විදුලි බිල වැඩිකිරීමට විරෝධය පළ කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ 2009 මාර්තු මාසයේ 03 වැනිදා පනතකින් ස්ථාපිත කරන ලද මහජන උපයෝගීතා කොමිසම පිහිටුවම සම්බන්ධයෙන් පවා තම වෘත්තීය සමිතිය විරෝධය දැක්වූ බවයි. මහජන අදහස් විමසන බව පවසමින් එම කොමිසම රජයේ අවශ්‍යතාව ඉටුකැර ඇති බවත් එය මහජනතාවගේ පාර්ශවයෙන් සළකා බැලීමක් නොවන බවත් ජයලාල් මහතා කියා සිටියේය.
1
ගෙවුණු සතියේ පාතාලයට සම්බන්ධ කතා අලුත් ක-ුඩු රජා දිසානායකද?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආස්චර්යට ඡන්දෙ දීපු කට්ටියටත් දැන් කරන්ට් වදිනවා ඇති. (ස)
සේවකයන්ගේ විතරක් නෙමෙයි, අපගේත් විරෝධය! (නි)
ඉදිරියේදී මීට වඩා ප්‍රතිවිපාක වලට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. (නි)
දුප්පත් අපිට කොකා පෙන්නුවා (නි)
ඉදිරියේදී අපිට ඉතිරි වෙන්නේ සෝමාලියාවක්,ඉතියෝපියාවක්,බන්ගලිදේශයක් වැනි දුප්පත්කමේ අන්තෙටම ගිය සමස්ත ජනග්‍රහණයෙන් 98% මන්දපෝෂණයෙන් පෙලෙන රටක්. (නි)
ජන්දෙ දුන්නා නම් විදවාපල්ලා! (නි)
විදුලි බිල වැඩි වුනා කියලා බස් ගාස්තුවත් 15% කි වැඩි කොරන්නලු. බස් දුවන්නෙත් විදුලි බලයෙන්ද? (නි)
ලයිට් බිලත් වැඩි වෙන්න ඕනෑ. ඒත් මෙහෙම නම් නෙමෙයි. සාධාරන කාටත් පොදු විදිහකට. ඇති නැති කාටත් පොදු විදිහට. මේක හරියට පෙර පාසල් විහිළුවක් වගේ. (නි)
දුප්පත් අපට මෙහෙම කරන්නේ ඇයි? (නි)
අපට බිල වැඩිකළාට කමක් නැහැ. ඡන්දෙ දීපු කටටියටත් වැඩි කරන එක ගැනයි දුක. (නි)
ඇත්තටම පාලකයින්ට මිනිස්සුන්ගෙ අමාරුකම් තේරෙන්නෙ නැද්ද? යුද්දෙ ඉවර වුණාට පස්සෙ හිතුවෙ දෑන් නම් හරි, බඩු මිල ටිකක් අඩු වේවි කියලා. අනිත් සැප සම්පත් නැතත් දුප්පත් මිනිස්සුන්ට කාලා බීලා ඇදලා ඉන්න පුලුවන් වාතාවරනයක් හදන්න කරුනාකරලා. (නි)
හා හා පුරා කියලා අලුත් අවූරුද්දේ ජනතාව සමග ගනුදෙනු කරන්නේ මෙහෙම වෙන්න ඇති. (නි)
පාලකයින්ට මොලයක් සහ ඇස් දෙකක් එහෙම නැද්දෝ? මිනිස්සු මෙච්චර කන්න නැතුව දුක් විඳිනවා (නි)
තිලක්, ඔයාගේ කතාව මට තේරෙන්නේ නැහැ. අපි පන යනකම් මහන්සි වෙලා ජීවත් වෙන්නේ කුඩු විකුණලා නෙමයි.(නදී)
රටේ ඉන්න මෝඩයන්ට ඡන්දයක් ළං වෙද්දී ඉන්දියාවෙන් ධාතු ආනයනය කළහම මේ සේරම අමතකයි. (නි)
ඊලඟ පාරත් ඔයාලම දෙන්නකෝ. එතකොට ඔයාලටත් හොදයිනේ. (නි)
අනේ මම දන්නේ නැහැ. මම අද පත්තරේක දැක්කා ආයතන පහක ගිය අවුරුද්දේ පාඩුව කෝටි 18500යි කියලා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව කෝටි 2000 වඩා වැඩියි. විදුලි බල මණ්ඩලේ හැමදාම පාඩුයි. මොකද්ද ලාබ ලබන්නේ දැන් එතකොට? (නි)
විදුලි බිල අඩු කරන්න කියලා ඔයගොල්ලෝ ස්ට්‍රයික් කරන්න. එතකොට ජනතාව ඔයගොල්ලන්ට පුර්ණ සහයෝගය දේවි. (නි)
