විදේශ අමාත්‍යංශයේ නව ලේකම් ලෙස විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන චිත්‍රාංගනී වාගීෂ්වර මහත්මිය පත් කරනු ලැබුවාය.
ඇය තානාපතිවරියක ලෙසත්, විදේශ අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂකවරියක් ලෙසද සේවය කර ඇත. වසර 2010 දී කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙසද කටයුතු කර ඇති ඇය වාණිජ අංශයෙන් උපාධිධාරිණියකි. ඇගේ සැමියා දුලිප් සරත් වාගීෂ්වර මහතාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාගීෂ්වර මහත්මියට අප බලවත් සේ ප්‍රණාමය පිරිනමන අතර සුදුස්සාට හිමිතැන කවදා හෝ හිමිවිය යුත්තේමය යන ධර්මතාව අද මෛත්‍රිය රජයන ශ්‍රී ලංකා රාජ්‍යය තුළ සිදුව ඇති බවද පළකළ යුතුය. එතුමිය ප්‍රංශයේ තානාපතිනියව සිටි කාලයේදී රට වෙනුවෙන් කළ මහඟු සේවාව තවමත් ප්‍රංශයේ කවුරුත් මහත් සේ අගයති. (නි)
අවංක නිහතමානී නිලධාරිනියක්. අපි සුබ පතනවා. (නි)
ඔබට ජය! උණුසුම් සුබ පැතුම්! (නි)
විදේශ සේවය බාල්දු නොකර තැනට වැඩ කරන්න. හොර පන්දම් හරහා යැවූ ලොකු කුඩා සැම ගෙන්වන්න, අධික්ෂණ යයි කියාගත් ඇමැතිටත් ඉහලින් සිටි කෙනෙක් නිකුත් කල ලිපි හරහා පත්වීම් මාරු කිරීම් කල බව අපි දනිමු. මෙම වැරදි ලබා දීමට ස්ථානයක් සකසන්න (අ)
යහපාලනය අාරම්භ කිරි්මට හොදම අවස්ථාවක්. ඔීමානයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයෙන් මෙය අාරම්භ කරන්න. වසර දෙකක් තිස්සේ අද වනතුරුත් තානාපති සේවයත් දෙරටේ රාඡ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වයත් විනාශ කරමින් දේශපාලකයින් සමග එකතුව කැකිල්ලේ නඩු ති්න්දු ගනිමින් රාඡ්‍ය සේවයට තබා පොදු වැසිකිලියක්වත් පාලනය කිරි්මට නුසුදුසු මෙම නිළධාරීන්ට විරුද්ධව විනයානුකුලව කටයුතු කරන්න. ඒ සදහා අවශ්‍ය තොරතුරු ලැබි්මට සලස්වන අතර ඒ දෙස අප ඉතා අවධානයෙන් බලා සිටීමූ. (නදී)
සුදුසුම නිලය ලැබිල තියනවා ෆ්රන්සේ සිටියදී රටවෙනුවෙන් රාජකාරිය අකුරටම කල නිර්බීත තානාපතී තුමියක් (අ)
අනේ හොදයි ඔබතුමියට පින් .හොදට විදේශ කටයුතු කරන්න .ඔබතුමිය වගේ අය රටට ආඩම්බරයක් . (අ)
හොර පාරෙන් ලේකම් වූ අයට හැංගෙන්න දැන්ඉතින් තැනක් හොයාගන්න වෙයි (නි)
කරුණාකර ඕස්ට්‍රේලියාවේ තානාපති කාර්යාල ගැන සොයාබලන්න. මෙහි සිටින ශ්‍රී ලාංකිකයන්ට ඒවායේ සේවය කරන ඇතැමුන්ගේ සුදුසුකම්, හැකියාවන් ගැන කිසිදු ප්‍රසාදයක් නැහැ. පත්වීම් බහුතරයක් දේශපාලන ඒවා නිසා අදාළ සේවාවේ කිසිම ගුණාත්මකභාවයක් නැති බව කණගාටුවෙන් දැනුම් දෙමි. (නි)
