කොළඹ හුණුපිටිය ගංගාරාමයේ නවම් පෙරහර අද (6) වීථි සංචාරය කෙළේය. මහින්ද රාජපක්ෂ ජනපති හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කණ්ඩුල හස්තියා මත සදාතුක කරඬුව තැන්පත් කළහ. උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි පාර්ශවයේ මහානායක හිමි සහ ගංගාරාමාධිපති ගල්බඩ ඥානිස්සර හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මෙම පෙරහර ශ්‍රී ලංකාවට ආවේනික නැටුම්, ගැයුම් හා වැයුම් වලින් අලංකාර විය. පෙරහර හෙටත් පැවැත්වේ.