(ජේ.ඒ.එල්. ජයසිංහ)
පේරාදෙණිය කෘෂි පීඨයේ නවක සිසුන් අට දෙනකුට විශ්වවිද්‍යාලයෙන් පිටත ස්ථානයකදී අමානුෂික ලෙස නවකවදය දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පීඨයේම ජ්‍යෙෂ්ඨ සිසුන් 15 දෙනකුට වසර තුනක පන්ති තහනමක් පනවනු ලැබ ඇත.
විශ්වවිද්‍යාල විනය මණ්ඩලය මගින් සිදුකරන ලද පරීක්ෂණයකින් පසු ලබාදුන් නිර්දේශ මත විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතාගේ අත්සනින් යුතුව අදාළ සිසුන්ට වසර තුනක කාලයක් සඳහා පංති තහනම් කරන ලිපිය සිසුනට නිකුත් කර ඇත.
පසුගිය 2017 පෙබරවාරි මස 19 වන දින දොළුව මෙගොඩකළුගමුව ප‍්‍රදේශයේ පාළු නිවසක් රුපියල් 10,000ක මාසික කුලී පදනම මත ලබාගෙන සැකකාර සිසුන් 15 දෙනා විසින් නවක සිසුන් එතැනට බලහත්කාරයෙන් රැගෙන ගොස් නිරුවත් කර නවකවදය ලබාදුන් බව සිද්ධියට අදාළව කරන ලද පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
නවකවද සිද්ධියට සම්බන්ධ සැකකාර විශ්වවිද්‍යාල සිසුන්ට එරෙහිව මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතියි. සැකකාර සිසුන් මාස තුනක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට මේ වනවිට අධිකරණයෙන් ඇප මත මුදා හැර තිබේ.
විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් ලබාදුන් පංති තහනම් කිරීමේ දඬුවමට එරෙහිව සිසුන් 15 දෙනා විසින් අභියාචනාවක්ද ඉදිරිපත් කර තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්ති තහනමක් නෙවෙයි. මුන් ටිකව ගෝල්පේස් පිට්ටනියට අරගෙන ගිහින් ප්‍රසිද්ධියේ වෙඩි තියලා බුලට් එකට ගිය මුදලුත් දෙමව්පියන්ගෙන් අයකරගන්න ඕනේ. මුන් මුලු රටටම බරක්.................
මේ මේනියා කාරයින්ගේ ශිෂ්‍ය භාවය අවලංගු කරන්න. විශ්වවිද්‍යාලයක ගේට්ටුවෙන් ඇතුලට ගන්න එපා.
කෘෂි පීඨයේ කිව්වා නේද? කුඹුරකට බස්සලා පඹයන්ට පාවිච්චි කළා නම් හරි. කුහකකම යවන්න ඉහලම දඬුවම් දෙන්න ඕනෑ.
නිදහස් අධ්‍යාපනේ වටිනාකම නොදන්නා අය තමයි. වෙන සිසුන්ට මොනම හේතුවකටවත් කරදර කරන්නේ. මානසිකකාරයෝ අනෙක් සිසුන්ට කරදර කරනවා. දැන් අධ්‍යාපනේ අරගෙන හොඳ මිනිස්සු වෙන්නේ නැතිව. මට විශ්ව විද්‍යාලේ යන්න බැරිවුණ එකට දුක තමයි. මටත් හොඳට ඉගෙන ගන්න තිබුණානම් හරි කැමතියි. දැන් පුද්ගලික ආයතනයක හොඳ රැකියාවක් කරනවා රටට වැඩදායක විදිහට. එහෙම වුණත් ඉහලට ඉගෙන ගත්තා නම් හොඳයි. මේ ශිෂ්‍යයෝ දන්නේ නැහැ. හොඳට ඉගෙන ගන්න.
තහනම විතරක් මදි සදාකාලික තහනම් කරන්න ඕන ඇතැම් බංකලොත් දේශපාලන පක්ෂ වල මෙහෙයවීමෙන් මුදල් වියදම් කරමින් මෙරටේ උසස් අධ්‍යාපනය විනාස කරන්න මාන බලන මේ අය වහාම ඉවත් කරන්න ඕන