හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල පතන නව උමං මාර්ගය සිකුරාදා සිට විවෘත කැරිණි. කොළඹ බදුල්ල උඩරට දුම්රිය මාර්ගයට පහළින් පිහිටි කළු ගලක් විද මේ උමග සාදා ඇත. මීටර 30ක් උසැති හා මීටර 20ක් පළලැති උමග මංතීරු දෙකකින් සමන්විතය. මෙම මාර්ගය 2014දී වැඩ ඇරඹිණි.
මෙම උමගින් තැනීම නිසා කන්ටේනර ප්‍රවාහනයටද ඉඩකඩ සැලසී ඇත. කලින් පැවති උමග කන්ටේනර ධාවනයට ප්‍රමාණවත් නොවීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ව්‍යවහාරික මුදල් නෝට්ටු අවලංගු කරලා අලුතින් දැම්මා නම් කොමිස් මුදලුත් එළියට ඒවි.එතකොට බලාගන්න පුළුවන් ඔය කොමිස් කතාවල සත්‍යය. (නි)
හොද වැඩක් කවුරු උනත් (ම)
ඒත් මහින්ද රට කෑවා (නි)
මොනවා මොකා කීවත් මහින්ද දිනනවා. ලංකාවේ හැටියට බොරු ෂෝ අවශ්‍යයි (නදී)
ජනතාවගේ සල්ලි කිව්වට සල්ලි හොයන්නේ ආණ්ඩුව. මහින්ද යුද විනාසය අවසන් කරලා රට සංවර්දනය කළා. එ්ත් වංචා කරපු අය අද යහපාලනයේ. (නදී)
පාරවල් හදන එක සංවර්ධනේ නෙමෙයි. මට ඕනේ ඔයගොල්ලන්ගේ සාක්කුවලට සල්ලි දාන්න. මම දින 100 දී ඔයගොල්ලන්ගේ සාක්කුවලට කොච්චර නම් සල්ලි දැම්මද. සාක්කු ඉරෙන්නත් යනවා නේද බර වැඩි කමට. (නදී)
එහෙනම් චන්ද්‍රිකා නොන තමයි හොදම එක්කෙනා. එයා අවුරුදු 12ම මොකුත් නොකර ජනතාවගෙ සල්ලි ඉතුරු කරල දුන්නනෙ. (ම)
මහින්ද තවත් ගොඩක් දේවල් කරලා තියෙනවා. ඒවට තමයි ජනවාරි අට වෙනිදා එතුමාට ගෙවන්න සිද්ධ වුණේ. (ම)
මහින්දගේ ගෙදරින් ගෙනාපු සල්ලි නෙමෙයි තමයි, එත් රටේ සල්ලි/ණය සංවර්දන වැඩ වලට වියදම් කරලා රට සංවර්දනය කලේ මහින්ද විතරයි. ඉස්සර චන්ද්‍රිකා, රනිල්ලා ඔහොම වැඩ කලාද? දැන් රනිලුත් එහෙම වැඩ කරනවද? නෑ, ඡන්ද ගන්න සුළු ගානක් අඩුවෙන් කන්න දෙනවා විතරයි (නදී)
කොයි අාණ්ඩුව අාවත් කරන්නෙ මහජන මුදල් වලින්. රජ කාලෙ උනත් ඒහෙමයි කරල තියෙන්නෙ. වැවක් ගැන අපි කතා කරනකෙට කියන්නෙ ඒ වැව හැදුවෙ අහවල් රජතුමා කියල නේද...? අන්න ඒ වගේ තමයි. නායකත්වය තමයි සදහන් වෙන්නෙ. තවම මේ අාණ්ඩුවෙන් කිසිම දෙයක් අලුතින් හදල නෑ. මහිනදගෙ නායකත්වයෙන් හදපු දෙවල් තමයි තාම ජනතාවට දෙන්නෙ. ඒ ගෞරවය මහින්දට දෙන්න මැලි වෙන්න ඒපා. මෛත්‍රී හරි රනිල් හරි හදපු දාට ඒයාලගෙ නම් කියන්න. හොරා කෑව ගසා කෑව කාෙම්ස් ගත්ත කිවුවට තාමත් ඒව චොදනා විතරයි. හරියට කටකතා කියනව ගේ. ඔප්පු කරන කම් තව කෙනෙකුට ඒහෙම කියන්න යන්න ඒපා. තමන්ට ඒහෙම චෝදනාවක් අාපු දාට තමයි තේරෙන්නෙ. දේශපාලකයො කියන දේවල් අල්ලගෙන මිනිසු රන්ඩු වෙන නිසා උන් කිසිම සොයා බැලීමක් කරන්නෙ නැතුව බොරු ගොතනව. (බ)
මේවා මහින්දගේ වැඩ.මේ රටට දැනෙන දෙයක් කළේ මහින්ද (බ)
මහින්දගේ සල්ලි නොවන බව ඇත්ත. ඕනම නායකයෙක් රටට වැඩ කරන්නේ තමන් ගෙදරින් ගෙනාපු සල්ලි වලින් නෙමෙයි. දැන් කට්ටියටත් ඔය සල්ලි ඇතිනේ. එ්ත් ඉතින් අත්තිවාරමක්වත් දැම්මද.දැන් දූෂණය නාස්තිය නැත්නම් මිනිසුන්ට ඒක හොඳට දැනෙන්න ඕන. අපිට නම් පේන්නේ රට මහින්දගේ කාලේ තිබුණට වඩා ගොඩක් පහළට වැටිලා කියලා (බ)
ගසාකෑම් නැති කරන්න නම් මිනිස්සු අවංක වෙන්න ඕන. මම හිතන්නේ අද කාලේ ගොඩක් මිනිස්සු තමන්ගේ වාසිය තකා වැඩ කරන්නේ (බ)
ගසාකෑම් නැති කරන්න නම් මිනිස්සු අවංක වෙන්න ඕනෑ. අද කාලෙ ගොඩක් මිනිස්සු තමන්ගේ වාසිය තකා වැඩ කරන්නේ. (ස)
මහින්දට පින්සිද්ද වෙන්න මේක උනේ අරක උනේ කියන උන් නිසා තමා මහින්ද ට්‍රිලියන පති උනේ. (ස)
