(බිඟුන් මේනක ගමගේ)
අලුතින් බුද්ධි බළකායක් පිහිටුවීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ අවධානය යොමුව ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාතික ආරක්ෂාවට උදා වී ඇති අභියෝගවලට සාර්ථකව මුහුණදීමටත් ජාතික ආර්ථිකයේ සුරක්ෂිතතාවත් අරමුණු කරගනිමින් අතිනවීන තාක්ෂණික උපක්‍රම භාවිත කරමින් මෙම බළකාය පිහිටුවීමට සාකච්ඡා කෙරෙන බව කියැවේ.
මේජර් ලයනල් බලගල්ල මහතාගේ මූලිකත්වයෙන් යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශය කුඩා ඒකකයක් හැටියට 1980 දී ආරම්භ කළ අතර 1989 දී බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයක් පිහිටුවීය.
එවකට ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ඉල්ලීම අනුව 1990 දී පළමු බුද්ධි බළකාය පිහිටුවනු ලැබුවේ සේනාධිනායක හැටියට හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා විසිනි.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඝාතනයට ලක් වූ පළමු සාමාජිකයා හැටියට සැලකෙන ශංකර් නමැත්තා 1982 නොවැම්බර් 24 වැනි දින ඝාතනයට කරනු ලැබුවේ ද යුද හමුදා බුද්ධි අංශය විසිනි.
2009 දී යුද්ධය අවසන් වනවිට බුද්ධි බළකා තුනක් පිහිටුවා තිබූ අතර ඉන්පසුව 2015 වනවිට එවකට පැවැති රජය විසින් බුද්ධි බළකා හතක් දක්වා වර්ධනය කළේය.ඒ අනුව යෝජිත බුද්ධි බළකාය පිහිටුවනු ලැබුවහොත් එය අට වැනි බුද්ධි බළකාය වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට උපදෙස් ගන්න හොඳම ගොයියෝ දෙන්නා තමයි සූත්තර පුංචා සහ කුරුඳු පොලු මුදලාලියි. සූත්තර පුංචා මිලේනියම් සිටි එකෙන් පටන්ගත්තේ. කුරුඳු පොලු ගොයියා එක්සත් ජාතින්ටම අපේ හමුදාව ගැන චරිත සහතිකයක් දුන්නා. මේ දෙන්නා මූලික කරගෙනම වැඩේ පටන්ගමු.
හොඳට තිබුන අටුව කඩලා පුටුව හදන්න යනවා.
ඕනවට වඩා රහස් විස්තර පිටට කියන්න එපා-සතුරා එයින් වාසි ගනීවි
මේව කියව කියව කරන දේවල්ද?
බුද්ධි අංශ නවීකරණය කරන්නට ගත් පියවර ඉතාම අගය කල යුතුය. එහෙත් ප්රශ්නය වන්නේ බුද්ධි අංශ 7 ක් තිබියදී සැපයූ තොරතුරු නොසලකා හැරුණු තත්වයක් යටතේදී බුද්ධි අංශ 8 ක් ඇති වුනා කියා වැරදි තැන නිවැරදි වෙයිද යන්නය. වැටත් නියරත් ගොයමි කා නමි කාට පවසම් ඒ අමාරුව යනුවෙන් කතාවක් අප අසා ඇත. එබැවින් මේ සමගම වැට සහ නියර සම්බන්ධයෙන්ද යමක් කල යුතුව ඇත. එසේ නොකලොත් බුද්ධි අංශ 8 ක් නොව 80 ක් තිබුනත් වැඩක් වන්නේ නම් නැත.
අනේ ඒ මොකද? අර විදේශීය සහයෝගයෙන් ගෝලීය ත්‍රස්තවාදය අවසන් කරන්නේ නැතිද?
සී 4 හා අධිබලැති පුපුරන ද්‍රව්‍ය අහුවෙන සෙන්සරයක් හෝ වෙනත් උපකරණයක් නිපදවා එය ඩ්රෝනයන්ට සවිකර එමගින් ඒවා අහුරා තිබෙන හා ප්‍රවාහනය ස්ථානයන් බුද්ධි අංශ පාලක මැදිරි වලට සටහන් වන තාක්ෂණික ක්‍රමවේදයක් සෙවීම කාලෝචිතය. අභ්‍යවකාශ යානයක් සැලසුම් කර කක්ෂගත කරන්න දායක වුනු අපේ ලාංකික දරුවන් දෙදෙනාට මෙය කල හැකියැයි මගේ විස්වාසය.
