ඇමරිකා ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් නිෂ්පාදනය කළ තවත් කූඩා අධිවේගි ගූවන් යානයක් අත්හදා බැලිම පසුගියදා සිදු කළේය. වේව් රයිඩර් නමින් හැදින්වෙන නියමුවන් රහිතව ගමන් කළ හැකි මෙම ගූවන් යානයට පැයට කිලෝමිටර් 7245ක වේගයකින් ගමන් කළ හැකිය. අත්ලාන්තික් සාගරය වටා මෙන්ම නිවියෝර්ක් නුවර සිට ලන්ඩන් නුවර දක්වා ගමන් කිරිමට ගතවන කාලය මිනිත්තූ හැටකි. ඇමෙරිකා ගූවන් හමුදාවට අයත් බී 52 ගූවන් යානයේ සවිකළ වේව් රයිඩර් යානය අඩි 45000ක් උඩට රැගෙන ගොස් මුදා හැර සිදු කළ මෙම අත්හදා බැලිම ඉතාමත් සාර්ථක වු බවත් ඉදිරියේ දි යුදමය කටයුතූ සදහා මෙම යානය තවත් වැඩිදියුණු කරනා බවත් ඇමරිකා ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිව්යෝක් වල ඉදලා ලන්ඩන් යන්න තාම මෙයාලට පැයක් යනවා... මෙයාල තාම නොදියුණු අය.. අපේ මුතුන් මිත්තෝ මීට වඩා දහස්ගුණයක් වේගෙන් යන ක්‍රම දැනගෙන හිටියා.. මෙයාලා මෙච්චර වෙගෙන් යන්නේ මොකටද කියලා පේනවා නේද? මෙයාලට ඕන යුද්ධ කරන්න විතරයි.. මේක දියුණුවක් නෙමෙයි.. තවත් පිරිහීමක්...!!(නු)
අපට කන්න බොන්න දෙන ඉන්දියාවට අපි ඡන්දය දෙමු. (නි)
අපි ඉන්දියවට ඡන්දය දෙමු. මොකද අපට ඕනෑ කෑම, ඇදුම් ඔක්කොම වගේ ලැබෙන්නේ එහෙන්නේ. (නි)
මේ වැය කරන මුදල් ඒඩ්ස් වැනි මාරාන්තික රෝගීන්ගේ බෙහෙත් වෙනුවෙන් වැය කළානම් මොකද වෙන්නේ? (නි)
මම ඇමරිකාවට ගරු කරනවා මේ තාක්ෂණය හෙටම ලෝකයටම ලබාදෙන නිසා (ස)
"නිවියෝර්ක් නුවර සිට ලන්ඩන් නුවර දක්වා ගමන් කිරිමට ගතවන කාලය මිනිත්තූ හැටකි."
