
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නව විදුලි පනත සම්මත වීමෙන් අනතුරුව විදුලිබල මණ්ඩලයේ සමහරුන්ට තිබෙන බිස්නස් නැති වී යන බව විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විදුලිබල මණ්ඩලය තරම් ඒකාධිකාරයට ග්‍රහණය වූ වෙනත් ආයතනයක් රටේ නැතැයි ද අමාත්‍යවරයා කීය.
නව විදුලි බල පනත ඉදිරිපත් කරමින් ඇමැතිවරයා මෙසේද කීය.
මේ පනතට අදහස් ගන්න සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කළා .නමුත් ආවේ කිහිප දෙනෙක් පමණයි.
තිබුන ආණ්ඩුව ගෙදර යවන්නත්, ගෝඨාභයට එරෙහිව ජනමතයක් ගොඩනගන්නත් විදුලි බල මණ්ඩලයේ ක්‍රියා කලාපය ඉවහල් වුණා.මේ පනත් කෙටුම්පත ගෙන විත් තිබෙන්නේ සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිතිවලට අද දහ දෙනෙක් එලියට ගෙන්න ගන්න බෑ. සම්පූර්ණයෙන් විශ්වාසය බිඳගෙන. විදුලි සේවකයන් බහුතරයක් මේ සංශෝධන වලට පක්‍ෂයි.
මේ පනත සම්මත වූ පසුව සමහරුන්ට තිබෙන බිස්නස් නැති වෙනවා. ගස් අතු කපන්නේ පවා සබඳතා ලබා දෙන්නේ පවා පෞද්ගලික ආයතන.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුලි බලමණ්ඩලය ඇතුලේ තියෙන හොර ඒකාධිකාරය නම් බිඳින්නම ඕන. සියල්ලන් උගත් වංචනිකයින්.
ඒ වුණාට ඔයාගෙ බිස්නස් නම් ඇමති වෙච්ච දවසෙ ඉඳලම ඉතාමත් සරුයි. එහෙම නේද ?
ඉතින් මහත්තයෝ ඔච්චර විනාශයක් කරන කට්ටියව දන්නවානම් ඇයි අධිකරණයක ගිහින් ඔප්පු කරලා ඒ දේපල රාජසන්තක කරන්නේ නැත්තේ ?
ගල් අගුරු වලින්, තෙල් නැව් වලින් කොමිස් ගැහුව පට්ට හොරු, දැන් හදන්නේ යන යකා කොරහත් බිදගෙන යනවා වගේ සියල්ල විකුණලා කොමිස් කුට්ටි පිටිං ගිලලා රට විනාශ කරලම යන්නයි. ඕවට රැවටෙන්නේ කකුල් දෙකේ මිහරක් විතරයි.
විදුලි බලේ ඉන්නේ මොරටු පේරාදෙනිය සරසවි වලින් උපාධි ගත්ත උගත් හොරු
මොරටු පේරාදෙනි හොරු නම් ඒ සරසවි වහල දාමු, මෙහෙමත් සරසවි වලට අවලාද නගන්නෙ මජර දේශපාලනය කරපින්නාගත් නුගත් කොමිස් කාක්කන් හැර වෙන කව්ද? ආයතන විනාශ කලේ පරිපාලන ලේකම්ල සහ ඇමති නඩේ මිසක් ඉංජිනේරුවන් නොවේ. ඉංජිනේරුවන් හොරුනම් ඇමතිල පඹයොද?