මහින්ද මහත්තය කලා හරි.....එත් ඒ ණය ගෙවන්නේ මෛත්‍රී මහත්මයාගේ රජයෙන්..මම වැරදිද ? (ස)
මහින්ද විවෘත කලා නම් ලොකු සන්දර්ශනයක් දානවා . දැන්? දැන් සන්දර්ශන දාන්න ඒගොල්ල කොරපු ඉටිගෙඩියක් නැත. (ස)
මහින්දලා රටට වැඩ කළාට වැඩි හරියක් කළේ මහජන මුදල් හූරන් කාපු එක. හොඳයි එහෙනම් දින 100 ඇතුලත මහ බැංකුවේ රුපියල් බිලියන ගණනක් රටට පාඩුකොට සල්ලි බෑණන්ඩිට දීපු එක ගැන මොනවද කියන්නේ? ඒවාට ගෙවන්නේ කවුද? (ස)
මහින්දගේ වැඩ, අපේ සල්ලිවලින් කොමිස් අරන්. කොමිස් නැතිව වැඩ කරන රටක් කියන්න. ජය ලලිත හිරේ ගියේ මොකද? (ස)
කොහොම උනත් රටේ සංවර්ධනයක් උනානම් ඒ මහින්ද ජනාධිපති තුමාගේ කාලේ. ඒවගේම කොමිස් ප්‍රශ්නත් බොහෝ තිබුන. ඒවාට ඇස පියාගෙන හිටපු එක තමයි එතුමාට කලින්නම යන්න උනේ, ඒක අපේ රටේ අවාසනාව.මගේ අදහසනම් අපිට ඕනවෙන්නේ අයෙමත් මහින්ද මැතිතුමාවත් එකතු කරගෙන අපේ රට සංවර්ධනය කරන එකයි.ජනතාවගේ ධනය හොරාකාපු ''ප්‍රභූන්ට" නියත වශයෙන්න්ම දඩුවම් දෙන්න ඕන.නමුත් දැන් වෙන්නේ ඒක නොවෙයි, පලිගැනීම විතරමයි. අපි හදන්න ඕන ලාංකිකයන්ට ඕන ආණ්ඩුවක් මිසක් වෙන රටවලට කඩේයන ආණ්ඩුවක් නොවෙයි, දැන් කඩේ යන්න වෙලාවක් නෑ, මෙහෙම හිටියොත් තවත් රට පස්සට යනවා. (ස)
ජනිතා නම් ඇත්ත කිව්වා.රට බේරගත්තු මහින්දට සලකපු විධිය අපි දැක්කා. (ස)
මේවා මහින්ද හදපු බව පිළිගන්න වෙනවා. ඒ වගේම වංචා කලානම් රට වෙනුවෙන් මෙච්චර වැඩ ප්‍රමාණයක් කරන්නේ කොහොමද. ආණ්ඩුව මාරු උන කියල සත පහක වැඩක් කරලා නැහැ. ඔච්චර වංචා නැවත්තුවනම් කෝ වැඩ කරන්න එපාය. අඩු ගානෙ කොළඹ තියෙන කුණු ටිකවත් අයින් කරගන්න බැහැ. වැඩක් කලහම එකේ ගෞරවය වැඩේ කරපු කෙනාට ලැබෙන්න ඕනි. දැන් ඉන්න නිකම්මු කිසි වැඩක් නොකරම අනුන්ගේ වැඩ වලට තමන්ගේ නම දාගන්නවා. එ්ක කොච්ච්ර ලජ්ජා වැඩක්ද. (ස)
මේවා අපේ (මහජන) සල්ලි. අපේ සල්ලි උනත් වැඩක යොදවන්න බැරි කොටසකුත් ඉන්නවනේ. අවුරුදු හතරක යුද්දෙකුත් කරලා විනාස වෙච්ච යාපනයත් හදල රටෙත් පාරවල් ටික හදල දුන්න මදිද. දැන් මොකද වෙලා තිබෙන්නේ දෙනව කීව 10000 වත් දීගන්න බැරිව ලත වෙනවා. වී ටික විකුණා ගන්න බැරිව ගොවියෝ ලතවෙනවා . (ස)
මේ මං තීරූ දෙක නෙමේ එකේ පාරක්. (ස)
නදී මේවා මහජන මුදල් මැදමුලන බූදලේ සල්ලි නෙවෙයි. ඔව් එ්ක අපි දන්නවා කවුරු කොරන්නෙත් මහජන මුදලින් නැතුව ගෙදරින් සල්ලි ගෙන එන්නේ නැත. ඕව අපි දන්නේ බහ තේරෙන කාලේ ඉඳල. (බ)
යුද්දෙන් මහින්ද රට බෙර ගත්තෙත් එකට නියම නායකත්වය දීලා. ඒ වගේ තමයි රට සංවර්ධනයටත් මහින්ද දුන්න නායකත්වය වෙන නායකයෙක් නොකරපු තරම්. (ර)
සමහර අදහස් දැක්කහමත් ලැජ්ජයි (නි)
උත්සව තියන්න විදියක් නැහැ පක්ෂ දෙකම කලහ කරගන්නවා (බ)
කලමනාකරණය, නායකත්වය ගැන අපේ අයගේ නොදැනුවත්කම මෙතන හොදට පේනවා. සල්ලි කියන්නෙ එක දෙයක්, එය වියදම් කරල වැඩක් කරන එක තවත් දෙයක්. රටක විතරක් නොවෙයි කොම්පැනියක උනත් හොඳ ලොක්කෙක් නැත්නම් මොනතරම් සල්ලි තිබුනත් වැඩක් කරන්න බෑ.(නදී)
කියන බලන්න මේ ලෝකයේ එක ජනාදිපති කෙනෙක් හරිගෙදරින් ගෙනාව සල්ලි වලින් රටක් දියුණු කරපු. හැම කෙනෙක්ම පාවිච්චි කරන්නේ මහජන මුදල් තමා. එ්කට තමා අපි ඡන්දය දීල ජනාදිපති කෙනෙක් පත්කරන්නේ. මහින්ද යුද්දෙත් කලා, රටත් සංවර්දනය කලා . දැන් ඉන්න අය බෝක්කුවක් හදන්න තියා අඩුම ගානේ අලුතින් හදන්න යෝජනාවක් වත් තියනවද ? (නදී)