''ඉදිරියේ දි යුදමය කටයුතූ සදහා මෙම යානය තවත් වැඩිදියුණු කරනා බවත් ඇමරිකා ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසයි'' ඒ කියන්නේ මේ යානා වලින් වෙන ගන්න ප්‍රයෝජනයක් ඇත්තේම නැද්ද? යුද්ධයට විතරමද යොදා ගන්නේ? (නි)
''ඉදිරියේ දි යුදමය කටයුතූ සදහා මෙම යානය තවත් වැඩිදියුණු කරනා බවත් ඇමරිකා ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසයි'' මේකෙන් ගන්න වෙන ප්‍රයෝජනයක් ඇත්තෙම නැද්ද? යුද්දෙට විතරමද?(නු)
මටනම් විශ්වාසයි මෙය කඩා වැටෙනවා.. මේක සාර්ථක නැහැ... (නු)
මේක සාර්ථක වෙලා නැහැල්ලු නේද? (නි)
මේක සාර්ථක වෙලා නෑලු නේද?(නු)
මේ යානය සාර්ථක වෙලා නැහැ..පොඩ්ඩක් හොයලා බලන්න..!!(නු)
මේව ගන්න ලංකාවට සල්ලි තියෙනව. ඒත් ගන්නෙ නැතිලු. මොකද දන්නවද මේව ලංකාවෙ බාන්න නම් ඉන්දියාව හරියෙදි බ්‍රේක් ගහන්න ඕනලු. නැත්නම් බාන්න වෙන්නෙ මාලදිවයිනේ. ඉන්දියාවෙදි බ්‍රෙක් ගහනවට කරුණානිදි ඇතුලු ඩයස්පෝරාව විරුද්ද වෙලා. (නු)
තුන්වෙනි ලෝකේ වෙනත් රටවල්වල සම්පත් බලහත්කාරෙන් කොල්ල කාල සල්ලි හොයාගෙන තමන්ගේ බලය වැඩිකරගන්න මේවගේ දේවල් හදන මිනිස්සුන්ට "අපිට ආඩම්බරයි ඔබ ගැන " කියන මිනිස්සුත් ලංකාවේ ඉන්නවා !!(නු)
මොකද මේ කට්ටිය ඇමරිකාවට ආවඩන්නේ...! මේක නියමුවන් රහිත යානයක්.. කාටවත් යන්න බැහැ... ඇමරිකාව මේක හැදුවෙ ඔත්තු බලන්නයි..යුද කටයුතුවලටයි.. විතරයි.. අනික හෙට අනිද්දා රුසියාව හදයි මීට වඩා හොද එකක්.. ඒ නිසා පොඩ්ඩක් පැත්තකට වෙලා බලන් ඉමු..!!(නු)
නවීන තාක්ෂණය නිරන්තරයෙන් ලොවට ගෙනෙන ඇමරිකාව ඇතුලු අනෙකුත් රට වලට අපගේ ප්‍රණාමය! (නි)
අයියෝ ඕකද මහ ලොකු ආශ්චර්යය? උදේට දෙමටගොඩ ඉදලා මරදානට එන්නම දුම්රියට යනවනේ විනාඩි 45ක්ම. ඉතිං ඒකනේ ආශ්චර්යය. (නි)
එතකොට පාකිස්ථානයට ගිහින් එන්න කොච්චර වෙලාවක් යනවද? (නි)
මේ යානාව පැසිෆික් සාගරයට කඩා වැටිලා නේද? මම දන්න විදියට නම් මෙය තවමත් සාර්ථක නැහැ. (නි)
මේක තවමත් තියෙන්නේ පරීක්ෂණ මට්ටමේ නේද? (නි)
මේ යානාව පැසිෆික් සාගරයට කඩා වැටිලා (ස)
කිසිකෙනෙකු කතා කළේ නැහැනේ අපේ රාවණා රජුගේ දඩුමොණර යන්ත්‍රයගැන.? එය අවුරුදු 10000කට පෙර විමාණික් සාස්ත්‍රා භාවිතා කර සාදාල තියෙන්නෙ.. නමුත් තවම ඇමරිකාවෙ විද්‍යාඥයන් ඉගෙනගනිමින් ඉන්නවා..එය පිළිබදව..මේ යානයට රසදිය තමයි ඉන්දනය වෙලා තියෙන්නේ..!!(නු)
