IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නව මහා නා හිමි ඒකච්ඡන්දයෙන්

හුරීකඩුව විද්‍යාසාගර පරිවේනාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක නාපාන පෙමසිරි නාහිමියෝ (90)  මින් මද වේලාවකට කලින් ශ්‍රීලංකා රාමඤ්ඤ නිකායේ නව මහා නාහිමි ලෙස ඒකච්ඡන්දයෙන් පත් කරගනු ලැබූහ. පෙමසිරි නාහිමියෝ රාමඤ්ඤ නිකායේ දහතුන් වැනි මහා නාහිමියෝය. නව නාහිමියෝ 1998 සිට අධිකරණ සංඝනායක ධුරය හොබවති. රාමඤ්ඤ මහා නිකායේ සංඝ කරක සභාවට  120 නමක් ඇතුළු වෙති. මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යලයයේ අද පැවති රැස්වීමට 76 නමක් වැඩම කර සිටියහ. පෙමසිරි හිමියන් නව නායක පදවියට පත් කළ යුතුයැයි මඩිතියවෙළ මේධංකර අනුනාහිමියෝ යෝජනා කළහ. ගිරාඹේ ආනන්ද අනුනාහිමියෝ යෝජනාව ස්ථිර කළහ. වෙනත් යෝජනා නොවුයෙන් පෙමසිරි හිමියන් නව මහා නායක හිමියන් ලෙස ඒකමතිකව පත් වූ බව ලේඛකාධිකාරි මාතලේ ධම්මකුසල නාහිමියෝ ප්‍රකාශයට පත් කළහ. මහනාහිමියෝ 1923 ජනවාරි 20 වැනිදා මහනුවර උඩ ගම්පහ කෝරලයේ නාපානේ දී  උපත ලැබුයේ  ඇත්තේ ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර ටිකිරි බන්ඩාර නමිනි. ඒකනායක මුදියන්සේලාගේ මහ කුඹුරේ ගෙදර කිරිබණ්ඩාර නිලමේතුමා හා නියංගොඩ හිටි බන්ඩාර මුදියන්සේලාගේ බණ්ඩාර මැනිකේ මහත්මිය උන්වහන්සේගේ මව්පියෝය. පවුලේ සහෝදර සහොරියෝ හත් දෙනෙකි. පරම විඥානාර්ථ සමිතිය වලල ගම්මානයේ පවත්වාගෙන ගිය පාසලෙන් හා අමුණුගම ගුන්නෑපාන විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබු ටිකිරි බණ්ඩා 1933 ජූලි මස අටවැනිදා හුරීකඩුව මහා මහේන්ද්‍ර පුස්තකාලයේදී නාපාන පෙමසිරි නමින් පැවිදී බවට පත්ව ඇත්තේ තෙලිපැහැ සීරි සීලවංශ අනුනාහිමියන්ගේ 42 වැනි ගෝල හිමිනම වශයෙනි. 1935  සිට වැල්ලවත්ත ධර්මෝදය මහ පිරිවෙනේ අධ්‍යාපනය ලැබූ පෙමසිරි සාමනේර හිමියෝ 1943 අගෝස්තු  හය වැනිදා කටුගස්තොට පිගාඔය උධකුක්ඛේප සීමාමාලකයේ දී උපසම්පදාව ලදහ. 1945 සිට නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙනේදී අධ්‍යාපනය හැදෑරූ පෙමසිරි හිමියන්  විනය විශාරද උපාධිය ලදහ. 1954 දී රාජකීය පණ්ඩිත උපාධිය ලැබූ පෙමසිරි හිමියෝ 1967 ඇරඹුණු  හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙනේ ප‍්‍රථම පරිවේනාධිපති ධූරයටද පත්වූ අතර 1975 දී එම පිරිවෙන් විහාරාධිපති පදවියට ද පත් කරනු ලැබූහ. 1980 දී මහනුවර සංඝ සභාවේ සභාපති පදවියටද 1986 දී ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනුවර ප‍්‍රාදේශීය සංඝ සභාවේ ලේඛකාධිකාරි පදවියටද,1987 දී නිකායේ සඤ්ඤා ලේඛකාධිකාරි ධූරයටද , පත්ව ඇති පෙමසිරි නාහිමියෝ 1998 ජූනි 27 වැනිදා අධීකරණ සංඝ නායක පදවියෙන් පිදුම් ලදහ. සදසිරි දුනුවිල සදගිරිලෙන් විහාරය, කුණ්ඩසාලේ වරාපිටිය බෝධිරුක්ඛාරාමය, පල්ලෙකැලේ සීලවංශ බෞද්ධ මධ්‍යස්ථානය, හාමින්දාගොඩ සිරි සුමනාරාමය, රජවැල්ල ශී‍්‍ර පූර්වාරාමය සහ රජවැල්ල අළුත්වත්ත මිහිදු ධර්මපීඨ විහාරයේ අධිපතිත්වය හොඹවන ඒ හිමියනට 2008 දී මියන්මාර රජයෙන් ”අග්ගමහා පණ්ඩිත ”ගෞරව උපාධීය පිරිනැමීය.



අදහස් (0)

නව මහා නා හිමි ඒකච්ඡන්දයෙන්

සජී ලංකා Monday, 03 September 2012 03:04 PM

ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.

:       0       0

අනුර Tuesday, 04 September 2012 08:05 AM

ඔබ වහන්සේට දීර්ඝායු වේවා ...ඔබ වහන්සේට අප සැමගේම සුභ පැතුම්...(ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 04 September 2012 08:34 AM

වයසට යද්දි අපේ වටිනාකම අඩු වෙනවා ..හාමුදුරුවන්ලගේ වටිනාකම වැඩි වෙනවා...(ස)

:       0       0

දුමින්ද Tuesday, 04 September 2012 08:59 AM

උදාර සේවයක් කරන්න ,වැඩකට නැති අය පන්නන්න උදව් කරන්න..(ස)

:       0       0

කේන් Monday, 03 September 2012 04:18 PM

ඔබ වහන්සේට තුණුරුවන්ගේම සරණයි. ! (ස)

:       0       0

සුදත් Monday, 03 September 2012 04:35 PM

සාදු ! සාදු ! බුදු සසුන බැබලේවා . (ස)

:       0       0

කුමාර Monday, 03 September 2012 05:35 PM

මගේ ගෞරවණීය නමස්කාරය අපේ හිමියන්ට පුදකර සිටිමි..(ස)

:       0       0

හේමන්ත Monday, 03 September 2012 11:52 AM

සාදු! සාදු! සාදු! නව නායක මාහිමිපාණන් වහන්සේට දිඝායු වේවා. තරග ඇති නොකර කටයුතු කලාවූ රාමඤ්ඤ මහා නිකායේ සංඝ කරක සභාවට සාසන ගෞරවය හිමිවේවා. අපවත්වූ මහනායක හිමියන්ට නිවන්සුව අත්වේවා. (ස)

:       0       0

චමින්ද Monday, 03 September 2012 06:27 PM

උදාර සේවයක් කිරීමට ඔබවහන්සේට ශක්තිය ලැබේවා! තෙරුවන් සරණයි ඔබවහන්සේට. (නි)

:       0       0

චමින්ද Monday, 03 September 2012 06:28 PM

ඔබ වහන්සේට දීර්ඝායු පතමි‍‍‍.....(ස)

:       0       0

සමිත Saturday, 08 September 2012 04:12 PM

ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. නිදුකින් නීරෝගීව බුදුසසුන වෙනුවෙන් එඩිතරව කටයුතු කිරීමට තෙරුවන් සරණින් සුපින් මහිම ලැබේවා (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Monday, 03 September 2012 12:42 PM

මුනි සමිදු පිට දුන්න බෝ සදු පුදා පිං දෙනව රැක ගන්න බුදුසුන අරා....(ස)

:       0       0

දේවිකා Saturday, 08 September 2012 04:07 PM

ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ! සම්බුදු සරණින් චිරාත් කාලයක් සසුනට සේවය කිරීමට වාසනාව උදාවේවා !(ස)

:       0       0

බන්ඩාර Saturday, 08 September 2012 04:15 PM

නාපාන පෙමසිරි මහානායක හිමියන්ට දීර්ඝායු ලැබී සසුනඹර ඒකාලෝක කිරීමට පුණ්‍ය මහිමය ලැබේවා(ස)

:       0       0

ප්‍රියන්ත Monday, 03 September 2012 08:19 PM

චිරාත්කාලයක් ආගමික හා ශාසනික සේවාව කරගෙනයන්නට ශක්තිය ධෛර්යය සහ දීර්ඝායුෂ ලැබේවා..!! සම්මා සම්බුදු සරණයි..!!(නු)

:       0       0

දයා, සෞදි Monday, 03 September 2012 01:13 PM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

සේනානායක Monday, 03 September 2012 08:37 PM

සම්බුද්ධ සාසනයේ අමිල මෙහෙයක් කිරීමට ඔබ වහන්‍සේ‍ට දීර්ඝායු ලැබේවා....(ස)

:       0       0

ලක්ෂ්මන් Monday, 03 September 2012 01:15 PM

උදාර සේවයක් කිරීමට ශක්තිය ලැබේවා .දිඝාසිරි පතමි..(ස)

:       0       0

බුද්ධික Monday, 03 September 2012 01:25 PM

මෙම මහා නාහිමිට බුදුසසුන වෙනුවෙන් චිරාත් කාලයක් සේවය කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

සුභාෂිණි Monday, 03 September 2012 01:25 PM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

හයිටී Monday, 03 September 2012 01:45 PM

ඔබ වහන්සේට තෙරුවන් සරණයි (ස)

:       0       0

අමිල කටුනායක Monday, 03 September 2012 11:01 PM

සුභ පතනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site