ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියට (අයි.පී.එල්.) සහභාගි වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් 13 දෙනා අතරින් චෙන්නායි සුපර් කිංග්ස් පිල නියෝජනය කිරීමට නියමිතව සිටි නුවන් කුලසේකර සහ අකිල ධනංජය තරගාවලියට සහභාගි වන බවට අද (01) පස්වරුව දක්වා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දක්වා නොතිබුණි.
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් සහ පූනේ වෝරියස් යන කණ්ඩායම්වලින් මෙවර තරගාවලියට සහභාගි වන ලෙස චන්දිමාල්ගෙන් කළ ඉල්ලීම් ඔහු ප‍්‍රතික්ෂේප කර තිබේ.
තරගාවලියට සහභාගි වන බව සෙසු ක‍්‍රීඩකයන් 11 දෙනා මේ වන විටත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම්දී තිබේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ දිනේෂ් චන්දිමාල්, නුවන් කුලසේකර සහ අකිල ධනංජය යන ක‍්‍රීඩකයන් මේ දක්වා තරගාවලියට සහභාගි වන බවට ලිඛිතව දැනුම්දී නොමැති බවයි.
‘‘අයි. පී. එල්. තරගාවලියට සහභාගි වන සෙසු ක‍්‍රීඩකයන් ඒ පිළිබඳ ලිපියක් මගින් ක‍්‍රිකට් ආයතනයට දැනුම්දී තිබෙනවා. නමුත් චන්දිමාල්, කුලසේකර සහ අකිල මේ දක්වා ලිපි යොමුකර නෑ’’ යැයි ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ ආරක්‍ෂාව පිළිබඳ සම්පූර්ණ වගකීම තමන් දරණ බවට ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම්දී ඇතැයි මේ පිළිබඳව කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසීය.
මෙවර තරගාවලියේදී මහේල ජයවර්ධන (දිල්ලි), කුමාර් සංගක්කාර (හයිඞ්ට‍්‍රබාත්) සහ ඇන්ජලෝ මැතිව්ස් (පූනේ) ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් නායකයන් ලෙස කටයුතු කරති.
ජීවන් මෙන්ඩිස්, (දිල්ලි), සචිත‍්‍ර සේනානායක (කොල්කටා), ලසිත් මාලිංග (මුම්බායි), අජන්ත මෙන්ඩිස් (පූනේ), කුසල් ජනිත් පෙරේරා (රාජස්තාන්), තිලකරත්න ඩිල්ෂාන් සහ මුත්තයියා මුරලිදරන් (බැංගලෝර්) සහ තිසර පෙරේරා (හයිට‍්‍රාබාත්) අයි. පී. එල්. තරගාවලියට සහභාගි වන සෙසු ක‍්‍රීඩකයෝ වෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ අයව අයි.පී.එල්. යවලා අපි චන්දිමාල් වගේ දක්ෂයන්ට අවස්ථාවක් දෙමුද? (නි)
ලංකාවේ තරඟ වලට හොදට සුදානම් වෙන්න (දී)
මුරලිත් යනවාද (දී)
ඔබලා ඉතා නුවණක්කාර තීරණයක් අරගෙන තියෙනවා (දී)
කෝ අර එස්.එල්.ටී. ක්‍රිකට් තරු(ස)
ඉස්සැල්ලම ගුවන්යානයට මාලිංග නගියි. (නදී)
කවුරු නොගියත් අරයනමි යයි.(නදී)
සල්ලිද , ජිවිතයද , මේ තුන් දෙන්නා හැරෙන්න අනෙක් කට්ටිය යනවාද (දී)
ඔයාලාට කෝටි 10ක් 15ක් දුන්නොත් ඔයාලා නොයා ඉන්නවාද ? (ස)
මම හිතන්නේ අපි සැවොම එහේ යා යුතුයි. අපි කාටවත් බය නැති සිංහයන් බව පෙන්වමු (ස)
අයි.පී.එල්. නොයන අයට ජාතික කණ්ඩායමේ විශේෂ ස්ථානයක් හිමිවිය යුතුයි. (නි)
අපේ සිංහයෝ ගැන කියන්න වචන නැහැ අපිට. (නි)
නිකන් යනවා මනුස්සයෝ යන්න. අපි. අයි පී. එල්. යනවා මීට කලින් දැකලා නැත්ද ? (ස)
යන අයට යන්න දෙන්නකෝ. (නි)