අයියෝ ලංකාව
සරත් ඔයාගේ අදහසට මමත් එකග වෙනවා. (නු)
නිව්යෝක් සිට ලන්ඩන් වලට පැයයි. අයියෝ ඕක මොකක්ද? අපේ අහස්යානා වලට ඔච්චරවත් වෙලා යන්නෑ.. (ස)
ප්‍රවීන් මහත්තයෝ.. අපි නොදන්න රුසියාව.. එහෙ මිනිස්සු දැං හිගාකනවා.. ඔයා හරි මීට අවුරුදු 30 කට විතර කළිං..!(නු)
මෙය සාර්ථක වෙලා නැහැ (නු)
ලංකාවටත් පැයකින් යන්න තියෙනවානම්..(නු)
නියම නිර්මාණයක්.. අපේ මිටර් බෝඩ්වල තියෙන්නේ 180යිනේ තාම මේකෙ කොහොමද දන්නේ නැහැ..!!(නු)
නිලූක කියන කෙනා උණ විකාරයෙන් දොඩවනවද මන්දා? (නි)
ඇයි අපේ අයත් පැය ගානන් පයින් ගිහින් උද්ඝෝෂණ, වැඩවර්ජන කරන්න දන්නේ? ඒකට අපිටත් ආඩම්බරයි. (නි)
හුස්ම යන්න තත්පරයයි. ගමනට පැයයි. (නි)
කෝ අර ගූගල් තහනම් කරන්න කියාපු කට්ටිය? (නි)
ඊළගට බලන්න නිවුයෝර්ක් ඉදලා ඉරානයට යන්න කොපමණ කාලයක් ගත වෙනවද කියලා. ඇමරිකාවට ජය වේවා! (නි)
ලංකාවටත් පැයකින් මෙහෙම යන්න තියෙනවා නම් හොදයි. (නි)
ඇමරිකාවට සුභ වෙලා අනෙක් රටවල් වලට අපල වෙයිද දන්නේ නැහැ. (නි)
ඔවා මොනවද? සතිය දිනවල තලවතුගොඩ සිට බොරැල්ලට එන්නත් පැයක් යනවානේ. (ත)
පාපැදියක්වත් හදාගන්න බැරි අපට මේවා මැජික්. (ත)
මිනිසුනේ, පෙනේද ආශ්චර්යයක තරම? (නි)
අපි ඉතින් හැමදාම ලෝක බැංකුවෙන් ණයට සල්ලි අරගෙන මේවා ආනයනය කර කර ඉම්මු. ඒකට මොකද අපේ සමහරු වන්සේ කබල්ගාන හැටි. (ත)
මුළු ලෝකෙම තියෙන උගත් මානව සම්පත් ඇ මෙරිකාවට දෙනවා. විශේෂයෙන් ආසියාවෙන්. හේතුව ඒ අය සුදුස්සට සුදුසු තැන දෙන්නේ නෑ (අ)
කවුරු මොනවා කිවුවත් ඇමරිකාව හැමදාම අංක එකේ ඉන්න රහස් තමයි, සුදුස්සාට සුදුසු තැන දීම, සමගිය, කම්මැලි නොවීම, අපි වගේ වංශය කබල් ගාන්නන් කොසිටීම, හොරකම් නොකිරීම සහ නීතිය සැමට එක සේ ක්‍රියාත්මක කිරීම වගේ දේවල්. (නි)
කොට්ටාවේ සිට කොලබට පැය 3යි
කාටද ආඩම්බර
දියුණූවත් අයහපතට වෙයිද දන්නේ නැහැ. (නි)
අපේ සුභ පැතුම්! (නි)