මෙතැන කවුරු හරි හෙට අනිද්දාට කවුරුහරි මාර්ගපල ලාභී කියල කිව්වත් මට පුදුම නැහැ. ඒ තරම් අංග සම්පුර්නණ ජිවිත සමහර ලොක්කන්ට තියෙන්නේ. අනෙක් උදවිය කුහකයන් පළි ගන්නන්. (ර)
ලංකාවේ මිනිස්සු හරිම දුෂ්ට දුර්දාන්ත අය. අද පාලක වරුත් මෙය සැලකිල්ලට ගත යුතුය- " දියෙහි යන දණ්ඩට" කවිය මතක් උනා (නදී)
එත් ඒ ණය ගෙවන්නේ මෛත්‍රී මහත්මයාගේ රජයෙන්. මම වැරදිද ඔබ හරි ගෙවන්නේ මෛත්‍රී මහතාගේ පොකට්ටුවෙන් නම් (නදී)
කුමාර අන්න එහෙම කියන්න මම ඔබ සමගයි (නදී)
මේවා මහින්දගේ වැඩ (නදී)
මාගලී ෆොන්සේකා , ආසියානු සංවර්ධන බැංකුව ඔයාගේ ගෙදර හදා දෙන්නත් එනවා කිවුවද? එහෙම බැංකු වලින් සල්ලි දෙන්නේ නැහැ. ඔයාට තේරුමක් නැහැනේ නේද? (නි)
මේක හොද වැඩක්. හැබැයි මේවා හදනකොට අනාගතය ගැන හිතල මංතීරු දෙකක්වත් එක්ක හදනවා නම් තමයි හොඳ (නදී)
අනේ ඇත්තට සමහරු කියන කතා? (නි)
මහින්දට ජය! අපි රට සිටියත් ඔබ සමඟින් රජුනේ
මේවා ඉංජිනේරුවන්ගේ වැඩ! (නි)
ශීලා, මහින්දගේ වැඩ වුණාට මහින්දගේ සල්ලි නෙමෙයිනේ.අනික එතුමා හිටියා නම් මේක විවෘත කරන්න මොනතරම් මුදලක් වියදම් කරයිද? (නි)
මටත් යන්න හරිම ආසයි (නි)
මේවට තමා අපි රජයට බදු ගෙවන්නේ. (නි)
ඉතා හොඳ වැඩක් (නි)
ඕවා කරන්න තමයි රට බාරදුන්නෙ. කරන්න ඕනෑ දේවල් පැත්තක තියෙද්දිනෙ හොරාකෑවෙ. (නි)
දේශපාලකයෝ පත්කරන්නේ ඔය වගේ වැඩ කරන්න තමයි. මේවා කරලා තියෙන්නේ ජනතාවගේ බදු මුදල් වලින් මිසක් කාගෙවත් පුද්ගලික ධනයෙන් නෙමෙයි. (නි)
සමහරුන්ට පෙනෙන්නේ වැරදිම තමයි (නි)
හොඳ වැඩ වලට හොඳයි කියන්න පුරුදුවෙන්න (නි)
ශීලා හරි (නි)
යහ පාලනයේ දින 100 වැඩක්ද? ආශ්චර්යක්, බම්බුව. මොලේ නැහැ කියල හිතුවද දන්නේ නැහැ. (බ)
මේ ප්‍රොජෙක්ට් එකෙන් මැදමුලන එකවුන්ට් එකට කීයක් වැටුනද දන්නේ නැහැ (බ)
කවුරු කළත් මේවා මහජන මුදලින් කරන සංවර්ධන වැඩ. (නි)
ශීලා, මේවා මහින්දගේ හොඳ වැඩ. හොඳ වැඩ වලට හොඳයි කියන්න අපි පැකළෙන්නේ නැහැ. නමුත් එකක් මතක තියාගන්න. මේවා මහින්ද හෝ වෙන නායකයෙක් ගෙදරින් ගෙනවිත් කරන වැඩ නෙමෙයි. මුළු රටම ණයවෙලා අහිංසක ජනතාව තමයි ණය ගෙවන්නෙ. (නි)
ශීල, මහින්දගේ දේපළ විකුණලා නෙමෙයිනේ මේවා හැදුවේ. අපි බදු ගෙවන්නේ මේවට තමා. (නි)
අනෙ අශාන්, මොනාද මේ ඔයා කියන්නෙ, හයිවේ එකේ මංතීරු 6, මංතීරු 4 කරල බිලියන 65 බිලියන 45 කරන සූත්තරෙ හරීන් කොලුව කිව්ව ඇහුවෙ නැද්ද.. අනාගතෙ යකාට ගියදෙන්, ඡන්දෙ දිනන්න තිබ්බ නම් ඇති. (ස)
ඊ ළග ඡන්දෙදි මේ බොරු ඔක්කොටම අපි සලකන්නම්. දැන් මොකුත් කරන්නේ නැතුව කෑ ගහන එක තමා වැඩියෙන් කෙරෙන්නේ. (බ)
හැම දේටම දේශපාලනය රිංගලා (බ)
අශාන් මේක මංතීරු 2 ට තමයි හදල තියෙන්නේ. හොඳට බලන්න. ගිය ආණ්ඩුවේ දුෂනම හොයා හොයා අදහස් දාන අය මේවටත් දාන්න. මේ ආණ්ඩුව දින 100 හදපු බෝක්කුවක් හරි තියනවනම් දාන්නකෝ බලන්න. (ස)
දැන් ඉතින් පරණ කතා අමතක කරලා යමුකෝ සතුටින් අලුතින් හදපු පාරේ (බ)
මහින්ද ගෙදරින් සල්ලි ගෙනල්ලා හදන්න ඇති. (ස)
මේකත් දින 100 වැඩ පිළිවෙලේ එක් කොටසක් කියයිද දන්නේ නෑ. (ස)
යූඇන්පී කාරයෝ කොහොමත් මහා කුහකයෝ. (බ)
අශාන්. මේකේ මන් තීරු දෙකක් තියෙනවා මනුස්සයෝ. (ස)
මහින්ද විවෘත කලා නම් ලොකු සන්දර්ශනයක් දානවා . දැන්? (ස)
මහින්ද අතින් සල්ලි දීලා වගෙයිනේ සමහරුන්ගේ කතාව (නි)
මේකත් දින 100 වැඩක්ද? (නි)
හරිම ලස්සනයි. බොහොම හොඳයි (නි)
