ගුවන් විදුලි නිවේදකයකු වූ සුගත් විරසිංහ රාත්‍රී සේවය නිමවා නිවසට යමින් සිටිය දී ඔහු පදවාගෙන ගිය ත්‍රී රෝද රිය කුඩා ලොරියක වැදීමෙන් නවගමුවේ දී මියගොස් ඇතැයි පොලිසිය කියයි. පරකඩුවේ පදිංචි වීරසිංහ මහතා ගුවන්විදුලි සංස්ථාවේ සේවය කළේය. මියයනවිට 32වැනි වියේ පසුවූ ඒ මහතා තිදරු පියෙකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොයුර,ඔබට නිවන් සුව පතමි! (නි)
කණගාටුදායක පුවතක් (නි)
ඉතාම අවාසනාවන්ත සිදුවීමක් (නි)
ත්‍රී රෝද සහ බට්ටන් සහ මුලින්ම ප්‍රධාන පාරවල් වලින් ඉවත් කරන්න. (බ)
ඔබට නිවන් සුව ලැබේවා.(හේ)
ඔබට නිවන් සුව......! (නි)
දුක්මුසු ආරංචිමයි අහන්න ලැබෙන්නේ (නි)
ඔය වාහන දෙකම ඉන්දියානු නිෂ්පාදන. වර්ජනය කළොත් නරකද? (නි)
ඉකුත් සතියේ රාත්‍රියේදී මෙම නිවේදක මහතා සමග සිටි එෆ් එම සේවයේදී මා ගීත ඉල්ලා කතා කලෙමි අවන්කවම ඉතාම කණගාටු වෙන පවුලේ සියලු දෙන සමග දුක බෙදා ගනිමු (නදී)
ත්‍රි රෝද රථය කියන්නේ එහි ගමන් ගන්නා මගීන්ට කිසිදු ආරක්ෂාවක් නැති වාහනයක්. රථ වාහන සම්බන්ධයෙන් ලෝකයේ පළවන සඟරාවල මේ බව පැහැදිලිව සඳහන් කර තිබෙනවා. මිල අඩුකම හා ඉන්ධන පිරිමැස්ම නිසා තුන්වන ලෝකයේ රටවල අඩු ආදායම්ලාභී ජනයා මෙය මිලට ගන්නවා. මේ අයට මගී ආරක්ෂාව ගැන පැහැදිලි වැටහීමක් නැහැ.(නදී)
මේ වාහන දෙවර්ගයම අද මාරක වාහනය මේවා නිසා අන් වාහන වලටද පාරේ යා නොහැකි තත්වයක් උදාවෙමින් පවතී. වහාම මේවා නියාමනය කළ යුතුය (නදී)
ප්‍රිය මිතුර ඔබට නිවන් සුව ලැබේවා (නදී)
ඉහත අදහස් ඉතා වැදගත් දොරටුවක් විවවර කරනවා. අපේ රටේ මාර්ග අනතුරු එන්න එන්නම ඉහල යනවා. වෙන රටවල නම් මෙවා අධ්‍යනය කරලා ඉගෙන ගෙන ඒ වරද නිවැරදි කර ගන්නවා. නමුත් අපේ රටේ පොලිසිය වත්, මාර්ග සම්බන්ධ අයවත් , වෙන පළාත් පාලන ආයතන වත් මේවා ගණන් වත් ගන්නේ නෑ . බීමත්ව රිය පැදවීමේ භයානක බව නිසාම වෙන රටවල එයාගේ වාහනය එතනම පොලිසිය බාරයට අරගෙන , රියදුරු බලපත්‍රය තහනම් කරන තැනට වැඩ කරනවා ආයේ ඒ දේ නොවෙන්න. එත් අපේ රටේ පගාව අරගෙන යන්න දෙනවා. පස්සේ ගිහින් පවුල් පිටින් යට කරලා මරනවා. කිසි තැනක නියම මාර්ග සලකුණු නෑ, නියම වේගය දන්නේ නෑ, ය යුතු පාරවත් , වහනය ගැන වත් දන්නේ නෑ, සීට් බෙල්ට් වල වැදගත් කම කියල දෙන්න කෙනෙක් නෑ. හැමෝම දේශපාලනය කරමින් දේශපාලකයෝ පස්සේ යනවා, මෙහෙ මිනිස්සු මැරෙනවා ! වහාම ත්‍රී වීල් ගම් වලට සීමා කළ යුතුයි. නගරබද පාරවල මගී ප්‍රවාහනය වැඩි දියුණු කරන අතරතුර, ප්‍රමිතියකින් යුතු මොටෝර් රථ ටැක්සි සේවා අනිවාර්ය කොට නීතිගත කළ යුතුයි. බට්ට වර්ගයේ වාහන වල ආරක්ෂක ප්‍රමිතිය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකුල නොවේ නම් ගෙන්වීම වහාම තහනම් කළ යුතුයි. ඒ කටයුතු කිරීම සදහා මධ්‍යම පරිපාලන ඒකකයක් ස්ථාපිත කළ යුතුයි. (බ)
සමන්ගේ කතාව හරියටම හරි. (බ)
සවන පිනවන සොඳුරු කටහඩ අපිට රහසේම නික්ම ගොස් ඇත... දයාබර සුගත්,ඔබට නිවන් සුව! (නි)
අනේ දෙවියනේ! (නි)