පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා නව ජනාධිපති ලෙස ද, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැති ලෙස ද අද දිවුරුම් දීමට නියමිතය.
වික්‍රමසිංහ මහතා අගමැති පදවියේ දිවුරුම් දීමත් සමඟ මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැති දිමු ජයරත්න ඇතුළු ඇමැති මණ්ඩලය ඉබේම අහෝසි වෙයි.
සිරිසේන මහතා සිය ඇමැති මණ්ඩලය ද අද පත්කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනාගේ එක්වීමෙන් කැපකිරීමෙන් ලබාගත් ජයග්‍රහණය භුක්ති විඳීමට නම්, යථාර්ථයක් වීමට නම්, සියලු පක්ෂ නායකයින්ගේ එකමුතුකම මතුවටත් රැකගෙන එකාවන්ව වැඩකර යහපාලනයක් උදාකිරීමට ඔබ සැමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය දළදා සමිඳු පිහිටෙන් සිරිමා බෝ සමිඳු අනුහසින් නොඅඩුවම ලැබේවා ! (නි)
සුබ අනාගතයක්! මෛත්‍රී පාලනයක්. යහපත්රටක්. (නි)
අපේ රටේ නව ජනාධිපතිට සහ නව අගමැතිට අපගේ උත්තමාචාරය.(හේ)
සතුට පිරුණු අලුත් රටක් (නදී)
සුබ පැතුම්. එක එක අයගේ පදේට නටන්නේ නැති කොන්ද කෙලින් තියෙන නායකයෙක් විදිහට මේ රට නොබෙදා පාලනය කරන්න. මගේ එකම ඉල්ලීම. (නදී)
සාමකාමිව සහ විමසිල්ලෙන් කලයුතුයි ජයවේවා (නදී)
සියලු දේ හොඳින් සිදුවේවි. මීළඟට රනිල් මහතා වටේ සිටි ජනතා ප්‍රසාදයක් නැති පිරිස ඇමති පුටු වල වාඩි වෙනවා. ආසන මට්ටමින් ඡන්දයකින් රනිල් මහතා පරදිනවා මෛත්‍රී පාලනය එතැන් සිට කුඩු එතනොල් නොමැතිව සරත් ෆොන්සේකා , ශිරාණි බණ්ඩාරනායකල විසින් කරගෙන යනු ඇත. දැනට ශ්‍රීලංකා කාරයන් නියෝජනය කරන වංචා , මත් කුඩු මත්පැන් ව්‍යාපාර නොකළ මන්ත්‍රීන්ට නැවත පාලනයට එකතුවෙන්න වෙනවා ජනතා මනාපය සිංහල ජනතාවගේ තවමත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයට නිසා ආසන මට්ටමින් ඡන්ද ප්‍රතිපල බලන්න (නදී)
ඔබ වෙත අපි තැබූ විශ්වාසය රැක ගෙන මව් බිමට යහපතක්ම ඉටු කරන්න. (නදී)
පොදු අපේක්ෂක තුමා, අභිනව අගමැති තුමා ඇතුළු පොදු විපක්ෂයට සහ සියලුම ශ්‍රී ලාංකික මහජනතාවට උණුසුම් සුභපැතුම්.! ජනතාවට දුන් පොරොන්දු සියල්ල ඉටු කිරීමට ශක්තිය, දිරිය ලැබේවා! ඒසඳහා උනන්දුව ඇතිවේවා! දුෂණයෙන් භීෂණයෙන් ඥාති සංග්‍රහයෙන් තොර මානව හිමිකම් අධිකරණ නිදහස සහ මාධ්‍ය නිදහස සුරකින දියුණුවෙන් දියුනුවටම සංවර්ධනයෙන් සංවර්ධනයටම යන නව ශ්‍රී ලංකා මාතාවක් බිහිකිරීම නව රජයේ යුතුකමය. එය ඉටුකරන්නේද යනවග මහජනතාව වන අපි ඉවසිල්ලෙන් බල සිටිමු . අවශ්‍ය හැම සහයෝගයක්ම ලබා දෙමු. සැමට තෙරුවන් සරණයි! (ර)
