IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නොවැම්බර් 17ට පෙර අලුත් ජනපතිවරයෙක් දිවුරුම් දිය යුතුයි

(යොහාන් භාසුර)

ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 යන කාල පරාසය තුළ අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත් නව ජනාධිපතිවරයා නොවැම්බර් 17 වැනිදාට පෙර දිවුරුම් දියයුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (19) පැවසීය.

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

මෙම වසරේ ජූලි මස අවසානයේ හෝ අගෝස්තු මස මුලදී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අනිවාර්යයෙන් බැඳී සිටින බවත් මෙම වසරේදී ජනාධිපතිවරණය නියමිත වේලාවට නොපැවැත්වුවහොත් නොවැම්බර් 18 වැනිදාගෙන් පසු පවතින රජය නීතිය අනුකූල නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම වසරේ නියමිත දින වකවානු තුළ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බවත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගැනීමට නොහැකි යැයි විශ්වාස කරන බවත් ජී. එල්. පීරිස් මහතා කීය.

විධායක ජනාධිපති ධූරයේ අහෝසි කර මෙම  ආණ්ඩුව තව වසරකට ඉදිරියට ගෙන යනවාද යන ප්‍රශ්නය මහජනතාවගෙන් සෘජුව ඇසිය යුතු බව කී ඒ මහතා පළමු වරම මෙම විනාශකාරී ආණ්ඩුව පලවා හැරීමට ජනතාව බලා සිටින බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව ප්‍රකාශයට පත් කිරීමේ නීතිමය බලය හිමිවන්නේ මැතිවරණ කොම්ෂන් සභාවට මිස ජනාධිපති ලේකම් කාර්යාලයට නොවන බවත් ජනමත විචාරණයක ප්‍රතිඵල අභියෝගයට ලක්කිරීමට ඕනෑම පුරවැසියෙක්ට අයිතිය හිමිවන බවත් මහාචාර්යවරයා කීය.

ජනාධිපති ධූරය අහෝසි කිරීම සරළ ක්‍රියාදාමයක් නොවන්නාක් මෙන්ම එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ සෘජු ලෙස බැඳී පවතින බවත් රටේ මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමට පෙර ජනමතය පිළිබිඹු කරන පාර්ලිමේන්තුවක් සහිත ආණ්ඩුවක් තිබිය යුතු බවත් ඒ මහතා පැවසීය.

ඒ මහතා ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන බව ද වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (2)

නොවැම්බර් 17ට පෙර අලුත් ජනපතිවරයෙක් දිවුරුම් දිය යුතුයි

සුරංග Monday, 19 February 2024 02:44 PM

ඉතින් උන්නැහේ තමුන් කවද්ද මැතිවරණ කොමිසමේ රාජකාරි බාරගත්තේ කියලා කියනවාද?

:       1       3

samanmali Monday, 19 February 2024 03:18 PM

ඇත්තටම ඊළඟ පාර්ලිමේන්තුව පැත්ත පළාතෙවත් ගෙන්න ගන්න හොඳ කෙනෙක් නෙවෙයි. දන්නා කාලේ ඉඳන් පාර්ලිමේන්තුවේ හිටියා. හැම පනතකටම අත ඉස්සුවා. අතනින් මෙතෙනට මෙතැනින් තව තැනකට යනාදී වශයෙන් කී වරක් පිල් මරුකළාද? ඒ කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැහැ...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 239 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site