ඔබ තුමියට උණුසුම් සුභ පැතුම්. නව විදේශ ඇමති තුමා සහ ඔබ තුමියගේ කාලය තුළදීවත් තානපති නිලධාරීන් ලෙස රටට උසස් සේවයක් කිරීමට හැකි, වසර ගණනක් දේශපාලන පත්වීම් නිසා නියමිත උසස් වීම නොලබා සිටින සුදුසුකම් ලද විදේශ සේවයේ නිලධාරීන්ට සාධාරණයක් ඉටු කර මවු බිමට ඔවුන්ගෙන් සේවයක් ගැනීමට හැකි වේවායි පතමි.(හේ)
නිලංග ඔබ හරි.මට නම් මේ කිසිවක් ප්‍රශ්නයක් නොවේ. හේතුව මා ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන නිසාය. (නි)
මැද පෙරදිග තානාපති කාර්යාලවල තත්ත්වය ඉතාමත් දුර්වලයි . ඒ පිළිබඳව අවධානය යොමු කරන්න (දිල්)
විදේශ සේවයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක්. ඇයට නිසි තැන දුන්නේ නැහැ. අන්තිම මොහොතේ හෝ ඇයට නිසි තැන ලැබීම ගැන සතුටුවෙමි (නි)
පෙර වැරදි නිවැරදි මාර්ගයට ගැනීම අරමුණ කරගන්න (නි)
විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වූ ඇයට අවසානයේදී යෙදී නිසි තැන ලැබීම සතුටට කරුණක්. (නි)
මා දන්නා විදියට මෙල්බන් කොන්සල් කාර්යාලයේ උසස් නිලධාරියෙක් ඉන්නේ නමට පමණයි. ඔහුටත් ඉහලින් සියලු තීරණ ගන්නේ ඇමති පුත්‍ර රත්නයකි. වැඩේ කියන්නේ මේ ඇමති පුතා ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක ඉගනීමේ කටයුතු කරන ගමන් ශ්‍රී ලංකා කොන්සල්,මෙල්බන් කාර්යාලයේ සේවය කිරීමයි. ඉතින් අපි මේවා ගැන කාටද කියන්නේ. (නදී)
උගත් සහ පළපුරුදු විදේශ ලේකම් තුමියනි, ලන්ඩනයේ මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන වැඩි හරියක් ඡන්ද වැඩවලට ලංකාවට ගිහින් තවම පැමිණ නැත. ලන්ඩනයට ඉතාමත් දක්ෂ සහ විදේශ සේවා සුදුසුකම් සපුරපු උගත් නිලධාරින් නැවත පත් කරයි කියා අප විශ්වාසයෙන් සිටිනවා. (නදී)
මැතිතුමියනි, කරුණාකර ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තුවේ රාජකාරි නොකළ සියලු දෙනා නැවත ගෙන්නා ශ්‍රී ලංකාවේ රාජකාරි කරන උගත් පළපුරුදු අය යොදවන්න. මමත් පිටරටක අයෙක්. එවන් අයට අපගේ තානාපති සේවයේ රැකියා දෙන්න එපා. වැඩ දන්නා අය පත්කරන්න. (නි)
අනිවාර්යෙන්ම හොඳ පිළිගැනීමක් තිබෙන රාජ්‍ය නිලධාරිනියක්. ප්‍රංශයේ තානාපති තනතුර දරන සමයේ විවිධ ආරාධනාවන් වලට පක්ෂ පාට නොබලා වැඩකළ ගරු තානාපතිතුමියට සුබ පැතුම්...! (නි)