සැවොම එක්වී හොඳ දෙයක් කරනවා නම් හොඳයි (නදී)
සුභ පැතුම් (නදී)
මගේ සුභපැතුම්. නීතිගරුක යහපත් රටක් උදා වේවා. අධික මිල නිසා හරි හැටි ආහාර වේලක් ගන්ට බැරුව ඉන්න පොදු ජනතාවට සෙතක් වේවායි ප්‍රර්ථනා කරමි. (නදී)
ගූඩ් ලක් (නදී)
මෛත්‍රී මෛත්‍රී මෛත් මෛත්‍රී මෛත්‍රී මෛත්‍රී.(නදී)
රටට යහපතක් ඇමති මණ්ඩලේ 25 ට බහිනවා පොරොන්දු වුන විදියට.(හේ)
ගුත්තිල කාව්‍යය අලුතින් ලිවීමට කාලය එළඹ ඇත. (හේ)
රටට හොඳ අනාගතයක් තියෙනවා. (හේ)
හොඳ අදහසක් (නදී)
මට මොනවත් ඕනේ නැහැ, මට ඕනේ ශීලාචාර ආණ්ඩුවක්. මෛත්‍රීට එය කරන්න ශක්තිය ලැබේවා. (නදී)
සුබ පතමි.! (ර)
යහ පාලනයක් වෙනුවෙන් පෙළගැහෙමු. මෛත්‍රී පාලනයක් අරඹමු. (ර)
ගරු කටයුතු ජනපති/අගමැති තුමනි, සැනසිලි තෑගි ලෙස ඇමතිලා බුරුතු පත් නොකරන ලෙස ඉල්ලා සිටිමි. රටේ නීතිය ශක්තිමත් කරන්න පළමුවෙන්ම, එය විය යුත්තක්. ජය වේවා...! (ර)
ඇමති මණ්ඩලයට හොරු දුෂිතයන් පත් කරන්න එපා. (ර)
ජයෙන් ජය. සියලු ශ්‍රී ලංකා වාසින්ට. (ර)
ඔබට සුභ පැතුම් (නදී)
කැපකිරීමෙන් ලබාගත් ජයග්‍රහණය යථාර්ථයක් වීමට නම්, සියලු පක්ෂ නායකයින්ගේ එකමුතුව වැඩකර යහපාලනයක් උදාකිරීම ඔබ සැමට බාරයි. අපි අපේ යුතුකම ඉටු කළෙමු දළදා සමිඳු පිහිටයි. සිරිමා බෝ සමිඳු අනුහස නොඅඩුවම ලැබේවා (නදී)
පත් වීමට නියමිත නව ජනදිපති තුමාට කියන්න දෙයක් තියෙනවා. දැන් ඉතින් අලුතෙන් ඇමති කට්ටුව එහෙම පත් කරන්න එපැයි. හොදට හිතල බලල තැනට සුදුසු අයවලුන්ව පමණක් පත්කරගත්තොත් ඔබතුමාගෙ ගමන තවත් ශක්තිමත් වෙයි. උසස් අධ්‍යාපනය වගේ තැන් වලට හොද අැහුම්කන්දීමේ ශක්තියක් තියෙන උගත් බුද්ධිමත් නිර්මාණශිලී අදහස් තිබෙන මහත්මයෙක් පත්කරගත්තොත් සෙතක් වෙයි. මතක අැතුව රටේ ඒකීයභාවය රැකෙන විදියට වැඩ කරන්න. (නදී)
ජනාධිපතිතුමනි , දිවුරුම් දුන්නට පසු ජෙනරාල් සරත් ෆොන්සේකාගේ සියලුම දේ යථා තත්වයට පත්කරන්න (නදී)
හැම දෙයක්ම හොදින් සිදුවේවා! (නදී)
අනේ අපේ විමලෙටත් මොනවා හරි දෙන්න (නදී)
