
(උපුල් හේරත්)
නිවුන් සොයුරියන් ලෙසින් එකට ඉපදී කුඩා කල වෙන්වූ බව කියන තම සොයුරිය සොයා ගුරුවරියක රට වටා ඇවිදින ගමනේදි මිහින්තලා නගරයේ දී හමු වූ පුවතක් මිහින්තලා පුද බිමෙන් වාර්තා විය.
මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි අනුරාධා මහවෙලගේ (40) නැමැති අවිවාහක විද්‍යා ගුරුවරියකි.
මොවුන්ගේ මවත්, පියත් කුඩා කාලයේ දී මියගිය බව පවසන ඇය මානෙල් නමින් තවත් සොයුරියක් සිටින බව කියා සිටියාය.
එම සහෝදරිය වෙනත් කෙනකුට හදා ගැනීමට ලබාදුන් බවත්,එකල මාපියන් පැවසූ නමුත් ,මාගේ අනෙක් වැඩිමහලූ සොයුරන් දෙදෙනාගෙන් ඒ පිළිබඳව විමසූ නමුත්,ඔවුන් කිසිවක් අනාවරණය නොකරන බවද කියා සිටියාය.
මෙම පුවත කන වැකුණු මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් කියා සිටියේ ,එම කාන්තාවගේ ඡායාරූපයක් තිබේ නම් මෙම පුද බිම තුළ ප්‍රදර්ශනය කිරීම වරදක් නොවන බවයි .ඒ සඳහා ඇයට විහාරාධිපති හිමියන් උපකාර කරන ලදී .
මානෙල් මහවෙලගේ නැමැති නිවුන් සොයුරිය මිහින්තලයේ රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් ලෙසින් සේවය කරන බවට ඇය කීවත් රජරට විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය සේන නානායක්කාර මහතාගෙන් කළ විමසීමක දී කියා සිටියේ, එවැනි කෙනෙක් ගැන මතකයේ නැති බවයි.
මේ සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඇත්නමිි 076- 7584969 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඇය කාරුණිකව ඉල්ලා සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුවේවායි පතමි..
මානෙල් මහවෙලගේ කියලා කිව්වට වෙනත් කෙනෙකුට හදාවඩා ගැනීමට දීපු කෙනෙක් නම් ඇයගේ උප්පැන්නයේ නම වෙනස්කර ඇති ඒ නමින් සොයන්න බැහැ .එහෙම නම් අනුරාධා මහවෙලගේ නමින් උප්පැන්නය ලියූ ලේඛනයේ දෙදෙනාගේ නම් එකළඟ ඇති නම වෙනස් කර ඇති. වර්තමානයේ අලුතින්ම ලිව්වත් ඔය කාලයේ තිබුන සහතිකයේ රතුපාටින් නම වෙනස්කර ඇති .ඒක ගත්තොත් සෙවීම පහසුයි කියලා කියන්න පුළුවන්
රජරට කැම්පස් එකට ගිහින් අහන්න තිබුනා නේ .අනික දැන් නම වෙනස් කරලත් ඇති .සමහර විට කොහොම උනත් ජනමාධ්‍යයේ අත් හල නොහැකි සමාජ වගකීමක් මේ වගේ දෙයකට උදවු කිරීම සහ සහෝදරිය සොයා දීමට උපකාර කිරීම
හද සසල කරන දෑසට කඳුළු උනන පුවතක්.