IMG-LOGO

නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානයේ නිකරුණේ රඳවාගෙනැයි උපවාසයක

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

පසුගිය දෙැසැම්බර් මස 2 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමික පිරිසක් නිකරැනේ නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානයේ රදවාගෙන සිටීමට ගන්නා උත්සාහයට  විරෝධය පළකරමින් එම පිරිසේ 12 දෙනෙක් ඊයේ (29) රාත්‍රියේ සිට නිහාරව උපාවාසයක යෙදී සිටිති.

දෙසැම්බර් 2 වැනිදා කටුනායකට පැමිනි 276 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂනයකට ලක් කර නිල්වාලා නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුලත් කර ඇත. එහිදී තිදෙනෙකු ආසාදිතයන් බව හෙළි වී ඇත. දින 14 ගතවීමෙන් පසු පැවති පරීක්ෂණයේදී තවත් එක් අයෙකු ආසාධිත බව හෙලිවීමෙන් පසු තවත් දින 14 ක් පිරිස නිරෝදායනයට ලක් කළ බව එම පිරිසේ සාමාජිකයෙක් පැවසීය.

ඒ වනවිට සියලු දෙනා එකම පහසුකම් භාවිතා කළ බවත් අනතුරුව පිරිස වෙන් වෙන් කාමරවල රැදී සිටිමින් වැසිකිලි පහසුකම් ආදිය බෙදාගෙන භාවිතා කළ බවත් මෙම පිරිස පවසති.

අනතුරුව පෙර්දා 28 යලි පී. සී.ආර් පරීක්ෂණයක් කර ඇති අතර එක් කාමරයක සිටි 6දෙනා අතරින් එක් අයකු ආසාධිතයකු බව එහිදී හෙළි වී ඇත. මේ තත්ත්වය මත වෙනත් කාමරවල රැදී සිටි පිරිසද තවත් දින 14 ක් නිරෝදායනයට ලක් කරන බවට කළ ප්‍රකාශයකට විරෝධය පල කරමින් 12 දෙනකු මෙසේ උපවාසයක යෙදීමට තීරණය කළ බව එහි ප්‍රකාශකයෙක් කීය.

ආසාදිතයා හමුවූ කාමරයේ සෙසු පස්දෙනා තවදුරටත් නිරෝධායනය කිරීම සාධාරණ වුවත් මේ වනවිට දින 30ක් ගත කර ඇතැයිද තමන්ව මෙසේ හිරිහැරයට ලක් කිරීම මහත් ගැටලුවක් බවද ඔවුහු පවසති. මෙම මධ්‍යස්ථානයේ හමුදා නිලධාරීන් තමන්ගේ ආහාර පාන පහසුකම් නිසි පරිදි ලබාදූන් බවද ඔවුහු සදහන් කළහ. එමෙන්ම පෙර වතාවන්හිදී ආසාධිතවූවන් පවා මේවනවිට සුවවී නිවෙස් බලා ගොස් ඇති පසුබිමක තෙවතාවක් පරීක්ෂණවලදී ආසාදිත බව හෙළි නොවූ තමන් මෙසේ තවදුරටත් රදවාගෙන සිටීම කණගාටුවට කරුණක් බවද ඔවුහු කියති.

මේ සම්බන්ධව නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානයෙන් කළ විමසීමේදී එහි හමුදා සාමාජිකයකු පැවුසවේ උසස් නිලධාරීන්ගේ අවසරයක් නැතිව කිසිත් ප්‍රකාශ කළ නොහැකි බවයි.



අදහස් (3)

නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානයේ නිකරුණේ රඳවාගෙනැයි උපවාසයක

Anton Austria Wednesday, 30 December 2020 05:06 AM

ඔයාලා වගේ අය නිසා තවත් මිනිස්සුන්ට එන්න වෙන්නේ නෑ. ඔහොම කරන්නේ ඔබට සහ ඔබේ පවුලේ හොඳට... ඔබ ගෙදර ගියවිට ආසාදනය වෙලා තිබ්බොත් අසරණ ළමයි දුක්විඳින්නේ... එ්කවත් තේරෙන්නැති රටවිරු කියලා කියන්න පුලුවන්ද?

:       0       0

A.m.samarasinghe Wednesday, 30 December 2020 06:16 AM

අහිංසක මිනිස්සුන්ට හිරිහැරයක්... හෝටල්වල නිරෝධායනය ප්‍රමෝට් කිරීමක්...

:       0       0

udaya Wednesday, 30 December 2020 07:01 AM

ඉතාම හොඳ වැඩක්... දැන්වත් බලධාරීන්ගේ ඇස් ඇරුණොත් හොඳයි. මේ වගේ දේවල්, මීට කලින් ඕනෑතරම් වෙලා තියෙනවා. මේක තමයි මාධ්‍යයට ගිහිපු ප්‍රථම වතාව. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිකුත් කරපු මාර්ගෝපදේශ අනුව එක කාමරයක උපරිම දෙදෙනෙකුට තමයි ඉන්න පුළුවන්. එම කාමරයටම වෙන්වූ සනීපාරක්ෂක පහසුකම් තියෙන්න ඕනෑ.. ඔය කියන දේවල් රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වල නැහැ... ඔය නොකියා කියන්නේ හෝටල් වලටම යන්න කියලා තමයි. එතකොට තමයි ජාවාරම ජයටම කරන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site