( රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය ප්‍රදේශයට දිනපතා ඇඳ හැලෙන වර්ෂාවත් සමගම නාවලපිටිය නගරයේ කොටසක් වැසි ජලයෙන් යට විම නිසා ජන ජිවිතයට මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට දැඩි බලපෑමක් ඇතිව තිබේ.
නාවලපිටිය නගරයේ ප්‍රධාන තැපැල් කාර්යයාලයේ සිට මිටර් දෙසියයක් පමණ මහනුවර දෙසට ප්‍රධාන මාර්ගය අඩි 3 ක් දක්වා ඉහළට වැසි ජලය පිරී ඇති අතර මාර්ගය දෙපස වෙලදසැල්වලට ජලය කාන්දු වන බව වෙළදසල් හිමියෝ පවසති.
වැසි ජලය ප්‍රධාන මාර්ගයේ පිරි තිබිම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද අඩාල වී ඇති අතර විකල්ප මාර්ග ඔස්සේ රථවාහන ධාවනය කිරිමට ද නාවලපිටිය පොලිසියට සිදු වි ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය දවසක මේ නගරයේ මහපාරේ නිදාගත්තා නේද එක්තරා මහජන නියෝජිතයෙක් ..... දැන් ඒ පුද්ගලයා මේ ජලය ගැලීමේ ප්රශ්නය වෙනුවෙන් ලගම තියෙන මහවැලි ගගේ නිදාගනියි කියා අප විස්වාස කරනවා .
මෙතන කවද වැස්සත් වතුර පිරෙනවා. ඔතන තියෙන කානු පද්දතියේ තියෙන අවුල හරි ගැස්සුවා නං මෙහෙම වෙන්නේ නැ.