කව්රු කලත් මේවා හොඳ වැඩ. ඒකට අරයා මෙයා වැඩක් නැහැ. ශීලා ඒක තේරුම් ගන්න ඕනා.(නදී)
අපි නම් හිතන්නේ පින්නවල සත්තු වත්තේ ඉඳලා මේ වෙනතුරු ඔක්කොම මහින්ද හදපුවා තමයි කියලයි. (නි)
මහජන සල්ලි තිබුනට මේ වගේ වැඩ කරන්න බෑනේ. හොඳ නායකත්වයක් ඕනේ (නදී)
එහෙම දේකුත් තියෙනවා තමයි (නදී)
මහින්ද මහතාට අපි ගරු කරනවා (නි)
මේවා අපේ යහපාලන වැඩ. කොහොමද කෙරුවාව? (නි)
ලංකාවේ මිනිසුන්ට වැඩ කරනවා නම් බැනුම් අහන්න සූදානමින් කළයුතුයි කියන වැකිය තමා මේ ඔප්පු කරන්නේ (නි)
හැටන් නුවරඑළිය මාර්ගය හොඳම ප්‍රමිතියකින් හදා තිබෙනවා. කොටගල සහ නානුඔය උමගවල් දෙකත් මාර්ගයේ පළලත් ගොඩක් ඉහළ අගයක තිබෙනවා.මෙම පළාතට ලැබෙන වර්ෂාව ඉතාම අධික නිසා බෝක්කු පාලම් හොඳට නොතිබුනොත් අනතුරු අධික වේවි (නි)
දින 100කින් මෙච්චර විස්කමක් කරන්න පුලුවන්ද? (නි)
යහපාලනයෙන් විවෘත කළාට අපි දන්නවා හැදුවේ කව්ද කියලා (නි)
මහින්ද මැතිඳුනි, ඔබ අමරණීයයි! (නි)
මහින්ද කළ සේවය බලාගෙන ඉන්න බැරි අයත් ඉන්නවා. සමහර උදවිය බැන්නේ යුද්ධය කරන කාලේ ඉඳලමයි. දැන් දුෂණය අල්ලාගෙන. අනගාරික ධර්මපාලතුමාටත් ඔය වගේ කතා කියලා මඩ ගැහුවලු හරියට. බලමු බලමු කාලයට ඉඩදීලා (නි)
මෙබඳු අදහස්වලින් අපගේ මානසික තත්වය පැහැදිලිය. මේවා රටක දියුණුවට අවශ්‍ය දේවල්. එක එක පුද්ගලින් ඒවායින් සම්මාන ලැබීම අවශ්‍ය නොවේ. නායකයින් අවංකව වැඩ කලෛාත් එය රටට ආදර්ශයක්. එවිට ජනතාව ඔවුන් සදාකල් සමරනු ඇත. එබැවින් අපගේ මානසිකත්වය වෙනස් කර ගැනීමට කාලය එළඹ ඇත. (නදී)
අශාන් මොකද නිකන් කරකවලා අත ඇරියා වගේ (බ)
මොනවා කිව්වත් අන්තිමට බලනකොට පෙනෙන්න තියෙන්නේ මහින්ද කළ දෙයක් විතරයි (නි)
මුදල් නෝට්ටු වලට නම් මේ දසුන දාන්න එපා (නි)
මේවා කාගෙවත් වැඩ නෙමේ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ හදපු දේවල් (බ)
නියමයි (බ)
අයිතිකරු විවෘත කළා නම් නේද හොඳ (බ)
නදී මේවා මහජන මුදල් මැදමුලන බූදලේ සල්ලි නෙවෙයි. (ස)
මෙතන අදහස් දමන සමහර දොස්තරලා හිතන්නේ හැමෝම ලෙඩ්ඩු කියලනේ? ඒකනේ මේ අපේ මැරුණු අප්පච්චිටත් කෘතීම ශ්වසනය හා සේලයින් දීලා පණගන්න උත්සාහ කරන්නේ.අපේ අප්පච්චි සියදිවි හානිකර ගත්තා. අනේ පව්!! එයා බැංකු ලෝන් එකක් අරගෙන අපේ ගේ බාගෙට හැදුවා තමයි. හැබැයි ගේයි ඉඩමයි බැංකුවට බැඳලා තමයි බාගෙට ගේ හැදුවේ. ලෝන් එකේ වාරිකය ගෙවන්න වෙන්නේ අපිට? ඒත් කමක් නැහැ කියමුකෝ, අපි අමාරුවෙන් හරි ණය වාරික ගෙවන්නම්. ඒත් මැරුණු අප්පච්චිට පණදෙන්න ට්‍රයි කරන එක නම් මහා විහිළුවක් මලේ. පාපී මිතුරු ඇසුර නොතිබුනා නම්, අපේ අප්පච්චි, තවමත් ජිවතුන් අතර නේද? (නි)
මහින්දට බනින්නේ මොනවගේ අයද කියලා අපි දන්නවා (නි)
මහින්ද විවෘත කලානම් උත්සවයටම කෝටි 20ක් යනවා...ඒකෙන් 10ක්ම ගසාකනවා. (ස)
මහින්දට පිං සිද්දවෙන්න තමයි රට සංවර්ධනය උනේ. (ස)
සමහර අදහස් ඔවුන්ගේ පුද්ගලික ජීවිතවල නිසරු බව මනාව කියාපාන්නකි (නි)
අශාන් මේ බයියන්ට දෙයක් කියනවට වැඩිය හොඳයි කට බිම උලා ගත්තනම් නේද. (බ)
මේවා හැදුවට තාම ගෙවල ඉවර වුනේ නැහැ චීනෙට ..චීන රටට උකස් කරලා මේවා හදනවට වඩා නිකන් හිටියනම් කොහොම හරි නුවර එලියට යනවනේ....එ්ත් මෙහේ මිනිස්සු අමාරුවෙන් බදු ගෙවන සල්ලි එකතු කරන යනකොට අපේ මිනිස්සුන්ට සනීප ඇති.....(බ)
දින 100 කාලේ මහින්ද කරපුවා විවෘත කළා විතරයි.අලුතෙන් දෙයක් පටන්ගත්තේ නෑ (බ)
දැක්කත් හිත පිරෙනවා (නි)