ඇමෙරිකාව කියන්නේ ලෝකයේ "මානව ජාතින් උණුකර මිශ්‍රකරන තැන" යි. ඕනෑම රටක දක්ෂයෙක් බිහිවුණොත් වසර කිහිපයකින් ඔහු ඇමෙරිකානුවෙක් කරගන්නවා. අපේ රටේ අර ටිකට් මැසිම කට්ට ගහපු කොන්දොස්තර දැන් කෝ? ඔහු දැන් එංගලන්තයේ එම මැෂින් හදන ආයතනයේ සැලසුම් කරුවෙක. අපේ රටින් ඊයේ පෙරේද බිහිවුණ අර වතුරෙන් කාර් දුවන්න හදපු කෙනා දැන් අතුරුදහන්. පේනවා නේද මේ රටවල් දියුණු වෙන්නේ ඇයි කියලා. අපේ දේශපාලුවන්ට කට කැඩෙනකම් කිව්වත් නව නිර්මාණකරුවන්ගෙන් වැඩක් ගන්න කියලා එය බීරන්ට කියනවා වගේ. බලන්න දැන් මොරටුව විශ්ව විද්‍යාලයෙන් වසර 6 ක් දුෂ්කර , එංගලන්තයේ රාජකීය වස්තු විද්‍යා සංගමය මගින් පිළිගත් විශේෂ උපාධියක් සහ පුහුණුවක් ලද වස්තු විද්‍යාවේදීන් 50 ක් පමණයි වසරකට බිහිකරන්නේ. නමුත් ඔවුන් 60 % පිටරටවල වාස්තු විද්‍යා ආයතනවල සේවයට යනවා, ඉහළ වැටුප් වලට. හේතුව , අපේ රට ඔවුන්ගෙන් සේවය ගන්න දන්නේ නැහැ. රාජ්‍ය සේවයක් කරලා ඒ ඒ ප්‍රදේශවලට අනුයුක්ත කළා නම් කාටත් හොද සේවයක් ලැබෙනවා. මේ අඩුව නිසා බලන්න අද අපේ ගොඩනැගිලි වල නොදියුණු බව, නගරවල සැලසුම් රහිත බව. රටේ දියුණුවේ යටිතලය දියුණු නගර හා ගොඩනැගිලි කර්මාන්තයයි. මොකද ඕනෑම දේකට හොද ගොඩනැගිල්ලක් අවශ්‍යයි, දියුණු ශිස්ටාචාරයකට දියුණු නගර අවශ්‍යයි. බලන්න අද ගොඩනැගිලි ගෙවල් සැලසුම් කරන්නේ 90 % සුදුසුකම් ඇති වාස්තුවේදීන් නොවෙයි. ගොඩනැගිලි හා ඉදිකිරීම් අමාත්‍යංශය රටේ සෞඛ්‍ය අමාත්‍යංශය වගේම වැදගත් එකක්. හොද අනුයුක්ත කිරීමේ පටිපාටියක් අවශ්‍යයි, දිවයිනම ආවරණය වෙන පරිදි. (නි)
කෝ සිංහ කතා? කෝ ආගම්වාදියෝ? කෝ දේශප්‍රේමියෝ? කෝ වංශය කබල් ගාණ කට්ටිය? එක් කෙනෙක්වත් අද නම් පේන්න නැහැ වගෙයි. (නි)
මල්කා වෙත, උගත් වුනත් නැතත් ලංකාවේ අය පිටරට යන්නෙ මේ නිසා.1. සුදුස්සට නියම තැන ලැබීම. 2. මේ රටවල් වල අපරාධ අඩුයි.එකිනෙකාට ගරුකරන නිදහස් වාතාවරණයක් තිබීම. 3. ඉහළ වැටුප්. 4. පන්ති භේදය නොමැති සමාජයක ජීවත් වීමේ පහසුව. 5. ලංකාව හැදෙන බවත් පේන මානයකවත් නොතිබීම. (ස)
ලංකාවේ ටොරින්ටන් වල ඉදලා බම්බලපිටියට යන්නම විනාඩි 30ක් යනවනේ. (නි)
කෝ අපේ වංශය කබල් ගාන දේශප්‍රේමියෝ ටික? (නි)
ඔබ අපට ආඩම්බරයකි. (නි)
ඉතින් හොදයිනේ
එහෙම තමයි ඇයි
ඕක ගොඩ බාන්න මත්තලටම ගෙන්න ගන්න වෙයිද දන්නේ නැහැ. (නි)
ඇමරිකාව අපටත් ආඩම්බරයක්. (නි)
අයියෝ වරුණ, මම නම් ටොරින්ටන් වල ඉදලා බම්බලපිටියට යන්නේ විනාඩි 20න්. (නි)
අයියෝ සල්ලි
සන්තෝසයි
ඇමරිකාව ලාංකිකයන් වශයෙන් අපටද ආඩම්බරයකි. (නි)