නාවික හමුදා පිල සහ වරාය අධිකාරි පිල අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. අද (14) පැවැති අවසන් පූර්ව තරගවලදී නාවික හමුදා පිල විසින් කඩුලූ 5 කින් සැරසන්ස් පිල ද, වරාය අධිකාරි පිල ලකුණු 1 කින් යුද හමුදා පිල ද පරාජය කරන ලදී. අවසන් මහා තරගය අනිද්දා (16) පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
- නාවික හමුදා පිල විසින් කඩුලූ පහකින් සැරසන්ස් පිල පරාජය කරන ලදීසැරසන්ස් පිල ඕවර 32.2 කදී 96 (චමෝද් පතිරණ 47, එස්. චාමික 22/4, දුලංජන මෙන්ඩිස් 26/3
- නාවික හමුදා පිල ඕවර 28.5 කදී කඩුලූ 5 ට 98 (ධනුෂ්ක ගුරුසිංහ 26, චානක රුවන්සිරි නොදැවී 37, සුවින් සිල්වා 18/3)
- වරාය අධිකාරි පිල විසින් ලකුණු 1 කින් (ඩක්වත් ලූවිස්) යුද හමුදා පිල පරාජය කරන ලදී.යුද හමුදා පිල ඕවර 40 කදී කඩුලූ 9 ට 247 (මොහොමඞ් ෆෙෂාල් 57, සීකුගේ ප‍්‍රසන්න 21, රොහාන් ජයතිස්ස 25, අසේල ගුණරත්න 47, චන්දිම ප‍්‍රසාද් 34)වරාය අධිකාරි පිල ඕවර 35 කදී කඩුලූ 5 ට 205 (ශාන්ත කළවිටිගොඩ 58, දිනූෂ ප‍්‍රනාන්දු නොදැවී 57, රනේෂ් පෙරේරා නොදැවී 43, රවින්ද්‍ර පල්ලියගුරු 49/3)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd