නැගෙනහිර පළාත් අන්තර් අමාත්‍යංශ, දෙපාර්තමේන්තු රාජ්‍ය නිලධරයන් හා මැති ඇමැතිවරුන්ගේ අවුරුදු උත්සවය ත්‍රිකුණාමලය ඕර්ස් හිල් ළමා උද්‍යානයේදී රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සම්ප්‍රදායික කෙළි සෙල්ලම්වලින් සමන්විත වූ එහි දී නිලධාරීහුද සූප්පුවෙන් බීවෝය. කඹ ඇද්දෝය. මැති ඇමැතිවරු සංගීත පුටු තරගයට සහභාගී වූහ. නිලධාරිනියෝ පොල් ගෑහ.
නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මිය පළාත් අධ්‍යාපන ඇමැති විමලවීර දිසානායක මහතාද සංගීත පුටු තරඟයට එක්වූහ.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නැහිර සභාපතිනි සංගීත පුටු තරඟයේ
ගාමිණී Friday, 19 April 2013 02:26 PM
ඔය නිලධාරීන් කියන අය කඹය කොහාට අදියිද කියන්න බැහැනේ. ඒකයි එතුමා පැත්තකට වෙලා බලාගෙන ඉන්නේ! (නි)
චතුල වෙරෝනා Friday, 19 April 2013 02:45 PM
කොහොමහරි දිනයි. (නි)
නදී Friday, 19 April 2013 02:55 PM
කොහොමත් පුටු තරග මේ ගොල්ලන්ගේ රස්සාවල එක අංගයක් නේ. (නි)
සමන් Friday, 19 April 2013 03:02 PM
මුලදී සුප්පුවෙන් කිරි බීලා ප්‍රාදේශිය සභා මන්ත්‍රී කෙනෙක් හැටියට තමා පටන් ගන්නේ. ඊට පස්සේ කඹ ඇදලා පාර්ලිමේන්තුවට... එතනදී සංගීත පුටු තරගෙට ඉදිරිපත් වෙනවා. මෙයාලා මේ ටික කරනකල් ජනතාව හැටියට අපි හැමදාම පොල් ගානවා. ඉතින් මේක අපේ සාම්ප්‍රදායික කෙළි සෙල්ලමක් තමා. (නි)
පෙරේරා Friday, 19 April 2013 03:12 PM
ඔය නිලදාරීන් අතරේ පුටු තරගේ සහ නිලදාරිනියන් අතරේ පොල්ගෑම , මැහුම් ගෙතුම් වාගේ වැඩ හැමදාමත් කාර්යාල වල තියෙනවනේ.(නදී)
ලසන්ත Friday, 19 April 2013 03:38 PM
මේ තියෙන්නේ ප්‍රදර්ශන වැඩේට හොදම උදාහරණ. අවුරුදු උත්සවෙකටත් ලොක්කෙක් නැතුව බෑ. ඒක දැන් මදිකමක් වෙලා. හැබැයි අපිලු උතුම්ම (ස)
ජීවන් Friday, 19 April 2013 03:42 PM
මේ ඔක්කොම අතන ඉන්න ටයි මහත්තුරු ටික සනසන්න කරන ප්‍රදර්ශනවාදී වැඩ. පස්සේ උසස්වීමක්, මාරුවක්, පඩි වැඩිවීමක් ලකුණු ගැනීමක්. අර සුද්දෝ කියන්නේ බොරුද. හදට රෝකව් එකක් ඇරියත් ඔබම එන්නේ නැහැ.(නදී)
දිලිප් Friday, 19 April 2013 01:04 PM
අපෝ ඕවා නුපුරුදු දේවල්යැ? (නදී)
චමින්ද Saturday, 20 April 2013 03:09 PM
දේශපාලන ගෙඹි පනින්න හරි දස්සයි.(නදී)
රජින්ද Friday, 19 April 2013 01:34 PM
කොහොම වුණත් ඔය ජන ක්‍රීඩා අතුරින් කඹ ඇදීම නම් හුගාක් වැදගත්..!! (නි)
ආනන්ද ආර් Sunday, 21 April 2013 08:17 AM
බලන අපි නෙතින් බලා බුද්ධියෙන් තේරුම් ගත යුතුයි. (නි)
වීරසේකරගේ Saturday, 20 April 2013 04:03 PM
ඔය ඔක්කොම මහින්ද චින්තනේ බයිලාකරුවෝ.(නදී)