අහංගම තිත්තගල්ලේදි පෞද්ගලික ආරවුලකට මැදි වී සිටි පනාගොඩ යුද හමුදා කඳවුරේ 19 වැනි පාබල හමුදාවේ ලුතිනන්වරයෙක් පිහි ඇනුමෙන් මරුමුවට පත් විය. ඉමදූව කෝදාගෙඩ පදිංචි බී.එස්. සුරංග ජනක සම්පත් (24) නම් සෙබළා නිවාඩුවට පැමිණ සිටිය දී මේ ආරවුල සිදුවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන වෙලා තියෙන දේ හරියටම දන්නේ නැහැනේ.. මෙයා මේ ගැටුම නවත්තන්න ගියාද දන්නේ නැහැනේ..!!(නු)
දේශයේ මුර දේවතාවනි, ඔබගේ නම අමරණීයයි...යන්න ස්වර්ගයට (ස)
වීර සෙබලාණෙනි, දයාබර මල්ලියේ , ඔබ වෙනුවෙන් මගේ ශෝකය , අම්මා තාත්තා හට මගේ සංවේගය ප්‍රකාශ කරමි..(ස)
තරාතිරම මොනවා උනත් කවුරුත් හමුදාවෙ සෙබළු.. කවුද දන්නේ මොහු මේ අවුල විසදන්න මැදි උනාද කියලා.. මොනවා උනත් අවාසනාවන්ත මරණයක්.. පවුලේ සියලු දෙනාට මාගේ සාතිශය සංවේගය.. සොයුර ඔබට නිවන් සුව..!!(නු)
ලුතිනන්වරයෙකු කියන්නේ හමුදා නිලදාරියෙක් ..සෙබලෙක් ලෙස හැඳින්වීම වැරදියි .උප ලුතිනන්වරයකු ගෙන් පහල සැම කෙනෙක්ම සොල්දාදුවන් .උප ලුතිනන්වරයෙකු වරයකු සහ ඉන් ඉහල අය සැම කෙනෙක්ම නිළදාරීන්.(නු)
නිශාන්ත, හමුදාවේ ඉන්න ඕනෑම කෙනේ සෙබලෙක්.. ලුතිනන් කියන්නේ නිලයක් විතරයි..(නු)
සෙබලෙක් උනත් නිළධාරියේක උනත් රණවිරුවෙක් උනත් පිහියෙන් ඇන්නම මැරෙනවා..!!(නු)
නිලධාරියෙක් හෝ සෙබලෙක් උනාට හැමෝම මනුස්සයේ.. ඒක තේරුම් ගන්න.. (නු)
නිළධාරියෝ හෝ සෙබලෙක් උනාට හැමෝම මනුෂ්‍යයේ ඒක තේරුම් ගන්න.. (නු)
තරාතිරම මොනවා උනත් එකම වර්ගය මනුෂ්‍ය වර්ගය එයයි වැදගත් මෙතන..!!(නු)
නිලධාරියෙක් හෝ සෙබළෙක් වුවත් සැවොම මනුෂ්‍යයන්ය. (නි)
පොදුවේ සෙබලුන්.අධිකාරී ලත් නොලත් නිලධාරීන්.(ස)
සෙබලාගේ පවුලේ සැමට මාගේ කණගාටුව ප්‍රකාශ කරමි.. ඔබට නිවන් සුව..!!(නු)
තරාතිරම කුමක් වුවත් මෙතන මරණයක් වෙලා තියෙනවා.. ඒ මනුෂ්‍යයෙක්... ඔබට නිවන් සුව..!!(නු)
මේ සෑම කෙනෙක්ම අයත් වන්නේ මනුෂ්‍ය කියන වර්ගයාටයි.. නිලය බලය එයට අදාල නැත... මරණය කාටත් පොදුයි.. (නු)
පිහි භාවිතය තහනම් කළ යුතුයි..!!(නු)
යුද්ධ හමුදාවේ සියලුම අයළුවන් සෙබළ කියන ගනයට අයිතියි. එතනින් එහාට තමා නිළ නාම යොදාගන්නේ. මෙයා ලුතිනන් වරයෙක් වුනාට සෙබල ගනයටමයි වැටෙන්නේ. වයස 24 දි ලුතිනන් වරයෙකු වූ මොහුට තව දිගු ගමනක් යන්න මාරයා ඉඩ ලබා දී නෑ....... නිවන් සුව..!!!(නු)
අපරාධකරුවන් හෙළා දකිමු. ඔහුට නිවන් සුව ලැබේවා! (නි)
හමුදාවේ ඉන්න ඕනෑම තරාතිරමක නිලධාරියෙක් ඔහු හිටිය තනතුරට වඩා ඉහළ ඊළඟ තනතුර ගෞරවයක් වශයෙන් පිරිනැමීම හමුදාවේ ප්‍රතිපත්තියක් කියල මම අහලා තියෙනවා. නිලය මොකක් වුණත් සුළු ප්‍රශ්නයක් නිසා, තරුණ ජීවිතයක් අද ඒ පවුලට ගමට සහ රටට අහිමිවෙලා නේද? (නි)
