රුහුණු සරසවියේ අවන්හලකදී නවක වදයට ලක්වූ බව කියන පළමු වසරේ සිසුවියක තුනිටියේ දැඩි තුවාල සහිතව මාතර රෝහලට ඇතුළු කරනු ලැබීය. බලපිටිය වැල්ලවත්තේ වත්සලා කුමුදුනීද සිල්වා (21) ඇයයි.මහනුවර බුවැලිකඩදී යුදහමුදා කඳවුරේ නායකත්ව පුහුණු ඇබෑසියේදීද ඇය තුවාල ලැබුවාය. දෙටු සිසුන් සියයක් පමණ තමා තෙරැපූ බවත් සිහිනැතුව ඇද වැටුණු බවත් සිහිය ආවේ රෝහලේදී බවත් ඇය කියා ඇත
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාලය තුල විශේෂ කාර්ය බලකා (STF) ඒකකයක් පිහිටුවිය යුතුයි. නවක වදය මෙහෙයවන උන්මන්තකයන් වහා අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් දිය යුතුයි.
බුධිය පාවිච්චි නොකරන අය
දෙමාපියන් දහදුක විදලා ළමයි විශ්වවිද්‍යාල එවන්නේ උගතුන් විදියට සමාජයට යවන්න. මේ උගත්ත වගේ ඉන්න අය කරන වැඩ. මේකද විශ්වවිද්‍යාල වලින් දෙන පාඩම? මේවගේ අයට හොද දඩුවම් දෙන්න ඕන.
සමහර අය විශ්වවිද්‍යාල ආවම එයාලට ඒක ලොකු දෙයක් නෙවේ. ඉතින් ඒකයි අලුතෙන් එන අයට නවක වදය දෙන්නේ. පෞද්ගලික විශ්වවිද්‍යාල දැම්මනම් හොදයි.
ජීවන් ඔබේ කතාව හරියටම හරි. ජනතා විමුක්ති පෙරමුණ විශ්ව විද්‍යාලවලින් ඉවත් කළ යුතුමයි
පාසල් මට්ටමේ සිට ඉහලම තනතුරු දක්වා හැමතැනම විනය පිරිහිලා
ඕවගේ වරදි වැඩ කරන අයට ප්‍රතිඵල ලැබෙයි.
හැම දෙයම කරන්න අරමුණක් ඇතිව . තමන් එක්ක එකට ඉන්න අයගෙවත් දාඩිය ටිකක් ගෑවෙනවට කැමති නැති අය ඉන්නවා ඒවාගේ දේවල් නැති කරන්න කරන පොඩි පොඩි දේවල් ඔය.... ඔය වාගේ දෙයක්වත් දරන්න බැරිනම් කොහොමද ජීවිතයට මුහුණ දෙන්නේ
රැග් එක නවත්තවා කිව්වට එක කරන්න බැරි වෙලා.. ගොඩක් අසරණ ළම්යි රැග්වෙනවා... මිනිස්සුන්ගෙ ඉවසීම නැතිව ගිය දවසට ඔය කාට කාටත් තේරෙයි කකුළුවා උඩ පනින්නේ වතුර රත්වෙනකන් විතරයි
මමත් හිතන්නේ මේ රැග් කිරීම් නැවැත්විය යුතුයි කියලයි. මෙවැනි දේවල් උසස් අධ්‍යාපනයේ නියුතු වූවන්ට ගැලපෙන්නේ නෑ. කෙසේ වුවත් අපි මෙම දේශපාලනීකරණය විශ්ව විද්‍යාලවලින් ඉවත් කළ යුතුයි
මේ ඉන්නේ සහෝදරයෙක්, තමන්ගේ වගේම තාත්තා, අම්ම කෙනෙකුගේ දරුවෙක් කියලා හිතන්න බැරි අයට දඩුවම් කල යුතුයි. ලංකාවටම මේක පිල්ලියක්
වැරදි වැඩ
මේ රටේ ගොඩක් වැරදි අතර හොද නැතිම වැඩක් තමයි මේක. මානසික ආබාධ හැදුණු යන විශ්වවිද්‍යාල ගිහින් අහින්සක ළමයෙකුට ඉන්න දෙන්නෙ නෑ. ලංකාවට එල්ලුම්ගහ අවශ්‍යයි.
කුමාර කැම්පස් ගියේ නැති අය අගේට ජීවිතයට මුහුණ දෙන්නේ ... වැරැදි දේවල් බොරුවලින් වවන්නට හදන එක් වැරැදි දමිත් කියන කතාවෙත් ඇත්තක් තිවෙයනවා
අන්තරේ නැති කළ යුතුයි
දෙන්න පුළුවන් උපරිම දඩුවම දෙන්න ඕන.
එල්ලුම් ගහ නියම කරමු
එල්ලුම් ගස නියම කළ යුතුයි.
අසරණ දරුවෙක්ගේ ජීවිතයක් විනාශ කරපු අයට රජ කාලේ දඩුවම් දෙන්න ඕන. ඒ දරුවට ඉක්මනින්ම සනීප වේවා!
කුමාර, ඔය දේ ඔබට හෝ ඔබගේ හිතවත් කෙනෙක්ට උණා නම් ඔයා ඔහොම කියනවාද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.
මානසික ලෙඩ්ඩු තමයි ඕවා කරන්නේ.
