ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 අන්තර්ජාතික තරග සදහා නව නිපන්දු නීතියක් හදුන්වාදීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව පියවර ගෙන තිබේ. ඒ අනුව පන්දුව යවමින් සිටියදී පන්දු යවන්නාගේ අන්තයේ කඩුල්ල පන්දු යවන්නා විසින් බිදළනු ලැබුව හොත් එම පන්දුව නිපන්දුවක් ලෙස විනිසුරුවරයා විසින් සංඥා කෙරෙනු ඇත.
මෙම නීතිය මේ මස (අපේ‍්‍රල්) 30 වැනිදා සිට කි‍්‍රයාත්මක වේ. මෙම නීතියට යටත් වන පළමු තරගය වන්නේ මැයි මස 3 වන දා බුලවායෝහිදී සිම්බාබ්වේ සහ බංග්ලාදේශ් අතර පැවැත්වෙන තරගයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ පන්දු යවන්නා පන්දුව තම අතින් නිදහස් කරන මොහොතේදී , එනම් අත කරකවන අවස්ථාවේදී පන්දුව තිබෙන අත කඩුල්ලේ දවටුනහොත් එය නිපන්දුවක් ලෙස සැලකේ .(නදී)
රාවන බලකාය අනුමත කරාද දන්නේ නැහැ.(නදී)
අනිල් ද සිල්වා ඔය මොලේ අමාරුවට බෙහෙත් ටිකක් බොන්න.(නදී)
පකිස්ථාන් අය ගොඩක් වෙලාවට මේ වැඩේ කරනවා .(නදී)
මෝඩ නීතියක්. පන්දු යවන්නාගේ අන්තයේ පිතිකරු තණතිල්ල මැදට ආවත් දවා ගන්න බෑ. අනාදිමත් කාලයක සිට පැවතෙන ක්‍රිකට් නීති හදල තියෙන්නේ මෝඩයෝ නොවේ.(නදී)
එතකොට පන්දු යවන්නාගේ අන්තයේ සිටින පිතිකරුවාව දුවද්දී දැවී යාමකට හසු කරගන්න බැරිද, අනතුරු ඇඟවීමකින් පසුවවත්? (ස)
ඒක හොද දෙයක් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය ,තවත් ඉදිරියට යාවි .පන්දු යවන්නාගේ අන්තයේ සිටින පිතිකරුගේ විනයානුකුල බවත් ,ඔහු රැක ගත යුතුයි. (ස)
ඔක්කොම තේරුම් අරන් තියෙන්නේ වැරදියට. නිපන්දුවක් වුනත් දුවද්දී දැවී යාමකට හසු විය හැකියි. මෙහි කියන්නේ පන්දු යවමින් සිටියදී යවන්නාගේ අතේ වැදී කඩුල්ල කැඩුනොත් සිදුවන දෙයයි. පන්දු යවන අන්තයේ ඉන්න පිතිකරුවා දුවද්දී දැවී යාමකට හසු කරගන්නවා කියන්නේ, කොහොමත් පන්දුව යවල නෑනේ. ඒක ගණන් ගන්නේ ඩෙඩ් බෝල් හැටියටයි. නමුත් පිතිකරු තම සීමාව ඉක්මවා සිටියේනම් ඔහු දැවී ගිය ලෙස විනිසුරු තීන්දු කරනවා. (නදී)
එතකොට එම අන්තයේ ඉන්න පිතිකරුවා සීමාව පැන්නොත් පන්දු යවන්නාට කඩුල්ල බිදින්න බැරිද? ඒක මෝඩ නීතියක්නේ.(නදී)
ෂෝන් පොලොක් ගොඩක් වෙලාවට මේ වැඩේ කරනවා (ස)
මෙම නව නීතිය බොහෝ දුරට බලපාන්නේ එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ‘ස්ටේවෙන් ෆින්න්‘ ටයි. (ස)
මෝඩ නීතියක්. පහර නොදෙන පිතිකරු පන්දුව යැවීමට පෙර ඉදිරියට ගියොත් කරන දේ ගැන කිසිම සඳහනක් නැහැ.(නදී)