පක්ෂ, පාට, ආගම් අමතක කර සහෝදරත්වයෙන් යුතු ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස එකා වන්ව ලෝකය ඉදිරියේ නැගී සිටීමට වැඩ කරමු. සහනාධාර මත යැපීම නවතමු. හොරකම, දූෂණය පිටු දකිමු. හිතට එකඟව ජීවත් වෙමු. (හේ)
25 ට වැඩිවෙන්නේ නැහැ නේද ? (බ)
ඔබ දෙපලට අපේ සුභපැතුම්.(හේ)
දුප්පත් ජනතාව වෙනුවෙන් මේ පාරවත් හොද වැඩ කොටසක් ඉටු කරන්න.(හේ)
සැමට නීතිය යුක්තිය ඉෂ්ඨ වෙන සාධාරණ රටක් හදමු.(හේ)
ඉක්මනින්ම හොරු මංකොල්ල කාරයෝ මිනීමරුවෝ ටික අල්ලලා ඉන්න. නැතිනම් ආයෙත් මිනිසුන් රැවටෙනවා (නදී)
ඇමති මණ්ඩලය 30 නේද?(හේ)
පොරොන්දු වූ සියල්ල ලබා දෙන්න.(හේ)
යහපාලනයකට ජයවේවා.(හේ)
දේශපාලන බේදයකින් තොරව ඔබ අප ශ්‍රි ලංකාවේ ජනාධිපති, ඔබටත් ඒ සදහා කැපකළ සැමදෙනටත් අපගේ උපහාරය ; (හේ)
රට වෙනුවෙන් යහපත් සේවාවක් කරන්න.(හේ)
සුබ පැතුම්! (නි)
සුබම සුබ නව අනාගතයක්
අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාණන්ට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහම මැතිතුමාණන්ට නිරන්තරයෙන්ම අල්ලාහ්ගේ පිහිට ලැබේවා !(හේ)
මෛත්‍රී පාලනයට.සුබ අනාගතයක් වේවා...(හේ)
හිටපු ජනාදිපති කෑවේ වටේ ඉන්න එවුන්. (අ)
අපේ රටට ඔබෙන් යහපතක්ම වේවා . යහපත් පාලනයක් රටට ලැබේවා. (අ)
යහ පාලනයක් තුලින් පිවිතුරු හෙටක් නිර්මාණය කිරීමට කැප වීමෙන් වැඩ කිරීමට නව ජනධිපති, අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි. සුබ ගමන්. (හේ)
යහපත් පාලනයට උරදෙමු. ජයවේවා! (නි)
අමතක කරන්න එපා දුෂිතයන්ට දඬුවම් දෙන්න. (ර)
අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාණන්ට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහම මැතිතුමාණන්ට නිරන්තරයෙන්ම අල්ලාහ්ගේ පිහිට ලැබේවා ! (ර)
සුබපැතුම් !(හේ)
සුබ අනාගතයක්! මෛත්‍රී පාලනයක්. (හේ)
මේ ලබාගත් ජයග්‍රහණයන් වලින් පෙනෙන්නේ රටේ ජනතාව මොන තරම් පීඩාවකින් පෙලී සිටියද කියලයි. මේ සිදුවීම ආදර්ශයට ගෙන නව ආණ්ඩුව නිතිය හරියට ක්‍රියාත්මක වෙන රටක් හැටියටත් කුඩු , සහ අනෙකුත් මත්ද්‍රව්‍ය,ගණිකා මඩම් වලින් තොර යහපත් රටක් ගොඩනගන්නට නව රජය කැපවෙයි කියා බලාපොරොත්තු වෙනවා.(හේ)
දෙදෙනාටම අපගේ සුභ පැතුම්.(හේ)
සුබ අනාගතයක්! මෛත්‍රී පාලනයක්. යහපත් රටක්.(හේ)
සියලු පක්ෂ වල නායකයන්ට සුදුසු තනතුරු දෙන්න. සරත් ෆොන්සේකාගේ අහිමි කල වරප්‍රසාද දෙන්න. (ර)
සැමට අවස්ථාව දෙන්න. (ර)