(ඩයනා උදයංගනී)
නව කැබිනට් මණ්ඩලය ඉදිරි දින දෙක තුළදී එනම් 14 වැනි දා ට පෙර දිවුරුම් දෙන බව සම කැබිනට් ප‍්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
මෙහිදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් නොව නව කැබිනට් මණ්ඩලයක් ලෙස සියලූ දෙනා දිවුරුම් දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
සියලූ ඇමැතිවරුන්ගේ තනතුරු මෙහිදී වෙනස් නොවුණත් පැවරී ඇති විෂයන් ගැළපෙන ආකාරයෙන් විද්‍යාත්මක බෙදීමක් සිදුවනු ඇතැයි කී අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිහිපදෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්වන බව ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවත්, එම පක්‍ෂය ගන්නා තීන්දුව අනුව ඇමැති ධූර ලබාදෙන බවත් කියා සිටියේය.
විශ්වාසභංගයේ දී අගමැතිවරයාට විරුද්ධව ඡන්දය භාවිතා කළ අය ආණ්ඩුවේ නොසිටිය යුතුය යන්න එක්සත් ජාතික පෙරමුණේ අදහස වී ඇතැයි කී රාජිත සේනාරත්න මහතා එම 16 දෙනා අතර සිටින කැබිනට් ඇමැතිවරුන් 6 දෙනා ඉවත් වුවහොත් ඔවුන්ගේ විෂයන් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප නියෝජිතයන්ට ලබාදීමට සිදුවනු ඇතැයි ද කීවේය.
කෙසේ වෙතත් ජාතික ආණ්ඩුව අඛණ්ඩව ඉදිරියට යන බැවින් ඇමැතිවරුන් සංඛ්‍යාවේ වෙනසක් සිදුනොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇමැති රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය සහ සාමය ඇමැතිකම සරත් ෆොන්සේකා මහතාට දෙන්න. එය ජනතාවගේ පැතුමයි.!
නීතිය සහ සාමය ඇමැතිකම සරත් ෆොන්සේකා මහතාට...
මේ හාදයා මොකක්ද දන්නේ නැහැ ගන්න බලාගෙන ඉන්නේ? මොන දේ ගත්තත් අපගේ දුප්පත් බදු මුදල් වලින් යහමින් "පිනටම කන්න බොන්න " පුළුවන් නිසා සහ සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් නිසා මොන පට්ටම ලැබුනත් ප්‍රශ්නයක් නැහැ නොවැ...
එකම හොරු ටික මාරුවෙනවා.
රජ්ජුරුවන්ට මාර ආදරේ මෝඩ සෙනවියෙක් හිටියලු. දවසක් රැජින දුර ගමනක් යනකොට මේ පුද්ගලයාට කියලා ගියාලු රජතුමාට මැස්සෙක්වත් වහන්න දෙන්න එපා මම එනකම්... එයාව පරිස්සමින් බලාගන්න කියලා. ඉතින් මෙයා රජ්ජුරුවන් පිටිපස්සට වෙලා රජ්ජුරුවෝ පරිස්සම් කරගෙන හිටියලු. ඔහොම ඉන්නකොට රජ්ජුරුවන්ගේ ඔලුවේ මැස්සෙක් වැහුවලු. අර සෙනවියා කඩුව අරන් කෙටුවලු මැස්සා දෙකට කැඩිලා යන්න කියලා. රජ්ජුරුවන්ගේත් හිස දෙපලුවෙලා මැරුණාලු. රනිල් මේ කතාව දන්නවා ඇති...
රට හදන්න මිසක එක එක්කෙනාට පලිගන්න පරාජිත දේශපාලකයින්ට තනතුරු දෙන්න අවශ්‍ය නැහැ.
අපි කවුරුත් දන්න විදියට, දැකලා තියන විදියට බල්ලා විසින් තම වලිගය වනනවා. එ්ත් දැන් දැන් වලිගේ විසින්ද බල්ලා වනනු ලබන අවස්ථා තිබෙනවා. මේ හැම දේශපාලන, අාර්ථික අර්බුදයකටම හේතුව එ්කයි. ඔහොම යනකොට කජ්ජ ගහේ තියෙද්දි පූලමත් බිමට වැටෙන්න ගනීවි.