චන්ද්‍රසිරි, එතකොට ගෙදර එළවලු කපන්නේ ගමේ වඩු බාසුන්නැහේගෙන් කියත ඉල්ලගෙනද? (නි)
මියගිය සෙබළාට නිවන් සුව පතමු (නි)
ඇත්තටම ලුතිනන් කෙනෙක්ද නැත්නම් සෙබලෙක්ද? කොහොම උනත් දැං වැඩක් නැහැනේ..!!(නු)
අනේ මන්දා මොනවා කියනවද කියලා..ලුතින් වරයෙක් කියනවා,සෙබලෙක් කියනවා...මොකද්ද හරි.(ස)
තමන්ට (ගුණ වශයෙන්) වඩා උසස් හෝ සමාන හෝ පුද්ගලයකු ඉදින් නොලබන්නේ නම් තනිව හැසිරිම දැඩිව කල යුතුය.සහයට බාලයකු නොගත යුතුය. ධම්ම පදය (ස)
හමුදාවෙ කොයිතරම් උසස් නිලයක් උනත් සාමාන්‍ය සිවිල් නීතිය දන්නේ නැහැ. ඒකයි සාමාන්‍ය සෙබලුන් මේවගේ දේවල්වලට පැටලෙන්නෙ.. මේ අයට සිවිල් නීතිය මුල සිට සරළව කියා දිය යුතුයි..!!(නු)
හමුදා බලය පෙන්නන්න ගිහින්ද (ස)
ලුතිනන් වරයෙක් කොහොමද සෙබලෙක් වෙන්නේ.මොහු අධිකාරීලත් නිලධාරියෙක්..(ස)
මේක විලාසිතාවක් වෙලා නේද? වගකිව යුත්තන්ගේ අවධානය යොමු වුණානම්..(ස)
හමුදාවේ හැම නිලධාරියෙක්ම සෙබලෙක් කියලා නොදන්න අයට දැන ගන්නත් එක්ක මේක හොඳ පුවතක්....දැන්වත් හමුදාව ගැන දැනගන්න...(ස)
සෙබලෙක් වුනත් ලුතිනන් වරයෙකු වුවත් කුමන තරාතිරම කෙනෙකු වුවත් පවුල් වල ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවෙනවා. පවුල්වල ප්‍රශ්න සැමටම පොදුයි. කෙසේ වෙතත් අවාසනාවන්ත ලෙස අප අතරින් වෙන්වූ සොහොයුරාට නිවන් සුව පතමු. මෙම සිදුවීම් තුලින් අපද අප සිත්වල ඇති වෛරය අතහැර දැමීමට අදිටන් කරගනිමු. (ස)
ඉස්සරනම් කිව්වේ තනි කලේ නැත කිසි දිනේ කියලා ,දැන් මොකද (ස)
සෙබලෙක් නේද? හ්ම්ම්ම්. (ස)
සදාකාලිකවම නිවාඩුවක් ලැබිලා..!!(නු)
මේවැනි ශෝකජනක අවාසනාවන්ත මිනීමැරුම් සිදුවීමට මුල්ම හේතුව අප තුල ඇති ක්ෂනික කෝපය විය යුතුයි. කුඩා අවදියේ සිට අප සිතතුල ඇතිවන ක්ෂනික කෝපය පාලනය කිරීමට සහ මර්ධනය කිරීමට නූගත් අය අතින් මෙවැනි දේ ආරවුවලට මැදිවූ අතර නිතර සිදුවිය හැකිය.(ස)
දැන් යුද්දේ නැති නිසා සෙබලුන් මැරෙන්නේ සටන් වලින් තමයි.(ස)
පිදුරුතලාගල කන්දේ පුහුණු කළ යුතුයි. (නි)
ඉවසීමෙන් කටයුතු කරන්න පුරුදු වෙමු. මියගිය අයගේ පවුලේසැමට කණගාටුව දන්වා සිටිමි. (ස)
සෙබලාණෙනී.....අපට මුර දේවතාවක් වුණ ඔබට අනුන්ගේ පිහි පාරකට ලක්වීම දෛවයේ සරදමකි.ඔබට නිවන් සුව (ස)
සහමහර මිනිස්සුන්ගේ අදහස් බැලුවහම ඒ අය මිනී මරුවටත් වඩා අන්තයි..(ස)
ඇයි මේවට උද්ඝෝෂණ නොකරන්නෙ මිනිස් ජිවිත මුන්නේෂ්වරම සත්තු තරම වටින්නේ නැද්ද (ස)
ප්‍රදීප් ඔබ හරි, තරාතිරම නෙමෙයි මෙතන බලන්න ඕන.. උන සිද්ධියයි. වීර සෙබලෙක් අපට නැති වුණේ.. (නු)