IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


නවකයනට කිරිබත් දුන්නාට පන්ති තහනම් කරලාලු

කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසුන් 13 දෙනකුගේ ශිෂ්‍යභාවය අත්තෝනෝමතික ලෙස අහෝසි කළැයි කියමින් එහි මහා ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාලය ඉදිරිපිට දී අද (29)සත්‍යග්‍රාහායක් පැවැත්වීය. සහෝදර නවක සිසුන් පිළිගැනීම සඳහා කිරිබත් කෑල්ලක් දුන්නැයි කියන වරදට මේ සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කැර ඇතැයි කැලණි විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ජානක බණ්ඩාර කියයි.



අදහස් (0)

නවකයනට කිරිබත් දුන්නාට පන්ති තහනම් කරලාලු

චමල් Thursday, 29 December 2011 02:14 PM

ඒ අය කිරිබත් නොකාපු අයද? අනිවාර්යෙන්ම ලුණු දාපු කිරිබත් දෙන්න ඇති

:       0       0

නිලන්ත Thursday, 29 December 2011 02:20 PM

මෙතන ඉන්න ඔක්කොම පළමු වසරෙදි රැග් එකට භයවෙලා දුකෙන් ඉන්නවා. දෙවැනි වසරට ගියා විතරයි අනික් අයට රැග් කරනවා. ඔන්න ඕක තමන්ම හිතලා නතර කළානම් තමයි ගොඩාක් හොද

:       0       0

යූනස් Thursday, 29 December 2011 02:42 PM

මේ අයව පාලනය කරන්න ඒකාධිපති පාලනයක් ගෙන ආවොත් හොද නැද්ද?එහෙම නැත්නම් මේවා පාලනය කරන්න වෙන්නේ ගුටි දීලා තමයි ඉතින්.....

:       0       0

ඉන්දිකා Thursday, 29 December 2011 02:58 PM

පළමු අවුරුද්දෙ රැග් වෙනවා, දෙවැනි අවුරුද්දෙ රැග් කරනවා. ඉගෙන ගන්න තියෙන්නෙ අවරුදු දෙකයි

:       0       0

බුද්ධික Thursday, 29 December 2011 03:20 PM

දැන් විශ්ව විද්‍යාල වල සර් කෙනෙක් ළගින් ගියත් ගහනවා කියනවා. කිරිබත් කෑල්ලක් දුන්නත් ඒක නවක වධය. රටේ මිනිස්සුන්ට වෙන්න යන විනාසෙ පේන්නේ නෑ

:       0       0

ජයී Thursday, 29 December 2011 03:39 PM

ලැජ්ජා නැතිව සත්‍යග්‍රහ කරනවා. වැරැද්ද කිරිබත් දීම නොවෙයි , ලුණුමිරිස් ඇස්වල ගෑමයි.

:       0       0

චන්දරේ Thursday, 29 December 2011 03:50 PM

සාමාන්‍යයෙන් රැග් කරන්නෙ රැග කාපු නැති අය

:       0       0

අංජන Thursday, 29 December 2011 04:13 PM

කැම්පස් ගියාම හිතාගෙන ඇත්තේ අනිත් මිනිස්සු නූගත්තු කියලා වෙන්න ඇතිනේද?

:       0       0

තුෂාන් Thursday, 29 December 2011 05:11 PM

මේ වගේ අයව විශ්වවිද්‍යාලයට ගන්න අය තමයි වැරදි

:       0       0

හරින්ද Thursday, 29 December 2011 05:33 PM

ඔව් නේ අයියල අක්කල අපිට කිරිබත් කවන්න කොච්චර උත්සාහ කලාද ?

:       0       0

සංජී Thursday, 29 December 2011 05:59 PM

රටේ සල්ලි නාස්ති කරනවා

:       0       0

නසීර් Thursday, 29 December 2011 10:59 PM

මල්ලි නිකන් ඉගෙන ගන්න දීල තියන එක ඉගෙන ගන්න.

:       0       0

නිමල් Thursday, 29 December 2011 10:58 PM

කිරිබත්මස කවන්න ඇති.

:       0       0

හොඳහිත Thursday, 29 December 2011 11:17 PM

මෙහෙම ගියොත් විශ්ව විද්‍යාලවලට මොනව වෙයිද කියලා බලධාරීන් හිතන්න ඕන...