මහින්ද යුද්දෙත් ඉවර කළා, රටත් සංවර්දනය කළා, අපට කන්නත් දුන්න. රටේ සල්ලිත් තිබුණා. දැන් මොනවද රටට ලැබෙන්නේ, කොටි ආයෙත් නැගිටිනවා, සංවර්ධනෙත් නෑ, බඩුත් ගණන් ගිහිල්ල, සල්ලිත් නෑ. (බ)
සුමිත්, ඔයා කුහකකම ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න එපා. (නි)
මහින්දට පිං,මේවා මහින්දගේ සංවර්ධනය වැඩ (බ)
රට බේරාගත් පමණින් කිසිම කෙනෙකු කිසිම වැරැද්දක් නොකරන මාර්ගපලලාභී තත්වයට පැමිණෙන්නේ නැහැ. ඒ නිසා එම සේවය අගය කරනවා විනා මේ පුද්ගලයා කරන කියන හැම දෙයක්ම 100% හරි යනුවෙන් අතිශයෝක්තියෙන් හිතන්න යනකොට වරදින්න ඉඩතිබෙනවා. (නි)
සුමිත්, එතකොට ශ්‍රීලනිප ය උපාසක අප්පුලා ඉන්න තැනක්ද? මහින්ද බලයේ ඉන්නකොට පක්ෂයේ අවංක දක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට තිබුන තැන ගැන මතක් වෙනකොට අපිට දෙකොනින් හිනායනවා. (නි)
වැඩේ හොඳයි. ඒක අපි පිලිගන්නවා. හැබැයි සල්ලි ගෙනාවේ අසවලාගේ මහගෙදරින් වගේ කියන කියුම් නම් අපි පිළිගන්නේ නැහැ. මහජනයා දුක් මහන්සියෙන් බදුගෙවන බව අමතක කරන්න බැහැ . (නි)
ඕව ඉතින් මහින්දට කලින් කෙරුවේ කව්ද දැන් කියාවි ඉතින් ඕක විතරක්ද රම්බොඩ උමං මාර්ගය කරපු දේවල් අගය කරන්න දන්නැති අය තමයි ඉතින් ලංකාවේ ඉන්නේ. සිංහලයෝ හැටියට ලජ්ජා වෙයල්ලා.(බ)
මේවා මහින්ද ගේ වැඩ කියන්න තරම් මෝඩ මිනිස්සු තාම ඉන්නවනේ. මහින්ද මැදමුලනෙන් ගෙනල්ල වියදම් කළේ නැනේ. මේවා අපේ (මහජන) සල්ලි. (බ)
කිසිම වෘත්තියක් උගත්කමක් පරම්පරාගත දේපලක් නැති දේශපාලකයන් කුට්ටි ගණන් සල්ලි හම්බුකළ කාලයක මේවාගේ ඉදිකිරීම් ගැන මහජනයා විවිධ අදහස් දරන එක ස්වාභාවිකයි. රටවැසියන්ට එහෙම සැකසංකා නොඑන්න වැඩ කරන්න රජයක් දැන ගන්න ඕනෑ. අට පාස් දේශපාලකයන් රට වටේට හිතවතුන්ට ගෙවල් බෙදනකොට ඒ කොහොමද කියලා අහන්න මිනිසුන්ට හිතන්නේ නැද්ද? (නි)
කවුරු කළත් අපේ රටේ ජනතාවගේ සල්ලි වලින් නේ මේවා හැදුවේ...(බ)
ඉතාමත් අභිමානවත් ආඩම්බරයක් දැනෙනවා (නි)
කඩන් වැටුනොත් වග කියන්න ඕනේ මහින්ද නෙවෙයි? චීන්නු ! (බ)
පාර හොඳට හදලා තියනවා. සාමාන්‍ය වේගයෙන් ගියොත් කොළඹ ඉඳලා පැය 3 ත් 4 ත් අතර යන්න පුලුවන්. අර මහ කැලෑවල් මැද්දෙ මිනිසුන්ගෙ ඇස් රවටන්නයි කොමිස් ගහන්නයි හදලා තියන අනවශ්‍ය විශාලත්වයෙන් යුතු ජාතික ධනය කාබාසිනියා කර තිබෙන පාරවල් වගේ නෙමෙයි, මේක වටිනා වැඩක්. (නි)
මහින්දගේ සල්ලි නෙමේ හැකියාව. (බ)
මහින්දලා රටට වැඩ කළාට වැඩි හරියක් කළේ මහජන මුදල් සුරන් කාපු එක (බ)
මහින්ද ගසා කැවා කියල මේ රැල කියන්නේ හරියට අැහිං දැක්කා වගේ. රට කොටින්ට පාවා නොදී නිදහස් කරගත්තු මනුස්සයට සලකපු විදිහ අපි දැක්කනේ. ඉතින් කවර කතාද.? (බ)
මහින්දගේ වැඩ, අපේ සල්ලිවලින් කොමිස් අරන් (බ)
මහින්ද ගෙදරින් ගෙනාවද සංදර්ශන දැම්මද නෙමෙයි මේ රටට දැනෙන දෙයක් කළේ මහින්ද අපි කැමති වුනත් අකමැති වුනත් අපි පිළිගන්ඩ ඕනේ. සංදර්ශන දැම්මේ කව්ද කියල කලින් එජාප ආණ්ඩුව කාලේ හිටපු මිනිස්සු දන්නවා. කලගුණ දන්නැති ජාතියක් එක්ක ජීවත් වෙන එක ගැන ලජ්ජා වෙනවා (බ)
වැසිකිලියක් හැදුවත් ඒක මහින්දගේ වැඩක් කියල බෝර්ඩ් එකක් ගහන ක්‍රමයක් ඉස්සර තිබුන. දැන් ඒක පරණ වැඩක් මිස්. (බ)
ලෝකයේ හැම රටක්ම ණය ගන්නවා. අපේ රටේ ගෙවල් හදන්නේ බැංකුවෙන් ණයට අරගෙන, ගෙයි ණය ගෙවලා ඉවර වෙනතුරු ගෙදර අයිති බැංකුවට. ගෙයි ප්‍රයෝජනය ගන්න අය එම ණය ගෙවන්න ඕනෑ. පාර ප්‍රයෝජනය ගන්න අය එම ණය ගෙවන්න ඕනෑ. බොරුවට මහින්දට බනිනවා.රටේ අවුරුදු තිහක ත්‍රස්තවාදයක් නැතිකරලා රට සංවර්ධනය කළා මදිද? (නි)
