නැගෙනහිර පළාත් අන්තර් අමාත්‍යංශ, දෙපාර්තමේන්තු රාජ්‍ය නිලධරයන් හා මැති ඇමැතිවරුන්ගේ අවුරුදු උත්සවය ත්‍රිකුණාමලය ඕර්ස් හිල් ළමා උද්‍යානයේදී රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සම්ප්‍රදායික කෙළි සෙල්ලම්වලින් සමන්විත වූ එහි දී නිලධාරීහුද සූප්පුවෙන් බීවෝය. කඹ ඇද්දෝය. මැති ඇමැතිවරු සංගීත පුටු තරගයට සහභාගී වූහ. නිලධාරිනියෝ පොල් ගෑහ.
නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මිය පළාත් අධ්‍යාපන ඇමැති විමලවීර දිසානායක මහතාද සංගීත පුටු තරඟයට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නිලධාරීන් කියන අය කඹය කොහාට අදියිද කියන්න බැහැනේ. ඒකයි එතුමා පැත්තකට වෙලා බලාගෙන ඉන්නේ! (නි)
කොහොමහරි දිනයි. (නි)
කොහොමත් පුටු තරග මේ ගොල්ලන්ගේ රස්සාවල එක අංගයක් නේ. (නි)
මුලදී සුප්පුවෙන් කිරි බීලා ප්‍රාදේශිය සභා මන්ත්‍රී කෙනෙක් හැටියට තමා පටන් ගන්නේ. ඊට පස්සේ කඹ ඇදලා පාර්ලිමේන්තුවට... එතනදී සංගීත පුටු තරගෙට ඉදිරිපත් වෙනවා. මෙයාලා මේ ටික කරනකල් ජනතාව හැටියට අපි හැමදාම පොල් ගානවා. ඉතින් මේක අපේ සාම්ප්‍රදායික කෙළි සෙල්ලමක් තමා. (නි)
ඔය නිලදාරීන් අතරේ පුටු තරගේ සහ නිලදාරිනියන් අතරේ පොල්ගෑම , මැහුම් ගෙතුම් වාගේ වැඩ හැමදාමත් කාර්යාල වල තියෙනවනේ.(නදී)
මේ තියෙන්නේ ප්‍රදර්ශන වැඩේට හොදම උදාහරණ. අවුරුදු උත්සවෙකටත් ලොක්කෙක් නැතුව බෑ. ඒක දැන් මදිකමක් වෙලා. හැබැයි අපිලු උතුම්ම (ස)
මේ ඔක්කොම අතන ඉන්න ටයි මහත්තුරු ටික සනසන්න කරන ප්‍රදර්ශනවාදී වැඩ. පස්සේ උසස්වීමක්, මාරුවක්, පඩි වැඩිවීමක් ලකුණු ගැනීමක්. අර සුද්දෝ කියන්නේ බොරුද. හදට රෝකව් එකක් ඇරියත් ඔබම එන්නේ නැහැ.(නදී)
අපෝ ඕවා නුපුරුදු දේවල්යැ? (නදී)
දේශපාලන ගෙඹි පනින්න හරි දස්සයි.(නදී)
කොහොම වුණත් ඔය ජන ක්‍රීඩා අතුරින් කඹ ඇදීම නම් හුගාක් වැදගත්..!! (නි)
බලන අපි නෙතින් බලා බුද්ධියෙන් තේරුම් ගත යුතුයි. (නි)
ඔය ඔක්කොම මහින්ද චින්තනේ බයිලාකරුවෝ.(නදී)