(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

සමගි ජන බලවේගයේ නලින් බණ්ඩාර සහ සභානායක බිමල් රත්නායක යන මහත්වරුන් අතර උණුසුම් සංවාදයක් පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ ඇතිවිය.

කෝප් කමිටුවේ සභාපතිවරයා  අද නොරොච්චෝලේ බලාගාරය පරීක්ෂා කිරීමට ගොස් ඇති බවත්  කෝප් සභාපති ඉන්නේ ඩෝබි වැඩ කිරීමට නොවන බවත්  නලින් බණ්ඩාර ජයමහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

සභානායක බිමල් රත්නායක මහතා:

කට තිබුණු පලියට වාචාල කතා කියන්න එපා. පාර්ලිමේන්තු කමිටුවල සභාපතිවරුන් වගකීමෙන් වැඩ කරනවා. විමර්ශන කටයුතු කරන්න සොයා බැලීම් කරන්න ඒ අයට අයිතියක් තියෙනවා. ඒ අය වරදක් කළොත් ඒවායේ අය මත පැටවේවි. එහෙම නැතුව බොරුවට චෝදනා කරන්න එපා.

( නලින් බණ්ඩාර මහතා කතා කිරීමට උත්සාහ දරයි)

( ඔහුට මයික්‍රොපෝනය නොලැබේ)