බල තණ්හාව, ක්‍රෝධය මේ හැමදේම ඇති ඉන්න ආණ්ඩුවක් කිව්වොත් ඉතින් රටට දෙයියන්ගේම පිහිටයි.
අවුරුද්දට කලින් සමස්ත ජනතාවගේම දැවෙන ප්‍රශ්නය විසඳා රටටම අවුරුදු කන්න අවස්ථාව උදාකරන්න වගේ හදන්නේ. ඇඹිලිපිටියේ ගොවියෝ තමන්ගේ කෙසෙල් ටික විකුණගන්න බැරිව හඩා වැලපෙනවා. රටේ හැමතැනම ජීවත්වීම පිළිබඳව ප්‍රශ්න.
පුළුන් ගස් වලින් කැබිනට් හැදුවම නිතරම සංශෝධන. හරි හමන් ලීයකින් හැදුවනම් ඔහොම වෙන්නේ නෑනේ...
එහාට මෙහාට කරන්නේ එකම ටික නේද? ඒගොල්ලන්ගේ වැඩටික නම් කරගනී. රටේ ජනතාවට වෙන සෙතක් නම් නැත.
ගියපාර කැබිනට් එක බෙදීම හරිම දියාරු වගෙයි පෙනුනේ. මේ පාර ඒ ගතිය නැතිවෙයි කියලා හිතනවා. නීතිය හා සාමය විතරක් නෙමෙයි ජාතික ආරක්ෂාවත් දිය යුත්තේ සරත් ෆොන්සේකාට. කොන්ද පන ඇතුව වැඩක් කරන්න පුළුවන් මිනිහෙකුටයි ඒක දිය යුත්තේ. අනිවාර්යෙන්ම හොරු අල්ලන්න ඕනේ. එක කල හැක්කේ සරත් ෆොන්සේකාට බවයයි මිනිස්සු විස්වාස කරන්නේ.
සමහරක් දරන මතයක් නම් නීතිය සහ සාමය ඇමැතිකම සරත් ෆොන්සේකා මහතාට දුන් විට සියලු හොරුන් ඇලවෙන බවයි. ඔය කව්රු නීතිය සහ සාමය ඇමති වුනත්, ඔහුට නටන්නට වන්නේ අගමැතිගේ සහ ජනාධිපතිගේ බෙර පදයට පමණක් වන අතර, අවසානයේදී කිසිම හොරෙක් අල්ලන්නේ නැත. හොරකමින් තොර දේශපාලනයක් ඇතිවීමට නම්, පිරිසිදු අගමැතිවරයෙක් සහ ජනාධිපතිවරයෙක් බිහිවිය යුතුයි. ලංකාවේ එවැනි දෙයක් සිදුවෙයි කියා සිතිය නොහැක.
කැබිනට් ඇමතිකම් දෙන්න මෙච්චර ලේසිද? අද 11 හෙට 12 අනිද්දා අවුරුද්ද. පැය 24 න් ඕනෑම කෙනෙක්ව කැබිනට් ඇමති කෙනෙක් කරන්න පුළුවන් කියන්නේ ලංකාවේ තියෙන ලේසිම ජොබ් එක මේක වෙන්න ඕන,
කැබිනට් එකට කව්රු පත්කළත් ජනතාවට නම් සෙතක් වෙන්නේ නැහැ. පත්වෙන කෙනාට නම් සැපයි. නමුත් පක්ෂ තුල හා ඔවුන්ගේ නොනැවතී හටගන්නා මේ අර්බුධ හැමදාම පවතින ක්‍රමය අවසන් කර ජනතා ප්‍රශ්න වෙත යොමුවිය යුතුයි. අපිටනම් ඡන්දයක් අවසන් වූ පසු නැවත ඡන්ද ගැන ඇසෙන්නේ නිසිකලට ඊළඟ ඡන්දය පැමිණි විටයි.. ඒ අතරතුර රටේ යහපත වෙනුවෙනුයි පක්ෂ විපක්ෂ කටයුතු කරන්නේ.. ඒකට ලංකාවේ ඇසෙන්නේ හැමදාම ඡන්ද ඡන්ද ඡන්ද අපිට ඡන්දයක් දෙනු ...