මේක පොඩි වැඩි වීමක් නෙවේ 60%.කියන්නේ.අනික එකක අඩුවෙන් පාවිච්චි කලත් වැඩියෙන් කලත් එකම විදියට වැඩි වෙනවලු.මහජනයාගෙන් අහලාලු කලේ.(ස)
එක්කෝ පුරාජේරු ගහන එක නවතන්න. ඉන්දියාවටත් විදුලිය දෙනවා කිව. එක්කෝ වැඩකරන්න. එක්කෝ වඩා කරන්න බෑ කියල කෙලින් කියන්න. (ස)
දැන් සේනාව අාවම මේ ප්‍රශ්න ඔක්කොම අමතක කරවයි. එතකන් ඉන්න බැරි නම් රාවය සමග මොනවා හරි කරන්න.(ස)
අපේ රටේ කිසිම දෙයකට ජාතික ප්‍රතිපත්තියක් නැහැ. පැලැස්තර දැමීමයි හැමවිටම සිදුවෙන්නේ. ආණ්ඩුවේ වෘත්තීය සමිතියක් නැත්නම් වෙනත් බලවත් පිරිසක් ඉල්ලීම් දානකොට ඒකට පැලැස්තර විසඳුමක් දෙනවා. ලංවිම පාඩු වෙනවා කියල ඒ බර අපට පටවනවා. පාඩු වෙන හේතු හොයල තාර්කික විසඳුමක් දෙන්න උත්සාහ කරන්නේ නැහැ. පාඩු නම් ඇයි බෝනස් දෙන්නේ? හොරකම් වංචා අහස උසට වෙද්දී ඇයි ඒවා මර්දනය කරලා අපට සහනයක් දෙන්න බැරි? අරුණ කියනවා වගේ පොඩි මිනිහගේ හැම දේටම අධික බදු. අපිව වැටෙනකම් ගහනවා බදුවලින්. ලොක්කන්ගේ බිල් ආණ්ඩුවෙන් ගෙවන නිසා ඔවුන්ට අපේ දුක තේරෙන්නේ නැහැ. (නි)
මිනිසුනේ, මම අද පත්තරේක දැක්කා විදුලිබල මණ්ඩලේ පාඩුව කොටි 6000 කිට්ටුයි කියලා. ශ්‍රී ලංකන් එකේ පාඩුව කොටි 2000 පැනලලු. මම අහන්නේ මේවා අපි කළාද? ආයතන 5හේ පාඩුව කෝටි 18500ක් කියලා තියනවා 2012 අවුරුද්දේ. තව මොනවා වැඩි වෙයිද? (නි)
මේ අසාධාරන ලෙස වැඩිකළ විදුලි බිලට එරෙහිව උසාවි නියෝගයක් ගන්න විපක්ෂය ක්‍රියාකාරී විය යුතුයි. දූෂිතයන්ට විරුද්දව නීති මගින් ක්‍රියාකර ඔවුන්ගේ දේපල වලින් පාඩුව පියවා ගැනීමට හැකිදැයි සොයා බලන්න. (නි)
හොදක් නම් වෙන්න එපා. (නි)
විදුලි බිල වැඩිවෙන ආකාරය හරිම අසාධාරණයි. රජයේ සේවකයෝ, මධ්‍යම පාන්තිකයෝ ඔක්කොම අමාරුවේ වැටෙන විදුලි බිලක්. යුනිට් 90 ට 01 ක් වැඩි උනොත් ඔක්කොම (91) රුපියල් 15/- බැගින් වැඩිවෙනවා.ඊට අමතරව ඉන්ධන ගැලපුම් සහ ස්ථාවර ගාස්තුව. අනේ මන්දා? මේවාට තමයි, හෙන ගහන අපරාධ කියලා ඉස්සර අපේ ආතලා ආච්චිලා කිව්වේ. දැනුත් එහෙම තමයි කියන්න වෙන්නේ. (නි)
බක්මහ අකුණු වැදීයන්... (නි)
අපේ මිනිසුන්ට ඔක්කොම ඉක්මනට අමතක වෙනවා.. (ස)
අරුණ මම කිව්වේ ඔයා කියන දෙය තේරුම් ගන්න තරම් මොලයක් ලංකාවේ මෝඩයන්ට නැහැ කියලයි. රටේ මිනිසුන්ගේ මොළ හෝදලයි තියෙන්නේ. ඒකනේ ඉතිහාසයේ මේ තරම් සේවයක් කල කෙනෙක් නැහැ කියල සමහර උදවිය ප්‍රතිචාර දාන්නේ. ලම්බෝගිනි ෆෙරෙර්රි, පෝරච් කාර් , ගුවන්යානා ගෙන්වන රටක් මේක. නැති එකා නැති බන්ගම වෙලා යනවා. තියෙන එකා කෝටි 10-15 ගණන් වටිනා කරේ 4-5 තියන් ඉන්නවා.(නදී)
කවුරු බලයට පැමිණියත් වෙන්නේ මේකමයි. ඒ නිසා අපි කළ යුත්තේ දේසපාලන පක්ෂ වල වහලුන් නොවී, සැමවිටම බලයේ සිටින අයට විරුද්ධව ඡන්දය දී අපේ කතිරයේ බලය පෙන්වීමයි. (නි)