නවක වදය දුන්න අයටත් ඒ විදියටම කරන්න ඕන
නවක දෙන අයට විරුද්ධව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක විය යුතුයි
නවක වදය දෙන මේ අයගෙන් කීදෙනෙක් දන්නවාද මොකක්ද රැග් කියන්නේ කියලා දන්නවාවම් කියනවද බලන්න
ජීවන්ගේ කතාව හරි
ජීවන් හරියටම හරි
ඔය කැම්පස් වල ඉන්නෙ මහ ඉරිසියාකාරයො. විශේෂයෙන් ඔය මහ ලොකු සීනියර්ස්ලා. හිතාගෙන ඉන්නෙ විශ්ව විද්යාලය කියන්නෙ පුද්ගලික දේපල කියලා. මේ වගෙ අයට නීතියෙන් දැඩි දඬුවම් දෙන්න ඕන. මේ අහිංසකයින්ට දෙන වද වල හැටියට.අවුරුද්දකවත් පංති තහනම් කරලා දාන්න ඕන හිරේ
අන්තරේ දැන් මොකද කියන්නේ?
මේවා කරන අයට දෙන්න ඕනේ දැඩි දඬුවම්
මං දන්න විදියට ඉස්සර නවක වදය කියන්නෙ ගොඩක් සුන්දර අත්දැකීමක්. සින්දුවක්, කවියක්, කතාවක් කරලා අනිත් අයව හිනා ගස්වන දෙයක්. ඒත් අද නවක වදය තවත් කෙනෙකුට මරණය ලගා කරන දෙයක්. අද කෙනෙක් සතුටු වෙන්නේ තව කෙනෙක් රිදවලා. වරද කාගේද?
මේ ප්‍රශ්නෙත් විසදන්න වෙන්නේ ලංකාවේ ආමි එකට තමයි
එස් බී නදිද මේ වැඩ පෙනෙන්නේ නැද්ද
අනුන්ට හිරිහැර කරල සතුටු වෙන්නෙ උන්මන්ත්කයො ලංකාවේ බහුතරය හිතන් ඉන්නෙ සරසවි සිසුන් හොද බුද්ධිමතුන් කියල බලාගෙන යනකොට එහෙම එකක් නෑනේ මේ වගෙ මිනිස්සුන්ටද අපේ රටේ අනාගතය බාර දෙන්න ඉන්නේ,සරසවිවලින් දේශපාලනය ඉවත් කරන්න ඕනා අපේ රටේ ලොකුම ඛේදවාචකය මේ පක්ෂ දේශපාලනයයි. සමහරවිට මේ සිදුවීමට සම්බන්ධ අයට දැඩි ක්‍රියාමාර්ගයක් ගත්තොත් ඔය ජනතාවට හිතවාදී පක්ෂ පෙලපාලි යයි මෙන්න මර්දනය කාරනවා සිවිල් අයිතිවාසිකම් උල්ලංගනය කොරනවෝ කියල අපේ රටට ඉදිරියට යන්න අමාරු ඕකයි කරන හොද දේටත් වැරදි දේටත් හැම දේටම විරුද්ධයි කිසිවෙක් රට ගැන නොව තිබෙන ආණ්ඩුව පෙරලා බලය ලබාගැනීම ගැන පමනක් කතා කරයි
ගහෙන් වැටුණු මිනිහට ගොන්නු ඇනලා,
කෝ දැන් අර මහා සංගමය ඉන්නවාද?
උගත් කියලා කැම්පස් වලට යවන අයගේ වැඩ . ඔය වගේ තුන් හතර දෙනකු හන්දියක තියලා ගල් ගහන්න ඕන. බලපුවාම උගත් කියලා කැම්පස් වල ඉන්න අට සයිකෝ කාරයෝ නේ. පුලුවන් එකම දේ මිනිස්සුන්ට වදයක් වෙන එක විතරයි.
මානසික ආබාද වලින්/අසහනයෙන් පෙලෙන වැඩිහිටි සිසුන් හට බෞද්ධාගමට අනුව හෝ බටහිර ක්‍රමයට ප්‍රතිකාර කලයුතුයි !
අසරණ දෙමව්පියො දුක් විදලා, ණය වෙලා දරුවෝ විශ්වවිද්‍යාල යවන්නේ මේ වගේ තැනකටද?
මහා ශිෂ්‍ය සංගමය කියන එකට මේවා පේන්නේ නැද්ද?
අර දුන්නු පුහුණුවෙන් වුණේ තවත් කරදර වැඩිවුණ එකද?
විශ්වවිද්‍යාලෙ ඉන්නේ හොදට ඉගෙන ගත්ත අයනේ.
දැන් බොහොමයක් සිසුන් මනස විකෘත්ති වුණු අය.
විශ්වවිද්‍යාලවල ඉන්නේ මානසික ලෙඩ්ඩුද?
ලංකාවේ උපාධි කළ ශිෂ්‍යයින්ට වැඩිය සිගන්න මිනිසුන්ට මොළේ තියෙනවා
මම හිතන්නෙ අපි මෙම නවක වදය ඉවත් කළ යුතුයි කියලයි. හරියට මේක එල්.ටී.ටී.ඊ.ය වගේමයි. ඊට පසුව අනිවාර්යෙන්ම ජනතා විමුක්ති පෙරමුණ විශ්ව විද්‍යාලවලින් ඉවත් කළ යුතුයි යැයි මාගේ හැගීමයි
මේ එක එක දේවල් නිසා ළමයි අමාරුවේ වැටෙනවා
අර මහා ශිෂ්‍ය සංගමය කියන්නේ අපි ඕව දන්නෙත් නෑ, එහෙම දේවල් විශ්වවිද්‍යාල ඇත්තෙත් නෑ කියලා.