මේවා විතරද මහින්දගේ වැඩ? චීනයෙන් අධික පොළියට ගත් සල්ලි වලින් පාරවල් හදලා හම්බකඝ මුදල් කන්දරාව කීයද කියලාවත් රටම තවම දන්නේ නැහැ. මේවා ගැන හොයන එක පළිගැනීමක් වෙන්නේ කොහොමද? (නි)
රටේ කෙරෙන වැඩ කෙරෙන්නේ මේ කාලේ මහජන බදු මුදල් වලින් රජ කාලේ මහජන ශ්‍රමයෙන් කෙරුණු පාලකයෝ මහජන මුදලින් නඩත්තු වෙමින් (පවුල් පිටින් )ජීවත් වෙනවානම් එය කළයුතුයි කළ වැඩ බෙදා ගන්න හදනවා නම් ඒවාට තමන්ගේ නම දානවනම් මෙතුවක් කල් මේ රටේ ජීවත් වෙලා තියෙන්නේ සත්තු (බ)
සංවර්ධනයට අමතරව ගසා කෑමත් රට වටේට සිද්ධ වුන එක තමයි වැරැද්ද .(නදී)
ඕක මහින්ද හැදුවේ. පුලුවන්නම් දින 100න් හැදුව කියන්න (බ)
මේ රටේ 68 ලක්ෂයක්ම කුහකයන්ද? අතේ සතේ නැතුව ස්ථිර ආදායම් මාර්ගයක් නැතුව දේශපාලනයට ආ කට්ටිය කෝටි ගණන් හරිහම්බ කරගන්නේ කොහොමද ඇහුවාම කුහකයන්ලු! ප්‍රශ්න කරන්න බලධාරීන් පොලිසියට එන්න කිව්වාම පළිගන්නවාලු! මේ රට කවදාවත් ගොඩඑන්නේ නැහැ. දේශපාලකයන්ගේ බඩවල් පිම්බෙද්දී මහජනයාගේ කුසපොත්ත පිටට ඇලුණු ගමන් තව කල්පයක්වත් තියේවි . (නි)
මේවා මහින්ද කළත් සිරිසේන කළත් බදු ගෙවෙන්නේ, ණය ගෙවන්නේ අපි. දැන් ඉන්න අපි සහ අනාගතයට ඉපදෙන දරුවා පවා ලක්ෂ 5 වඩා ලෝකයට ණයයි. ( එ්ක පුග්ගල ණය) රට සංවර්ධනයට අපි කැමතියි. නම් වලට ගරු කළාට කමක් නෑ. එ්ත් අනාගත පරපුර උගසට තියල උදම් ඇනීමෙන් පලක් තිබේද ? (බ)
මුලිකත්වය අරගෙන හදන එක හොඳයි.නමුත් මේවා කාගේවත් පුද්ගලික ධනයෙන් හදපුවා නෙමෙයි.මිනිස්සු ඡන්දෙ දෙන්නේ හොඳ කළමනාකාරිත්වයක් තිබෙන පක්ෂයකට.මේවා වඩාත් අගයකළ හැක්කේ පගාව,කොමිස් නැතුව ගනුදෙනු කළා නම් පමණයි. (නි)
අන්න පුවත් වාර්තාවක තිබුනා , පසුගිය කාලයේ කොරියාවෙන් ලංකාවේ පාසල් වලට බෙදාදෙන්න කියලා පරිත්‍යාගකළ පියානෝ විශාල ප්‍රමාණයක් ලොකු නෝනා කෙනෙකුගේ එක්තරා පෙර පාසල් ජාලයකට දීලාලු. මේ වගේ සංවර්ධන වැඩ කටයුතු කොතෙක් කෙරෙන්න ඇද්ද ? (නි)
මහින්ද ගෙදරින් සල්ලි ගෙනල්ලා හදනව ඇති කියල පවසන්නේ අනිත් අය පාලම් බෝක්කු හදන්නේ ගෙදරින් සල්ලි ගෙනල්ලද? බූරුවන්ට කන්න දෙන්න පුළුවන් ඒත් මොළය දෙන්න බෑ. (නදී)
මහින්ද හැදුවා කියන්නේ කොහොමද? රටේ සල්ලි වලින් මේවා හදන්නේ. මහින්ද ගේ පුද්ගලික ධනයෙන් නෙවේ. (ස)
උත්සවයක්වත් නැහැ නේද? (නදී)
දිනුෂ, මන් කියපු දේ ඔයාට හරි තේරුණා එ්ක ගැන සතුටුයි. මහින්දලා,මංජුලලා වගේ අයට මේක නොතේරුනාට තව ටික කලකින් උමගේ කලා පාර ලොකු කරන්ඩ වෙනවා.(නදී)
අනේ ප්‍රභා, හරීන් කිව්වේ ඒක විතරද? හයි වේ එක හදනවා වෙනුවට නිකන් නෙලුම් මල් හදලා ඒවාට වියදම් කරන සල්ලි ඉතුරු කරන එක මතක නැද්ද? (නදී)
තුන්වන ලෝකයේ රටකට සංවර්ධනයට ණය ගන්න සිද්ධ වෙනවා. ඒකේ විවාදයක් නැහැ. නමුත් ගත් ණය විධිමත් විදියට එම කාර්ය සඳහා යොදවන එක රජයේ වගකීමක්. නොයෙකුත් අක්‍රමිකතා නැත්නම් මහජනයා ඒ ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. මේක පක්ෂ දේශපාලනයට ඈඳා ගනිමින් කුහකකම ආදී වශයෙන් අර්ථ දක්වන එක හරි නැහැ. කිසිම දේශපාලන පක්ෂයකට අයිති නැති කෙනෙකුට වුණත් තමන් අමාරුවෙන් ගෙවන බදු මුදලට සිද්ධවුණ දෙය ගැන ප්‍රශ්න කරන්න අයිතියක් තිබෙනවා. (නි)