ඒ තීරණය හොදයි (දී)
දේශයේ පුත්‍රයාණනි නුඹලාට අපගේ උත්තමාචාරය ! (ස)
කුලසේකර ඉන්දියාවට බය වෙන්න එපා (දී)
නියම සිංහයෝ! කවදාවත් බයේ හැංගෙන්නෙ නැහැ. ජය වේවා කොල්ලනේ! (නි)
අයියෝ අපේ කොල්ලෝ ජයලලිතාට බය වෙලා වගේ (දී)
මැචි වලට විතරක් නෙමෙයි මොනම දේකටවත් අපිට ඉන්දියාවට නොගිහින් ඉන්න බැරිද?(නදී)
සල්ලි වලට ක්‍රීඩාව යට කරන්න එපා (දී)
මෙන්න දේශද්‍රෝභියෝ. සල්ලිවලට රට විකුනන අය. පිල්ලේ නෝනාටයි ජයලලිතාටයි මේ එක්කෙනෙක් දෙන්නෙක් කසාද බන්දලා දෙන්න ඕනේ.(නදී)
මුන්ට සල්ලි ලැබෙනව නමි අම්මා තාත්තා වුනත් විකුනයි.(නදී)
ඇත්තටම මේ ගැන සෑහෙන්න දුකයි. ඉන්දියව අපිට මෙච්චර හතුරුකම් කරද්දිත් මෙයාලා සල්ලි වලට විකිනෙන එක ගැන. තමන්ගේ දේශය පාවාදීම ගැන අපට ඇත්තේ කණගාටුවක්. (නි)
මුලින්ම ඒ ළමයට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ අව්සථාවක් දෙන්න.(නදී)
මේ අයට යුද්දෙ කාලේ මෙපමන මුදලක් දෙනවා කිව්වා නම් යාපනෙත් යයි.(නදී)
යන්න එපා ගල් පාරක් හරි වැදුනොත් කාටද ඔබ තුමා තමයි කරදර විදින්න ඕනේ (දී)
දැන් සමහරුන්ට සල්ලි නිසා දෙමවුපියොවත් අදුරන්න බැහැ. (නි)
මාත් ජනක ගේ අදහසට එකගයි. මොකද අපි වැරද්දක් කරා නම් තමි බය වෙන්න ඕන. අපේ රට කාටවත් වරදක් කරලා නැත්තන් අපේ වීරයෝ බය වෙන්නැතිව අයි.පී.එල් යන්න ඕනේ. අපි වරදක් කර නම් එක පිළිගන්න වනම් තමි අපි අයි.පී.එල් වර්ජනය කල යුත්තේ. (නදී)
අපේ වීරයෝ කොහේ ගියත් එයාලගේ දක්ෂතා පෙන්වීමට හැකි වේවා අපි සිංහයෝ නිසා කාටවත් බය විය යුතු නෑ. සඟ සංගා ඇතුළු අපේ වීරයන්ට ජය. (නදී)
චන්ඩි මල්ලි, අර්ජුන අයියා වගේ සල්ලි හොල්ලන අයට අහුනොවී කෙලින් ඉන්න පුළුවන් නම් දිගටම හරි හොදයි. ආනන්දෙට නම්බුවක්.(නදී)
හොද තීරණයක් (දී)
රට ජාතිය ගැන හිතන්නෙ නැතුව අයි.පි.එල්. යන අයට තමිල්ණාඩුවෙන් හොද පරිප්පුවක් කන්න වෙයිද දන්නෙ නැහැ. (නි)
ලංකාවේ ක්‍රිකට් දැන් හොද තැනක තියෙනවා (දී)
2013 ගනු දෙනු.(නදී)
එයාලගේ බිරින්ඳෑවරුන්ගේ ටිකට්ස් .... (ස)
සල්ලි වලට වඩා ජීවිතය වටිනවා (දී)
රට වෙනුවෙන් සෙල්ලම් කිරීම ඉතා වැදගත් (දී)
චන්දිමාල්, අකිල, නුවන් හැර 11 දෙනෙක් අයිපීඑල් යති ඒ අනුව කුමාර සංගක්‌කාර, මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන්, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත්, ජීවන් මෙන්ඩිස්, අජන්ත මෙන්ඩිස්, තිසර පෙරේරා, සචිත්‍ර සේනානායක සහ මුත්තයියා මුරලිදරන් යන ක්‍රීඩකයන් හෙට (3දා) ඇරඹෙන අයි.පී.එල් තරග අවස්‌ථාව ලබාගැනීමට කැමැත්ත පළ කර ඇත. (දී)
අර්ජුන කවදාවක් මේ වගේ තත්වයකට ඇද වැටිච්ච ක්‍රීඩකයෙක් නෙමෙයි. අවබෝධයෙන් අදහස් ඉදිරිපත් කරනව නමි හොදයි.(නදී)
රටේ නම්බුව රකින්න පුළුවන් කීයෙන් කී දෙනාටද? අයි.පී.එල් නොයන්නේ ශ්‍රී ලංකාවේ නියම වීර පුත්තු තමයි. ඔබලාට ජයවේවා! (නදී)
සල්ලි වලට වඩා ජීවිතය වටින්මා බව ඔප්පු ලකා (දී)
සල්ලි ලැබුණහම ඕනෑම දෙයක් කරන්න කියන අය අවංකවම හිතලා බලන්න තමන් අවංකද කියලා. (නි)