ඕස්ට්‍රේලියාවේ කැන්බරා තානාපති කාර්යාලයේ නෝනලා , මුද්දරයකත් එම වටිනාකමට ගැසූ සීල් එකකත් සමානකම දන්නේ නැහැ. මේ වගේ උසස් සාමාන්‍ය දැනීමක් තිබෙන බවලතුන්ට රැකියා දුන්න කෙනා පුළුවන් නම් සොයා ගන්න. (නදී)
ලංකාවේ රජයේ කාර්යාලයක කෑම පැය සිහි ගන්වන රාජකාරි පරිසරයක් ඇති. ඕස්ට්‍රේලියාවේ තානාපති කාර්යාල ගැන ඔබතුමියගේ ඉක්මන් අවධානය යොමු වෙන්නේ නම් මැනවි. එහි සිටින බහුතරයක් නෝනලා රාජකාරි කටයුත්තකදී කොයි වෙලාවේ දුරකතනයෙන් ඇමතුවත් ආසනයේ නැත. (නදී)
පරණ ලේකම් තුමිය සහ එයාගේ ගෝලයෝ ටික කරපු වැඩ නම් කරන්න එපා. (නදී)
පරිපාලන නීති රීති හරියටම ඉටු කරන්න මැතිනියනි. කලින් එක්කෙනා ඒවා දන්නේ නෑ. එයා ප්‍රගුණ කරලා තියෙන්නේ බෙලි කැපිලි විතරයි (නදී)
අපේ කැන්බරා තානාපති කාර්යාලයේ උදවිය රාජකාරී වෙලාවේ ඈනුම් අරින සද්දය පර්ත් නගරයට ඇහෙන බව නොකියාම බැහැ. (නදී)
ඔය කවුරු මොනවා කීවත් ක්සේනුකා සෙනවිරත්න නෝනත් හොදටම රාජකාරිය දන්නා කෙනෙක්. හොදට ඉගනගත්ත කෙනෙක් නමුත් ඉතින් රජය වෙනස් උනා කියල එයා වෙනස් කරලා වැඩක් නැහැ. (නදී)
ගරු මැතිනියනි, පරණ අයගේ වැරදි වැඩ වලට දඬුවම් ලැබෙයි නේද? (නි)
ඔබතුමියට නිදහසේ රාජකාරි කරන්න ලැබේවා! (නි)
වාසනාවන්! විදේශ සේවය රටේ කැඩපතයි. එය පිරිසිදු කරන්න (නි)
අධිකරණ අමාත්‍යංශයෙත් තවත් එවැනි අමාතංශවලත් නිහඩව රාජපක්ෂට කඩේ ගොස් වැරදි වැඩ කල අය ඉන්නවා. මේ මීයෝ ගැනත් කටයුතු කරනවා නම් හොඳයි (නදී)
මට මතකයි මෙතුමිය ප්‍රංශයේ ඉන්න කාලයේ රට වෙනුවෙන් අතිවිශිෂ්ට සේවයක් කළා.ඔබතුමිය වැනි අය තමා අද අපේ රටේ විදේශ සේවයට අවශ්‍ය. සුබ පැතුම්! (නි)
ඔබට අපේ සුබ පැතුම්! (නි)
මා ලන්ඩනයේ ජීවත්වෙන මාධ්‍යවේදියෙක් වන අතර කිසියම් පුද්ගලයෙකු මාගේ නම පාවිච්චි කර මාගේ ප්‍රතිරූපයට හා කීර්තිනාමයට හානිවන ලෙස සාවද්‍ය තොරතුරක් මෙම ලිපියට අදාලව පල කර තිබුණි. එහි සඳහන් තොරතුරු පිළිබඳව මගේ කිසිම වගකීමක් නොමැති බව කරුණාවෙන් සලකන්න. තවදුරටත් මෙවැනි සිදුවීම් සිදු නොවීමට වග බලා ගන්නේ නම් යහපති. ජනක අලහප්පෙරුම (දිල්)
මෙතුමිය ප්‍රංශයේ තානාපතිනිය වශයෙන් රාජකාරි කල කාලය ඉතාම වටිනා සේවයක් ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ටත් අපේ රට වෙනුවෙනුත් ලබා දුන්නා. මෙතුමියට සුබ පතමි (නදී)