
(සුජිත් හේවාජුලිගේ )
නවාතැන් පිළිබඳ ගැටලු හේතුවෙන් වෛද්‍යවරුන් පනහකට වැඩි පිරිසක් රාත්‍රී කාලයේ සිය වාහනවල නිදාගන්නා බවට තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසුවේ ඇතැම් වෛද්‍යවරුන් එසේ කටයුතු කරන බවට තමාටද තොරතුරු වාර්තා වී ඇති බවයි.
එය කනගාටුදායක තත්වයක් බවද ඔහු සඳහන් කළේය.
වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාර ගැටලු ප්‍රවාහන ගැටලු විසඳීමට රජය ප්‍රමුඛත්වයදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යන බවත් පහසුකම් වැඩි කිරීමට අදාළව ලැබී ඇති යෝජනා කිහිපයක්ද මේ දිනවල අධ්‍යයනය කරගෙන යන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
සියලු වෛද්‍යවරුන්ට මෙරට සේවය කිරීම සඳහා සුදුසු පරිසර තත්වයක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාව බවද හංසක විජේමුණි මහතා වැඩිදුරටත් කීය.
මේ අතර පසුගිය අවුරුදු පහේදී විශේෂඥ වෛද්‍යවරුන් 3791ක් මෙරටින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙයට අමතරව වෛද්‍යවරුන් 1491ක් වැටුප් රහිත නිවාඩු පිට සිටින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරේත වැද්දො
ඇනෙක්ස් එකක් හො කාමරයක් සොයා ගෙන නැවත්වීමට නොහැකි ඇයි.දොස්තරලට තියෙන්නෙ පුදුම ගැටළු නෙ.
බොහෝ පර්යන්ත සහ මුලික රෝහල් වල පහසුකම් ඉතා අඩුයි. මේවා දීර්ග කාලයක් මුළුල්ලේ සැලකීමක් නොකරපු නිසා ගොඩ ගැහිච්ච ප්‍රශ්න. දොස්තරලාත් නැහැ. ඉන්න අයට දිවා රාත්‍රී නොබලා සියල්ල කිරීමට සිදුවෙලා. ස්වෙච්චා සංවිධාන උදව් කරන්නෙත් ලොකු රෝහල් වලට. එබැවින්, දැන්වත් මෙවැනි රෝහල්වල තත්ත්වය දියුනු කිරීමට වැඩ කරන්න.
කාර් එකක් ගන්න පුළුවන් වුණාට නවාතැන් කාමරයකට ගෙවන්න බැරිලුද? හරිම විහිළුවක්...
දොස්තරලා ඉන්න තැන් නැතුව වාහන වල නිදා ගන්නවා නම් 3791 ක් රට අත්හැරලා ගිය එක ගැන පුදුම වෙන්නේ මොකටද?
බොහෝම කනගාටුදායක තත්ත්වයක්. වෛද්‍යවරුන් හොඳ සුව නින්දක් ලැබුවොත් තමයි එගොල්ලන්ට රෝගීන් සඳහා හොඳ ගුණාත්මක සේවයක් සපයන්නට පුළුවන් වෙන්නේ. නිදිමතේ හරියට රාජකාරිය කරන්න බැහැනේ. තාවකාලික විසඳුමක් ලෙස මොබයිල් කැරවන් කාර්ස් ටිකක් හරි කුලී පදනමට ආණ්ඩුවට ගන්න පුළුවන් නේ.