කොළඹ හුණුපිටිය ගංගාරාමයේ නවම් පෙරහර අද (6) වීථි සංචාරය කෙළේය. මහින්ද රාජපක්ෂ ජනපති හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කණ්ඩුල හස්තියා මත සදාතුක කරඬුව තැන්පත් කළහ. උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි පාර්ශවයේ මහානායක හිමි සහ ගංගාරාමාධිපති ගල්බඩ ඥානිස්සර හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මෙම පෙරහර ශ්‍රී ලංකාවට ආවේනික නැටුම්, ගැයුම් හා වැයුම් වලින් අලංකාර විය. පෙරහර හෙටත් පැවැත්වේ.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
නවම් පෙරහර බලන්න ජනපති විපක්ෂ නායක එක්වෙති
සමින්ද Monday, 06 February 2012 10:23 PM
මේකට දැන් කියයි හොද කතා
හසිත Monday, 06 February 2012 10:31 PM
මේ මිනිස්සු හැමදාමත් මෙහෙම එක්සේසත්ව වැඩ කරනවනම් අපෙ රට තරම් තවත් සුන්දර රටක් කොහිද ?
හේමන්ත Monday, 06 February 2012 10:46 PM
හොද දේට මෙහෙම එකට එනවනම් කොච්චර හොදයිද
රාවනා Monday, 06 February 2012 11:17 PM
අපි සංතෝසෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේ.. අයියා මල්ලී වාගේ අයියා මල්ලී.....
කමල් Tuesday, 07 February 2012 02:55 AM
අපේ මිනිස්සුන්ට නොතේරුනාට මේ දෙගොල්ලොම ඉන්නේ එක පැත්තේ තමයි. අහිංසක මිනිස්සු තමයි අනිත් පැත්තේ ඉන්නේ..
චන්දවිමල හිමි Tuesday, 07 February 2012 07:25 AM
විපක්ෂ නායක තුමා රටේ ප්‍රධාන රජයේ උත්සවය වන නිදහස් උළෙලට අවේ නැහැ. ඒක ඉතාම නරකයි..
අජන්ත Tuesday, 07 February 2012 09:27 AM
බොහොම හොඳයි.. අපි බලාපොරොත්තු වෙන්නෙත් මේ වගේ නිදහසක්. තන්හාවෙන්, ක්‍රෝදයෙන්, වංචාවෙන් තොර රටක්..
තේනුදී Tuesday, 07 February 2012 09:56 AM
ඇයි රටේ තියන ප්‍රශ්න විසඳන්නත් මෙහෙම එකතු වෙන්න බැරි?
නාමල් විජේරත්න Tuesday, 07 February 2012 10:03 AM
සාධු සාධු. මෙහෙම ඉන්නවනම් දෙන්නම්කො පන වුණත්..
යාපා Tuesday, 07 February 2012 10:32 AM
පොඩි හාමුදුරුවො හැමදාම කළේ මිනිස්සු එකට එකතු කරන එක. මේ කරන දේවල් වලට උන්වහන්සේට පින් සිදු වෙනවා..
කපිල Tuesday, 07 February 2012 10:58 AM
ඒ ගොල්ලො හොද අවබෝධයෙන් තමයි හැමදාම ඉන්නේ. මේ අයගෙ පස්සෙන් යන අන්තගාමීන් තමයි හැමදාම ඇනකොටා ගන්නේ..