(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච්.චන්දන)
පුත්තලම සිරම්භිඅඩිය සිංගනාගවිල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු පිරිසක් ඊයේ(20) රාත්‍රියේ පුද්ගලයකුට පහර දි මරා දමා ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
මරා දමා ඇත්තේ සිංගනාගවිල්ලුව පදිංචි ලාල් ප්‍රනාන්දු නැමති දෙදරු පියෙකි.
පුද්ගලික ආරවුලක් හේතුවෙන් ඇතිවු බහින්බස් වීමකින් පසුව නිවසට කඩා වැදුණු පිරිසක් පොලු මුගුරුවලින් පහර දි පුද්ගලයා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
පහර කෑමට ලක්වු පුද්ගලයා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කරන විටත් මරණයට පත්ව සිට ඇත.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු පුත්තලම මුලස්ථාන පොලිසිය රාත්‍රියෙදිම අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා අස්සේ මේවට නම් අඩුවක් නැහැ.
පුදුම රටක්නේ....!
අද බොහෝවිට පොලීසිය පරීක්ෂණ පවත්වන්නේ මෙවැනි අපරාධයක් සිදුවූවාට පසුවයි. එබැවින්, අද කෙනෙකුගේ ආත්ම ආරක්ෂාව සඳහා ගිනි අවි තබා ගැනීමට අවසර දිය යුතුයි.