1994 න් පසුව ඉපදුනු අය ඊටපෙර සිදුවුණ මහජන දේපල අමු අමුවේ ගසාකෑම් දැක්කේ නැහැනේ. අපි නම් දැක්කා. ඒවා අළුත් පරම්පරාව නොදැන සිටීම කණගාටුවට කරුණක්. ඒ අය යහපාලනය ගැන ටියුෂන් දෙන්න කථා කිරීමත් නූතන යුගයේ ඒ වගේම විහිළුවක් (නි)
දින 100 හමාරයි. එක බෝක්කුවක්, එක පයිප්පයක් දැම්මද? (නි)
මොහාමඩ්ගේ කතාව හරි. අපේ ලංකාවේ මිනිස්සු තාමත් ළිං ඇතුළේ ඉන්නේ. කෝ හොරු ඇල්ලුවද? මහින්දට වැරදුනේ යුද්ධය අවසන් කරලා රට දියුණු කළ නිසා තමා (නි)
මේ රටේ බදුගෙවන ජනතාවගේ මුදල් අපේ බදු අයකරලා තමයි මෙවැනි සංවර්ධන වැඩකරන්නේ. මෙවැනි දෑ තේරුම්ගන්න බැරි මිනිස්සු තවම ඉන්නවනේ ලංකාවේ?දේශපාලන හොරුන්ට පඩි ගෙවන්නෙත් අපේ බදුමුදල් වලින්. (නි)
දවස් 120 කරපු දේවල් අහන්නේ කුහකයෝ විතරයි. .අවුරදු 10 කරපු දේවල් වල ගණන් හිලව් හොයාගන්නත් නැහැ තවම.(නදී)
කුමටද කලබල වෙන්නේ.? 62 ලක්ෂයකින් ඉතාම අතලොස්සක් මහින්ද මහත්තයාට දොස් කිවුවාට කිසිම දෙයක් දැනගෙන කියන කතා නොවෙයිනේ මේවා. මේ එකෙක්වත් ඔය කියන උමන් මාර්ගය පින්තුරෙකින් මිස හැබැහින් දැකල නැහැ කියලයි මම හිතන්නේ. බැලුවත් ඇහැට පෙනෙන්නේ මෙහි සුන්දරත්වය සහ අපුරු නිමාව නොවෙයි. කුහකකම ඉහවහා ගිය මනසින් මොවුන් දකින්නට උත්සාහ කරන්නේ "ගැහිල්ල" ගැනය. ජනතාවගේ පහසුව සඳහා නිමකළ මේ ධාවන මාර්ගය අතිශය දකුම්කලුයි. සුන්දරයි. පරිසරයට හානියක් නොවන ලෙසින් නිමවා ඇති මෙම මාර්ගය දකින අපට ඇති විය යුත්තේ කෘතවේදී බවකි. (නදී)
අපේ රටේ අධිවේගී මාර්ග චීනෙන් හදපු විදිහ. ~ චීනෙන් ගන්නවා පොලි නයක්..... ~ කොන්ත්‍රාත්තුව දෙනවා චීන සමාගමකට..... ~ චීනෙන් එනවා ප්‍රධාන ඉන්ජිනීරුවෝ....සුළු සේවකයෝ අපෙන්.... ~ කොන්ත්‍රාත්තුවට අනුව අවුරුදු කිහිපයක් අධිවේගයේ ආදායම චීනෙට. ~ අපි ගෙවනවා නය සමග පොලිය චීනෙට... ගත්තු නය මුදලත් චීනෙට යනවා (කොන්ත්‍රාත් සමාගම චිනේ) ~ අන්තිමේදී නයයි, පොළියයි, මුදලයි, පාරයි, ඔක්කොම චිනේ. (නදී)
ශලනි තෙන්නකෝන් ඔව් ඇත්තටම හිතේ හැටියට ගසා කන්න පින් කල අයගේ ලැබීමට ඉරිසියා කිරීම කුහක කමක් තමයි. (නදී)
හරි අපි හිතමු මහින්ද මහත්තය මේ ටනල් එකෙන් හොරකම් කරා කියල. එත් අපිට අද මේ ටනල් එකෙන් යන්න පුළුවන් වුනානේ. යහපාලන ආණ්ඩුවේ මහ බැංකු අදිපති හොරකම් කරපුවගෙන් මේ කෑගහන කට්ටියට මොනවද හම්බ උනේ? රනිල්ට නම් හොද කුට්ටියක් හම්බ වෙන්න ඇති. ඔය කට්ටිය නොදන්නා දෙයක් මම කියන්නම්. ඔය ටනල් එක ලඟ තව ටනල් එකක් තියනවා. සුද්දෝ හදපු එකක්. එ්කේ වාහන 2 ක් මාරු වෙන්න බැරි නිසා ඔය ටනල් එක හැදුවේ. එතකොට මහින්ද මහත්තය අනාගතේ ගැන හිතල නෙවෙයිද වැඩ කරලා තියන්නේ? ප්‍රබාකරන් කිව්වා හරි. සිංහලයට ඕනම දෙයක් සති දෙකයි මතක තියන්නේ. ඔය මහින්ද මහත්තයට බනින කට්ටියම තව ටික දවසකින් යහපාලන ආණ්ඩුවට අපිට වැඩිය බනිනවා. මොකද බඩට වැටෙන ප්‍රමාණය අනුව මේ කට්ටියගේ සද්දේ අඩු වැඩි වෙනවා. එ්ක නිසා ඔය කියන දේවල් වලට අපි කලබල වෙන්න ඕන නෑ. (ස)
මෙතන ගැහිල්ල ගැන ඇහැ කණ පියාගෙන ඉන්න තරමට කැමති නෝනලා ඉන්නවා . අර හරිහමන් හැඳුනුම්පත් නැතුව බැංකු ගිණුම් ඇරිය නෝනලාගේ පරපුරේ බවලතුන්ද මන්දා (නි)
ඇයි මේක වන් වේ එකක් වගේද පෙන්නෙ. මැදමුලනෙන් ගෙනාවෙ නැති උනාට මේවා කරන්න හරි උවමනාවක් තියෙන්න එපැය..අනික මොන රටද ණය ගන්නෙ නැත්තෙ..හොරු අල්ලන බොරු පම්පෝරි ගැහුවට රට සංවර්ධනය වෙන්නෑ. (ස)
"දින 100කින් මෙච්චර විස්කමක් කරන්න පුලුවන්ද?" අනේ කියන්න මොකක්ද විස්කම (නි)
