නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර මේ මස 30 වැනිදා ආරම්භ වන ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන විස්සයි20 තරගයේ සහ පළමු එක්දින තරගයේ ප‍්‍රවේශපත් මේ දිනවල නිකුත් කරන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කරයි. විස්සයි20 තරගය මේ මස 30 වැනිදා පස්වරු 7.00 ට ද, පළමු එක්දින තරගය නොවැම්බර් මස 1 වැනිදා පස්වරු 2.30 ට ද ආරම්භ වීමට නියමිතය. මහනුවර සිටි සෙන්ටර්හි අබාන්ස් ප‍්‍රදර්ශනාගාරයේදී සහ පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ ප‍්‍රවේශපත් කවුළුවෙන් ලබාගත හැකිය. ප‍්‍රධාන පේ‍්‍රක්‍ෂකාගාරයේ ඉහළ මාලයේ ප‍්‍රවේශපතක් රුපියල් 300 කට, ‘ඒ’ සහ ‘බී’ පෙදෙසේ පහළ කොටසේ ප‍්‍රවේශපතක් රුපියල් 150 කට සහ එළිමහන් ප‍්‍රදේශයේ ප‍්‍රවේශපතක් රුපියල් 20 කට අළෙවි කෙරේ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාන් කියාගන්න බැරුව ඉන්න අපිට මොන ක්‍රිකට්ද? (නි)
යුද්දයක් වගේ තියෙයි
පල්ලෙකැළේ නිසා ලාභයි නේද? (නි)
ටිකක් ලාභයි වගේ නේද? (නි)
හොඳ්ද බොරවෙයි වගේ ආයෙමත් (ස)
තවත් ලැජ්ජා නැතුව ටිකට් විකුණනවනේ.... (නි)
සිල්වා.... ඇයි පාන් කියන්න හදන්නේ. බත් කියා ගන්න පුළුවන් විදිහට වැඩ කරන්න.අපේ රටේ ඔයා හිතන තරම් අහේනියක් නෑ.මම උපාධියක් තියෙන කොල්ලෙක්.ඒත මුට්ට කර ගහලා ජීවිතේ ගොඩනගාගත්ත කාලයක් තිබුණා.එහෙම කරන්න හැම කෙනාටම බැරිවුණත්, එහෙම කලොත් වරදින්නෙ නැහැ. (ස)
කවුරුත් තරහා වෙන්න එපා. 20/20 නම් පරදීවි. අනිත් ඒවනම් දිනාවි (ස)
දැන් අපහු ටික කාලයක් යනකන් අපිට ක්‍රිකට් එපෝ......... (ස)
ආයේ අන්තිම තරගයක් දිනනකල් ක්‍රිකට් බලන්නෙ නැහැ. (නි)
ඉල්ලං කෑවා මදිද?. මේපාර කී දෙනෙක් බිලි ගන්නද කල්පනාව. (ස)
අපරාදේ. හිටියා නම් අනිවාර්යයෙන්ම මමත් බලනවා (නි)
මොනවා වුණත් අපේ කණ්ඩායමත් සමග අපි ඉන්නවා (නි)
අපි නම් එනවා ලංකාව දිනවන්න.(නදී)