(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
නැව් සමාගම් නියෝජිත සේවාව විදේශීය සමාගම්වලට විවෘත කිරීමේ යෝජනාව මුදල් අමාත්‍යාංශය මගින් අයවැය යෝජනාවලියට ඇතුළත් කර ඇත්තේ තමා සමග සාකච්ඡා නොකර හිතුමතේටයැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28) පැවැසීය.අපි මේ වැඬේට විරුද්ධයි.
කොහොම නමුත් මේ ගැන අවසාන ගැසට් එක නිකුත් කරන්නේ මම. මම ඒකට ඉඩ දෙන්නේ නැතැයි සමරසිංහ මහතා කීය. ඇමැතිවරයා මෙසේ පැවැසුවේ එම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය. මහින්ද සමරසිංහ මහතා එහිදී මෙසේද කීය.
ආයෝජන සහතිකයක් නැතිව නැව් ක්ෂේත‍්‍රය විදේශීය සමාගම්වලට විවෘත කළාම දේශීය ව්‍යාපාරිකයාට වෙන්නේ මොකක්ද? අයවැය යෝජනාවලියට මේ යෝජනාව දැම්මේ එකපාරට. අපි කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. දේශීය ව්‍යාපාරිකයා විනාශ නොකිරීම අපේ ප‍්‍රතිපත්තියයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයයි. ජනාධිපතිතුමාත් අපේ ස්ථාවරය සමග ඉන්නවා. කවුරුන් හෝ ආයෝජන ගේනවා නම් ප‍්‍රශ්නයක් නැහැ. විදේශීය සමාගම් එනවා නම් අඩු තරමින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වත් ගේන්න ඕනෑ කියා කොන්දේසියක් දැමිය යුතුයි. අදත් මේ ගැන පත්තරවල දැන්වීම් දාලා. මේක දෙවැනි දැන්වීම. ඇයි මේවාට සල්ලි නාස්ති කරන්නේ.
රත්නපුර දිස්ත‍්‍රික් (එජාප) මන්ත‍්‍රී හේමාස් විතානගේ මහතා:- මේක මෙතැනට ගේන්න කලින් කැබිනට් එකේදී සාකච්ඡා කළා නම් තමයි හොඳ.
ඇමැති සමරසිංහ මහතා:- අපි කැබිනට් මණ්ඩලයේදීත් කතා කළා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ලංකික ව්යපාරිකයාද නාවික සමාගමක් තියෙන්නේ. ආර්ථිකය අරින්නේ නැතිව කොහොමද රට දියුණු කරන්නේ. ඔහේ කියවනවා හිතන්නේ නැතිව. අර්ටික උපදෙස් ගන්නේ නැතිව පිට රටවල් සමග ගනු දෙනු කරන අයගෙන්
විවෘත කරන්න දෙන්නෙ නැහැ? කරන කියන දේවලවලට කලියෙන් අමාත්‍ය මණ්ඩලයේ සාමූහික තීරණයක් ගන්න, බොරුවට ගැලරියට ආමන්ත්‍රණය කරන්නෙ නැතුව.
ඡන්දෙ ළඟ නිසා ජනතාව රවටන කතා නොකර හිටියොත් හොදයි...........
Deepal Nirosh, අමාත්‍ය තුමා මෙතන කියන්නේ ගන්නතීරනයක් ඔතනම ගන්න බොරුවට මෙයාලට, ඒ කියන්න ගැලරියට, ආමන්ත්‍රණය කරන්නෙ නැතුව කියල. ඒ වුනාට අපිට දැනගන්න ඕනේ අමාත්‍ය මණ්ඩලයේ හැම මගුලම අනුමත කරන්න ගියාට ඔබලා එයට විරුද්ද උනාද කියලා. එකෙන් තමයි අපි හිතන්න ඔබලාගේ විරුද්දත්වය මත එය අනුමත උනා කියලා. අමාත්‍ය මණ්ඩලයේ සාමූහික තීරණයක් ගත්තාට අපසුව ඒගැන කතා කොරන්න එපා.
ආයෝජනවලට විරුද්ධ වන්න එපා. මේක හොඳ යෝජනාවක්...