ශ්රී ලංකා ස්කොෂ් සංගමය සංවිධානය කළ 31 වැනි ජාතික ස්කොෂ් ශූරතාවලියේ විවෘත පිරිමි ශූරතාව පිට පිටම සිවුවැනි වරටත් දිනා ගැනීමට නවීන් සමරසිංහ සමත්විය. කාන්තා ශූරතාව පළමු වරට දිනා ගැනීමට ශාර්යා ගුරුගේ සමත්වුවාය.
රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ක‍්‍රීඩා සංකීර්ණයේදී ඊයේ (22) නිමා වු මෙම තරගාවලියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 112 දෙනෙක් සහභාගිවුහ. පිරිමි අවසන් මහා තරගයේදී සමන් තිලකරත්න තරග වට 3-2 කින් පරදවා නවීන් ශූරතාව දිනා ගත්තේය.
ශාර්යා ගුරුගේ සහ නදින්දි උඩන්ගාව අතර පැවැති කාන්තා අවසන් මහා තරගයෙන් ශාර්යා තරග වට 3-2 ක ජයක් ලබා ගත්තාය. ජාතික කනිෂ්ඨ ශූරිය වන ශාර්යා පසුගිය වසරේ පැවැති ජාතික තරගාවලියේදී තෙවැනි ස්ථානය ලැබීය.
ජයග‍්‍රාහී නවීන් ජාතික ස්කොෂ් ශූරතාව හය වරක් දිනා සිටින අතර අනුශූරයා වු සමන් ජාතික ස්කොෂ් ශුරතාව 17 වරක් හිමිකර ගෙන සිටින කී‍්‍රඩකයෙකි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
නවීන් - ශාර්යා ජාතික ස්කොෂ් ශූරතා දිනති
සුදත් Saturday, 24 December 2011 10:03 PM
සුභ පැතුම්...!