බුද්ධි බලකායෙන් හොයාගන්න දේවල් වලට ක්‍රියාත්මක වෙන්නේ කවුරුද? ජනාධිපති අගමැතිට කියන්නේ නැතිව ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් හොදයි නැත්තනම් වැඩක් නැහැ
ඉතාම හොද තීරණයක් මේ සදහා දේශපාලන හාල්පරුවන්ගේ නිර්දේශ නොගෙන ආරක්ෂා අංශයේ ප්‍රවීන් හා අත්දැකීම් ඇති ඉහල නිලධාරීන්ගේ දැනුම ලබා ගන්න
එවැනි දෙයක් කලයුතුමය. වයස් සීමාවකින් තොරව තෝරාගන්නා නියෝජිතයන් රටේ ආර්ථික මර්මස්ථාන වන වරාය, ගුවන්තොට,රේගුව වැනි විවිධ ආයතන, අමාත්යන්ස (විශේෂයෙන් දේශීය ආදායම්,) ආර්ථික මද්‍යස්ථාන, ආදී එකී මෙකී නොකී සියලු ක්ෂේත්‍ර ආවරණය වනපරිදි පිරිසිදුකරන්නාගේ සිට රියදුරු, ලිපිකරු , පරිපාලන , ආදී සියලුම මට්ටමේ සේවකයන් අතර ගැවසෙන, හික්මීමෙන් ඉවසීමෙන් කටයුතුකලහැකි උගත් විශ්වාසවන්ත පිරිසක් වියයුතුය. ඔවුන්ගෙන් ලබාගන්නා තොරතුරු සසදා බැලීමෙන් පසු නිවැරදිනම් අදාළ පියවර ගැනීමට කටයුතුකරන පුද්ගල හෝ ආයතන වෙත දැන්විය හැක. ත්රස්තවාදයට, අන්තවාදයට, නීතිවිරෝදී ක්‍රියාවන්ට උදව් උපකාරකරන බොහෝ පුද්ගලයන් සහ ඔවුන් රකින පුද්ගලයන්ගේ නිවැරදි තොරතුරු සාක්ෂි සහිතව ලබාගත හැක. එකම ආයතනයේ සිටින දෙතුන්දෙනෙක් මගින් එකම තොරතුර එකමලෙස ලැබේනම් එය නිවැරදිබව සොයාගැනීම පහසුය. පොදු ජන සමාජය අතරත් ඔව්න් ස්ථානගත කිරීමෙන් වඩාත් පලදාය් ලෙස තොරතුරු ලබාගතහැක . දේශපාලකයන්, දුෂිත නිලධාරීන් ඔවුන්ගේ හොරමගඩි අසුවන නිසා මේ සදහා විරෝදත්වය දක්වනවා ඇත. නමුත් රටේ අනාගතය, ආරක්ෂාව සහ දියුණුව වෙනුවෙන් විශාල කාර්යභාරයක් මෙමගින් කලහැක.
ගරු හමුදා නිලධාරි වරුණි , කිසිම දේශ පාලන උවමනාවක් මත කිසිම අයෙක්ට අනාගතයේ බුද්ධි අංශ නිළධාරීන් පාවාදීමට , ප්‍රශ්න කිරීමට , අත් අඩංගුවට ගැනීමට නොහැකි වන සේ නීති රාමුව සකසා ගන්න.
..ඇයි ඉතින් මෛත්‍රී උතුමාණෝ ට ඕක නොතෙරුනේ මිනිස්සු සිය ගණනක් මැරෙන තුරු.
බුද්ධි බළකා හතක් දැනටමත් තිබේ නම් අට වෙනි එකෙන් මොනවද කරන්න යන්නේ? මේකෙන් කියන්නේ තිබෙන හතෙන් වැඩක් නැහැ කියලද?
ඔය කීවට හැමෝගෙම ටාර්කට් තියනවා සපුරා ගන්න අපි කියන විදිහට හෝ රටට ගැලපෙන විදිහට වැඩ කරන්න ගියොත් ඒවා සේරම අවුල් වෙනවා එක ටිකක් තේරුම් ගන්න උත්සහ කරන්න ජන ජීවිත ගැන හිතන්න ගියොත් කොහොමද ටාර්කට් කවර් කර ගන්නේ
සිදුවිය යුත්තේ තවත් එක් බුද්ධි බලකායක් පිහිටුවිමට වඩා දැනට පවත්නා බුද්ධි බලකා එකිනෙකට සම්බන්ධ කොට මධ්‍යගත මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවිමයි. මේ තුළින් ඔවුන් අතර අවහිර රහිත තොරතුරු ප්‍රවේශයක් සඳහා රාමුවක් ඇති විය යුතුයි කියා සිතනවා.