කව්රු කරත් රටකට පාරවල් හදන එක සංවර්දනය වෙන්න තියන මාවතක්. කණගාටුව බොහෝ දිගු කාලීන සැලැස්මකට අවශ්‍ය දේ නොහදන එක. අනෙක් දේ නම් අපේ රටේ මිනිස්සු හිතන්නේ දේශපාලකයෝ ඔක්කොම කරනවා කියල ... අපේ බදු සල්ලි ව්‍යාපෘති වලටම යොදවනවා නම් රට මීට වඩා හොඳ තැනක දැන් තියෙන්න ඕන... නමුත් කොමිස් කුට්ටි.. ඡන්ද කුට්ටි වලට කරන සමහර දේවල වලට තමන්ගේ නම ගහගෙන අපේ රටේ බදු සල්ලි විනාශ කරන එක අපි කාටවත් නොතේරීම හරිම කණගාටුවක්. (ස)
මහින්ද. (ස)
විවේචනය කරන කෙනා මොනවා කලත් විවේචනය කරන්න විතරයි දන්නේ, වැඩක් කලොත් ගසාකෑව කියනවා, නොකලොත් අහනවා මොනවද කලේ කියල, මහින්ද මහතා අපේ රට බේරාගෙන පාටක් පක්ෂයක් නොබලා හැමෝටම එකසේ සේවය කලා, දැන් අපේ රටේ පාලකයෝ කරන දේවල් අහන්නත් හිරිකිතයි, අපිට ඕන පිටරටවල් සතුටු කරන නායකයෝ නොවෙයි, අපේ රටට වටිනා සේවයක් කරන රටට ආදරේ මහින්ද වගේ නායකයෙක්. (ස)
මොහොමඩ් ගේ අදහසට මම ගරු කරනවා. ජාතිවාදයෙන් අගම්වාදයෙන් තොරව හොඳ දේට හොඳයි කියන අය අද අඩුයි. (ස)
කවුරු මොනවා කීවත් මේවට වියදම් කරලා තියෙන්නේ මහජනතාව. මේවා කලාට මහින්ද මහතාට අප ගරු කරනවා. එත් මිලියන ගණනින් ගසාකන්න දීල අහක බලගන ඉඳලා ජනතාවට ගෙවන්න කියන එක ගැන අපි එයාට හොඳ කියන්නේ නැහැ. එ්ක රටේ නායකයෙකුගේ තිබිය යුතු ගතිගුණයක් නෙවේ. බුදු බනෙත් කියනවා රටක රාජපුරුෂයෝ රටේ ධනය කොල්ල කනව නම් හා විනස කරනවානම් රට පාලනය කරන රජු එම රටේ රජකමට නුසුදුස්සෙක් වන්නේය කියල. අපි බෞද්ධයෝ හැටියට බුදු පියාණන් දේසනා කල ධර්මයට ගරු කලයුතුයි. (ස)
යහ පාලනයෙක් කරන්නේ අනුන්ගේ දරුවන්ගේ උප්පැන්නෙට නමදෙන එක විතරයි. යහපාලනයේ රග දන්නෝ දනිත්..(නදී)
මේවා හොද නමුත් අනාගතේ සොබාදර්මයට ගැලපෙන විදියට හැදුවොත් හොදයි (ම)
ඉස්සර පොදු වැසිකිලි ඇරෙන්න හැම ඉදිකිරිමටම අර නම් තමයි. එත් කමක් නැහැ වැඩේ හොඳයි කියමුකෝ. නමුත් කතා කරන්නේ හරියට මැද මුලන බුදලේ ව්යදම් කරලා හදල දීපු ගානට. අන්න එතනයි වරද. වැඩේ හොඳයි. අපි ඒක පිලිගන්නවා. (නදී)
ශිලා, රටේ පුරවැසියෝ මිනිසුන්ව පාර්ලිමේන්තු යවන්නේ සමාජයට වැඩ කරන්න තමා. ඒකට අරූ කළා මු කළා කියල වැඩක් නෑ (නදී)
සංවර්ධනය නායකත්වයේ ප්‍රතිපලයකි (ම)
අලුත් ආණ්ඩුවට උත්තර දෙන්නම් මීළඟ ඡන්දෙදි (නි)
ඇසට පෙනෙන සංවර්ධනය ගෙන කතා නොකර ඔප්පු නොකළ චෝදනා ගැන පමණක් කතා කිරීම දේශපාලන කුහක කමකි (ම)
නුවරඑළිය ජනතාවට මෙයින් ලැබුණු සහනය සුළුපටු නොවේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ස්තුතිවන්ත වේවා ! (නි)
ලංකාවේ කොමිස් ගහපු, අල්ලස් ගත්, ගසාකෑ එකම ආණ්ඩුව මහින්දගේ ආණ්ඩුව පමණද? (නි)
මේවා මහින්දගේ වැඩ මේ අපේ ගම. තිබුන විදිය අපි විතරයි දන්නේ. (ම)
මහින්ද මේවා කරලා ගසාකෑ සල්ලි ගැනත් මිනිසුන්ට තවම මතකයි (නි)
මොහමඩ්, ඔබ වැනි මුස්ලිම් කෙනෙක් ගැන අපිට ආඩම්බරයි (නි)
කළගුණ නොදත් අපේ රටේ මිනිස්සු ගැන පුදුමයි (නි)
මම පළවෙනි පාරට මේ ලියන්නේ. හැමෝම හරි කලබලෙන් අහනවා මහින්ද ගෙදරින් ගේනවද කියලා. නමුත් එයා මේවා ගෙදර ගෙනිච්චේත් නැහැනේ! මහජන මුදල් වුණත් හරි විදියට පාවිච්චි කළාම එයට ගරුකරන්න ඕනෑ (නි)
රන්ජන්,මම රස්සාව කරන්නේ ඉන්දියාවේ.නමුත් ඒක ආණ්ඩුවෙන් ලැබුන දෙයක් නෙමෙයි. මගේ හැකියාවෙන් සොයාගත් දෙයක්.ප‍්‍රතිචාර වලට අදහස් වලට ලියන්න බොහෝ දේ තිබුනත් ඒවා නොලියා සිටින්නේ මෙතන පළකරන්න අපහසු නිසාය (නි)