IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


නිලවරණයට කිසිම බලපෑමක් නෑ

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය කිසිඳු බලපෑමකින් තොරව ස්වාධීනව පැවැත්වූ බවට තමන් වගකීමෙන් ප‍්‍රකාශ කරන බව නිලවරණය මෙහෙය වු ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය ක‍්‍රීඩා විද්‍යායතනයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවාය. මෙම නිලවරණයේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් එක පාර්ශයක් ඡුන්දයෙන් ඉවත් වීම පිළිබඳව ජයකොඩි මහත්මිය මෙසේ පැවසුවාය. ‘‘මම එහිදී කටයුතු කලේ ක‍්‍රීඩා පනතට අනුවයි, ක‍්‍රීඩා පනත පාර්ලිමේන්තුවෙන් සම්මත වෙච්ච පනතක් නිසා එම පනත ඔය හැම එකකටම වඩා උසස්, මෙම ඡුන්ද විමසීමට නියෝජිතයන් 135 දෙනකු පැමිණ සිටියා, අපි එහිදී එක තනතුරකට පමණක් ඡුන්ද විමසුමක් සිදු කළා’’ යැයි ද ඇය පැවසුවාය. කළුතර දිස්ත‍්‍රික් ක‍්‍රිකට් සංගමයේ ලේකම්වරයාට අධිකරණය වෙතින් වාරණයක් පනවා තිබියදී, එම නිලධාරියා ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් ද වැලකී සිටි තත්ත්වයක ඔහු විනිසුරු කමිටුවට පත්වීම පිළිබඳව ද මෙහිදී මාධ්‍යවේදීහූ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරියගෙන් ප‍්‍රශ්න කළහ. එහිදී ඇය පැවසුවේ එවැනි වාරණයක් පනවා ඇති බවට තමන්ට දැනුම්දී නොමැති බවත් ඒ මහතා බදුරලිය ක‍්‍රීඩා සමාජය නියෝජනය කරමින් නිතරගයෙන් තේරීපත් වී ඇති බවත්, මේ සම්බන්‍ධයෙන් කිසියම් විරෝධතාවක් ඉදිරිපත් කළහොත් ඒ ගැන පරීක්‍ෂණයක් පැවැත්විය හැකි බවයි.



අදහස් (0)

නිලවරණයට කිසිම බලපෑමක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 660 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site