:       0       0

sunil algama Friday, 30 December 2011 05:56 AM

කිරිබත් නොකෑප අයට නවක වදය දෙන්න ඇති. පවු

:       0       0

dan Friday, 30 December 2011 01:11 PM

කට්ටිය අලුත් අය පිළිගන්න පුදුම දුකක් නේද විඳින්නේ?

:       0       0

සමන් Friday, 30 December 2011 03:18 PM

විශ්වවිද්‍යාලෙ ගිහිල්ල පලවෙනි දවසේ කිරිබත් කැල්ලක් කාපු කව්රුත් මෙතන ප්‍රතිචාර දාල නැහැ. මම හිතන්නේ කැම්පස් ගිය කෙනෙක් මෙතන නැතිව ඇති. හැම දේටම බනින්න එපා. පලවෙනි දවසේ රැග් කරන්න යන්නේ නැහැ කව්රුත්.

:       0       0

ASALA Friday, 30 December 2011 04:49 PM

කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසුන් 13 දෙනකුගේ ශිෂ්‍යභාවය අත්තෝනෝමතික ලෙස අහෝසි කළැයි කියමින් එහි මහා ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාලය ඉදිරිපිට දී දෙසැම්බර් 29 දින සත්‍යග්‍රාහායක් පැවැත්වීය. මෙම සිසුන් 13 දෙනකුගේ ශිෂ්‍යභාවය අහෝසි කොට ඇත්තේ නවක සිසුන් පිළිගැනීම සඳහා කිරිබත් කෑල්ලක් දුන්න නිසා බව කැලණි විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු කියයි. මේ වසරේ අන්තරයේ කිරිබත් කා අජීර්ණ වූ පිරිස බොහෝය.

:       0       0

G sirani Saturday, 31 December 2011 09:53 AM

නවක වදය ෙදන අයට දඩුවම් කරනන්නම ඔනේ. ඉගෙන ගන්න ආවානම් ඉගෙන ගන්න අනෙක් අයටත් ඉඩ දෙන්න ඔන. බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යෙල් හාමුදුරුවරු 11 ක් ජීවිත කාළෙටම පංති තහනම් නවක වදය කරපු නිසා. දැන් සද්දයක් නැතිව ඉන්නවානේ.ඒ අය බේරගන්න දැන් කවුරුත් නැහැ. ඔහෙලටත් වෙන්නේ ඔය ටිකමයි.

:       0       0

බුද්ධික Saturday, 31 December 2011 06:05 PM

විශ්ව විද්‍යාල ළමයි මර්දනය කරන්න හදන්නේ ඇයි කියල අපි දන්නවා.ඔය හදන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල දාන්න

:       0       0

rm Sunday, 01 January 2012 11:44 AM

කැම්පස් ගියාම හිතාගෙන ඇත්තේ නූගත්තු කියලා...

:       0       0

විජිත Thursday, 29 December 2011 12:41 PM

කිරිබත්ම වෙන්න ඇති දෙන්න ඇත්තේ

:       0       0

සෑම් Thursday, 29 December 2011 12:46 PM

අපි නොදන්නවැයි දෙන කිරිබත් ගැන. අපිත් ගියානේ කැම්පස්. "කරන කළට පව් මිහිරිය මී සේ, විදින කලට දුක දැඩිවෙයි ගිනි සේ" කියන එක මෙයාලි ඉගෙන ගන්නේ නෑ කැම්පස් ගියත්

:       0       0

Paul Thursday, 29 December 2011 01:13 PM

ඔය කිරිබත් කාල වෙන්න ඇති අර ගෑනු ළමයෙක් ඉස්පිරිතාලේ

:       0       0

kkair Thursday, 29 December 2011 01:51 PM

අනේ බොරු එපා මල්ලීලා. අපිත් කෑම්පස් ගියනෙ. ඔයගොල්ලන්ගෙ කිරි බත් අපි දන්නව.

:       0       0

Chanaka Thursday, 29 December 2011 01:56 PM

අනෙ අම්මෙ, අපි නොදන්න අන්තරෙ කිරි බත්. පව් බබාල, මහන්සි අති පොල් ගාල.

:       0       0

kamani Thursday, 29 December 2011 02:00 PM

හිතන් ඇති අපි කොණ්ඩෙ බැඳපු චීන්නු කියලා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 655 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site