යහපාලන ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමත් රට ගොඩනැඟීමේ ජාතික කර්තව්‍යට සහය වීමටත් සම්මුතිවාදය ගොඩනැඟීමටත් සහාය වන මෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමට අනුව නව ආණ්ඩුවේ සම්මුතිවාදයට සහයෝගය දක්වන ලෙසත් සියලුම ක්ෂේත්‍රයන් නියෝජනය කරන වෘත්තීයවේදීන් පෙරට විත් නව ආණ්ඩුවට සහයෝගය දක්වන ලෙස ද තරුණ වෘත්තීයවේදීන්ගේ එකතුව වන 2021 සංවිධානය ඉල්ලා සිටියි.
එහි ප්‍රධාන ලේකම් තිලක් සෙනෙවිරත්න මහතා අගමැතිවරයා ජාතිය අමතමින් කළ ඉල්ලීම උපුටා දක්වමින් පවසනුයේ සියලු වෘත්තීයවේදීන් ද සංවර්ධන කාර්ය සඳහා එක්ව නව රජයට සහයෝය දැක්විය යුතු බවයි.
දේශපාලන පක්ෂ භේද නොසලකා දුක් විඳින අයට යහපත ඉටුකරන්නට වෘත්තියවේදීන්ගේ දැනුම ද නොඅඩුව ලබාදීමට කැපවෙන ලෙසද ඔහු ඉල්ලා සිටියි. නව ආණ්ඩුවට වෘත්තීයවේදීන් රැසක් මන්ත්‍රීවරුන් ලෙස පත්වීම පිළිබඳවද සතුටු වන බවත් රජය දෙනු ලැබු පොරොන්දු හා ඉටු කරනු ලබන සියලු කාර්යයන් විමර්ශනාත්මකව අවධානයට ලක්කරන බවද එම සංවිධානය පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි (නි)
මහඡන මුදලින් ඉගෙනගත් දැනුමෙන් බුද්ධියෙන් රටට සේවයක් කරන්ඩ උගතුන්ට බුද්ධිමතුන්ට අවස්ථාවක් ලබා දිම ඉතා වැදගත්. ජනතාවගේ මුදලින් ඔවුන් ලත් අධ්‍යාපනයට නැවත ජනතාවට සේවයක් කර ආත්ම තෘප්තියක් ලැබිමටත් හැකි වන්නේ එවිටයි. නැතිනම් ඔවුන් ඡනතාවට ණය ගැතියන්වී මෙලොවටත් එලොවටත් කිසිම සේවයක් නොකළ අයකු ලෙසයි මිය යාමට සිදු වන්නේ. (බ)
හැදෙන ගහ දෙපැත්තෙන් පෙනේ. ඔහොම යමු (නි)
පක්ෂ බේද අමතකකර හොඳ ප්‍රතිපත්ති හා රට සංවර්ධනය කිරීමේ අගමැතිගේ හා ජනාධිපතිතුමාගේ ඒකාබද්ධ වැඩපිළිවෙළට සියලු දෙනා සහය දියයුතුය. (නි)
ලංකාවේ බොහොමයක් උගත් පළපුරුදු නිලධාරීන් පසුගිය යුද්ධ කාලෙත්, ඉන්පසුව තිබුණු අවිචාරවත් පාලන සමයේත් තමන්ගේ සහ තම දරුවන්ගේ අභිවෘද්ධියත් ආරක්ෂාවත් පතා විදේශගත වුණා. ඉන් බොහොම දෙනෙක් දැනටමත් එම රටවල අධි තාක්ෂණික පුහුණුවක් සහ පළපුරුද්දක් ලබා ඒ රටවල් වලම පුරවැසිකම් ලබා ජීවත්වෙනවා. පසුගිය සමයේ පවුල්වාදීන්ට මේ විදේශගත වූ උගතුන් බුද්ධිමතුන් සහ ව්‍යාපාරිකයින් පෙනුනේ සතුරන් පිරිසක් විදියටයි. ඒ පිරිස සතු දැනුම සහිත පිරිසක් රට තුළ බිහිකිරීමට කාලයක් ගතවෙනවා. ඒ නිසා කඩිනම් සංවර්ධනයකට විදේශිකයින්ගේ සේවය ගැන සිත බැලීමට පෙර එම විදෙස්ගතවූ පුරවැසි කොටස් වල සහය ලබන්නේ නම් එය වඩාත් ඉක්මන් සහ ලාභදායක විකල්පයක්. ඉන් සමහර පිරිස් මවුබිම තුළ යෝජනා ඇරඹීමට සිතා සිටිනවා විය හැකියි. ඒ නිසා මෙම විදේශගතවූ ලාංකිකයින්ට රටේ සංවර්ධනයට හවුල්වීමට හැකි ක්‍රමවේදයක් ක්ෂණිකව ඇතිකිරීම ඉතාම වැදගත්. ඔවුන්ද තම මවුබිමෙට තම ණය ගෙවාදැමීමට දැන් කාලය එළඹ තිබෙනවා. (නි)
අපි කැමතියි. ක්‍රමවේදයක් සකස් කරන්න. (ම)
උගතුන් හා බුද්ධිමතුන්ට සවන්දෙන රජයක් බිහිවීම සතුටක්. (නි)
දැන්වත් පක්ෂ භේද අමතක කර හරි දේ කරන්න හරි දේට එක්වෙන්න. (ම)
එහෙම වෙන්න දෙන්න බැහැ.අප්පච්චි අගමැති වෙනතුරු අපේ සටන දිගටම... (නි)
දැන් අණ්ඩුවේ වගකිම නියම කැබිනට් මණ්ඩලක් පත්කර ගැනීමයි. එහිදී අදාළ විෂය පිළිබඳ අවබෝධයක් ඇති අය කැබිනට්ටුවට පත් කිරිම අනිවාර්යෙන් සිදු කළ යුතුය.(ම)
ඔව් සුනිල්, දැන්වත් පක්ෂ බේදය මෙරටින් තුරන් කරන්න වැඩපිළිවෙලක් සකස් කළයුතුයි (නි)