සැත්කම් කිහිපයක් කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. ඒ සඳහා අවශ්‍ය මිල මුදල් සොයා ගැනිමේ අරමුණින් එක්සත් කලා සංසදය සංවිධානය කරන නිහාල් ප්‍රනාන්දු කලාකරුවා රංගනයෙන් දායක වු වේදිකා නාට්‍ය තුනක් වේදිකාගත කිරිම ඔක්තෝබර් 15,16 සහ 17 කොළඹ මහානාම විද්‍යාලිය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරිමේ හමුවක් කොළඹ ජානකි හෝටලයේදී අද (09) පැවැත්විණි. ධර්මසිරි බණ්ඩාරනායක, සුරේනි සෙනරත්, ඩයනා ගමගේ,මිචෙල් ෆොන්සේකා ඇතුළු කලාකරුවෝ මේ අවස්ථාවට එක් වුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට ඉක්මන් සුවය පතමි. (නි)
ඔබගේ ප්‍රයත්නය සාර්ථක වේවා! (නි)
ඔබගේ උතුම් වූ ප්‍රයත්නය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා! නිහාල් ප්‍රනාන්දු කලාකරුවාණන්ට ඉක්මන් සුවය ලැබේව! (බ)
ඉක්මන් සුවය පතමි.! (ර)
ඔබ තුමා සුවපත් වේවා.! (ර)
නිදුක් සුව පතමි! (නි)
පරිපුර්ණතාවයෙන් හා සහජ හැකියාවකින් යුතු ඉතාම අගනා අහිංසක කලාකරුවෙක්. ඔබතුමාට ඉක්මන් සුව හද පත්ලෙන්ම පතමි (නි)
අර දේශපාලුවන්ට කඩේ ගිය එක කලාකරුවෙක්වත් මෙතැන නැහැ. ඕක තමයි ඒත් පව් අහිංසක නළුවෙක්. ඔබට ඉක්මන් සුවය පතමි (බ)
ඔබට ඉතා ඉක්මනට සුව වේවා කියා මා පතමි ඒ වගෙම කලා කරුවෙකුට උදව් කරන්න ඉදිරි පත් වෙචීච මෙම කලා කරුවන් පිරිසට ස්තුති වන්ත වෙමි (බ)