(ජේ.කේ.එල් චාමින්ද)
නිවසේ වහලය පිරිසිදු කරමින් සිටියදි සෙවිලි තහඩුවක් කඩාවැටි බිමට ඇදවැටිමෙන් බරපතල තුවාල ලැබු පොලිස් සැරයන්වරයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි මිය ගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ නාගොඩ යටලමත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සුමනදාස ඇපා (58) නැමති ගාල්ල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකි.
අප්‍රේල් මස 24 වැනිදා මොහු මෙම අනතුරට ලක්ව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි ඊයේ (05) මියගියේය.
නිවසේ වහලයට පැමිණි සර්පයකු වහලය මත සිටිනු දැක පොලිස් සැරයන්වරයා වහලය පිරිසිදු කිරිම සදහා වහලයට නැගි අවස්ථාවේදී මෙම අනතුර සිදු වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාත් සුමානෙකට සැරයක්වත් වහලෙට නැග්ගා වැස්සට තෙමෙන තැන් බලන්න. අයෙත් නම් නගින්නේ කඹයක් ඉනේ බැඳගෙන වතුර ටැංකියේ කුළුනේ අනිත් කොන බැඳලා තමයි.