රු .500 ක් ගෙවපු සාමාන්‍ය පවුලකට දැන් රු.1500 ක් විදුලි බිල ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට රු.2500 යකින් හොදට කාලා ඇදලා ජීවත් වෙන්න කියපු කෙනාගෙන් අහන්නේ රු. 1000 කින් ප්ලේන්ටියක්වත් මාසයක් බොන්න පුලුවන්ද කියලයි. (නි)
මත්තල අපි ඉල්ලුවේ නැහැනේ. ඒත් අපි ඉල්ලන්නේ ලයිට් බිල අඩු කරන්න කියලා. (නි)
ඒ වුණාට මේ තරම් රටට සේවයක් කරපු අය ඉතිහාසයේ නැතිලුනේ. (නි)
අරුණ, ප්‍රභාකරන් කළෙත් දමිල මිනිසුන්ගේ මොළ හෝදපු එකනේ. (නි)
ඡන්දය දුන් අපිට පෙන්නන ආශ්චර්යය මේකද? (නි)
2012 දී විදුලි බල මණ්ඩලේ පාඩුව කොටි 6000 කිට්ටු කරනවාලු. ශ්‍රී ලංකන් ගුවන් සේවෙත් පාඩුයිලු. ඒක කෝටි 2000 පැනලලු. දෙයියනේ අපි මොකෝ කරන්නේ. අපෙන් අහලද තීරණ ගන්නේ? (නි)
මෝඩ ඡන්ද දායකයිනේ, මේ රට කාබාසිනියා කරන පව ඔහෙලාටත් බාර වෙනවා. (නි)
ලංකා විදුලිබල මණ්ඩලය පාඩුව කෝටි 6120.ලංකා තෙල් සංස්ථාව පාඩුව කෝටි 8970. ශ්‍රී ලන්කන් ගුවන් සේවය කෝටි 2050. ලංගම කෝට් 382. තැපැල් කෝටි 500. ත්‍රස්තවාදීන්ගෙන් රට මුදාගෙන රට බාර දීල තියෙන්නේ හොරුන්ට කියල තවත් සාක්ෂි අවශ්‍ය නැහැනේ.(නදී)
කෝ වෙනදට වැටෙන දේශප්‍රේමී අයගේ ප්‍රතිචාර?(නදී)
ලංකාවේ එකක 91 පාවිචිකරන පාරිබෝහොගිකයෙක් , ජර්මනියේ එකක 91 පාවිචි කරන පාරිභෝගිකයෙක් ගෙවන මිලට වැඩි මිලක් ගෙවනවා ,(නු)
අරක්කු බාගයක්,බත් පැකට් එකක් දීලද අදහස් ගත්තේ.... (ස)
මම අවුරුදු 48 වෙනකම් රටේ තොටේ වෙන දේවල් ගැන හොඳට අධ්‍යයනය කළා. සාධාරනව කතා කළොත් මට නම් කතා කරන්න අකමැති තරමට පිළිකුල් දැන් සිද්ධ වෙන වැඩ (නි)
බොරු සෝබන වැඩවලට කරන වියදම් නවත්තලා රටේ දුප්පත් මිනිසුන් ගැන හිතන්න පාලකයිනේ. (නි)
කෝ අර අයවැයෙන් සහන දුන්නෙ නැත්නම් පාරට බහිනවා කියපු අය? (නි)
තිලක්, මට දැනුයි ඔයාගේ කතාව තේරුනේ. ඔයත් රට ගැන හිතන විදිහට මම එකගයි. එදා රුපියල් 765ක් බිල ගෙවපු මිනිහෙක් එක ඒකකයක් වැඩි වුණොත් රුපියල් 2226ක් ගෙවන්න ඕනෑ. අපි තවත් ඉවසුවා ඇති කියලයි මම හිතන්නේ. (නි)
තව යමු තව යමු !! බලමුකෝ කොහෙන්ද නවතින්නේ කියලා. (නි)
අපිට මොකෝ? දුන්නා නම් දැන් එතින් 3 /2 කේ විපාක සමරන්නකෝ (නි)
අපි හිතුවේ දැන්වත් අහිංසක මිනිසුන්ට සෙතක් වේවි කියලා. ඒත් මරුටි කාර් එක, ත්‍රීවීල් එක, මෝටර් බයික් එකට අහස උසට බදු ගැහුවා.පොල් ගෙඩියේ ඉඳන් හැමදේම කන්න බැරි වෙනකම් ගනම් ගියා. ඩීසල් පෙට්‍රල්,ගෑස්,බස් ගාස්තු වෙනකම් ඔක්කොම ඉහල දැම්මා.දැන් විදුලි බිලත් 150% ඉහල දාලා. අපිටම මෙහෙම කරන්නකෝ. ඔයාලට චිරං ජයතු! (නි)
රටටම පොදුවෙන්න දිට්ට ධම්ම වේදනීය කර්මය පටිසන් දීල වගේ ඡන්දදායකයින්ට (නි)